1
00:00:39,057 --> 00:00:51,057
SinhalaSub18.com උපසිරැසි ගැන්විමක්
2
00:01:21,081 --> 00:01:22,116
සභාව නිශ්ශබ්ද වෙන්න!
3
00:01:26,854 --> 00:01:27,955
ඔව්! ඒත් මොන වන්දියක් ගෙවලද?
4
00:01:28,055 --> 00:01:29,790
මම ඒක ප්‍රතික්ෂේප කරනවා...
5
00:01:29,890 --> 00:01:31,459
මම ඊට වඩා කැමතියි
රජෙකුට යටත් වෙන්න.
6
00:01:31,559 --> 00:01:32,793
ඔය වගේ ඉරණමකට
මුහුණ දෙනවට වඩා.
7
00:01:33,361 --> 00:01:35,863
මාටින් මහත්තයා, ඔයාට
මේ න්‍යාය පිළිගන්න බැහැ,
8
00:01:35,963 --> 00:01:39,066
මේ යටත් විජිත බ්‍රිතාන්‍යයෙන්
නිදහස ලබනකොට,
9
00:01:39,167 --> 00:01:41,502
ඒගොල්ලෝ එකිනෙකාගෙනුත්
නිදහස් වුණා කියලා.
10
00:01:41,602 --> 00:01:43,971
ඒ වගේම මේ රට
නිදහස ප්‍රකාශ කරද්දී,
11
00:01:44,071 --> 00:01:47,208
අපි ඒක කළේ තනි තනිව නෙවෙයි,
එක්සත්ව!
12
00:01:47,308 --> 00:01:50,178
මම එකඟයි.
13
00:01:50,278 --> 00:01:51,679
ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා
14
00:01:51,779 --> 00:01:53,147
කුඩා ප්‍රාන්තවල
අවශ්‍යතා සපුරන්න,
15
00:01:53,247 --> 00:01:54,448
ඒගොල්ලන්ට සහතික වීමෙන්
16
00:01:54,548 --> 00:01:55,949
මේ සංගමය ඇතුළේ
ඒගොල්ලෝ වඩාත් ආරක්ෂිතයි කියලා,
17
00:01:56,049 --> 00:01:57,618
එයින් වෙන් වෙලා ඉන්නවට වඩා.
18
00:01:57,718 --> 00:01:59,019
එහෙම හිතන්න පුළුවන්ද,
19
00:01:59,119 --> 00:02:01,522
හැමිල්ටන් මහත්තයා,
ඇමරිකාවේ මිනිස්සු,
20
00:02:01,622 --> 00:02:03,624
තමන්ගේ අවශ්‍යතා ගැන
ඔච්චර සැලකිලිමත් වෙන,
21
00:02:03,724 --> 00:02:05,659
තමන්ගේ නිදහස ගැන
ඔච්චර ආත්මාර්ථකාමී වෙන,
22
00:02:05,759 --> 00:02:08,896
තමන්ගේ කඩුවයි පර්ස් එකයි
දෙකම පාවලා දෙයි කියලා
23
00:02:08,996 --> 00:02:10,898
එකම ආණ්ඩුවකට?
24
00:02:11,499 --> 00:02:12,833
ඒගොල්ලෝ කීයටවත් එහෙම කරන්නේ නෑ.
25
00:02:12,933 --> 00:02:14,702
එහෙම කරන්න ඕනෙත් නෑ.
26
00:02:14,802 --> 00:02:16,870
ඒ කියන්නේ මේසන් යන්නේ
අරාජිකත්වයකට.
27
00:02:16,970 --> 00:02:19,507
තමුසෙගෙ ෆෙඩරල් ඒකාධිපතිත්වයට වඩා
ඒක හොඳයි හැමිල්ටන්.
28
00:02:19,607 --> 00:02:21,008
අන්න හරි. අන්න හරි.
29
00:02:21,108 --> 00:02:22,042
සභාව නිශ්ශබ්ද වෙන්න.
30
00:02:22,610 --> 00:02:24,077
මේ රටේ පැවැත්ම තමයි
31
00:02:24,178 --> 00:02:25,813
- අපේ ප්‍රධානම අවධානය වෙන්න ඕනේ.
- ඔව්!
32
00:02:25,913 --> 00:02:27,848
ඔව්.
33
00:02:27,948 --> 00:02:29,617
බ්‍රිතාන්‍යයන්
ආයෙත් පහර දුන්නොත්,
34
00:02:29,717 --> 00:02:32,220
මම මතක් කරන්නම්,
ඒගොල්ලන්ට සන්නද්ධ බලකොටු හයක් තියෙනවා
35
00:02:32,320 --> 00:02:34,054
අපිට බටහිරින් සහ උතුරින්,
36
00:02:34,154 --> 00:02:36,524
අපිට බලයක් නෑ සටන් කරන්න
හමුදාවක් හදන්න.
37
00:02:36,624 --> 00:02:38,025
අපි එහෙම කළත්,
38
00:02:38,125 --> 00:02:40,528
සෙබළුන්ට පඩි ගෙවන්න
අපි ගාව සල්ලි නෑ.
39
00:02:40,628 --> 00:02:43,397
කොංග්‍රසයෙන් නිකුත් කරපු
කඩදාසි සල්ලි,
40
00:02:43,497 --> 00:02:47,000
ඩොක්ටර් ෆ්‍රෑන්ක්ලින් සහ
අනෙක් අය අච්චු ගහපු,
41
00:02:47,100 --> 00:02:48,902
ඇත්තටම කිසිම වටිනාකමක් නෑ.
42
00:02:49,002 --> 00:02:52,039
ඒකෙන් කරන්න පුළුවන් හොඳම දේ
වැසිකිළියෙදි තමයි.
43
00:02:54,942 --> 00:02:56,944
ඇයි මේ සම්මේලනයේ
ප්‍රධානියා
44
00:02:57,044 --> 00:02:58,979
ඔච්චර කට වහගෙන ඉන්නේ?
45
00:03:01,482 --> 00:03:02,550
හ්ම්?
46
00:03:02,650 --> 00:03:04,285
ආ, ඔව්. ඉතින්...
47
00:03:05,553 --> 00:03:07,621
මම විශ්වාස කරනවා,
හැමිල්ටන් මහත්තයා...
48
00:03:08,556 --> 00:03:10,190
ගොඩක් කතා කරන කෙනාට
49
00:03:11,359 --> 00:03:12,693
ගොඩක් වැරදීම් වෙනවා කියලා.
50
00:03:18,899 --> 00:03:20,434
සභාව නිශ්ශබ්ද වෙන්න.
51
00:03:22,570 --> 00:03:23,937
සභාව නිශ්ශබ්ද වෙන්න.
52
00:03:40,421 --> 00:03:42,790
බෙන්ජමින්, මම එනකල් ඉන්න!
53
00:03:53,233 --> 00:03:55,235
බෙන්ජමින්, මම එනකල් ඉන්න!
54
00:04:01,275 --> 00:04:03,344
තාත්තාට තරහ යයි.
55
00:04:03,444 --> 00:04:05,012
තාත්තා දැනගන්න ඕනේ නෑ.
56
00:04:06,380 --> 00:04:07,615
ඒ නිසා එයාට කියන්න එපා.
57
00:04:09,517 --> 00:04:10,951
ස්තූතියි, මගේ පුංචි යාළුවා.
58
00:04:44,618 --> 00:04:45,719
ආයෙත් පරක්කුයි.
59
00:04:48,121 --> 00:04:49,490
ආයෙත් තෙමිලා.
60
00:04:49,590 --> 00:04:51,625
සමාවෙන්න, තාත්තේ.
61
00:04:51,725 --> 00:04:55,729
ඉතින්, ඔයා වැව හරහා
ගියාද?
62
00:04:55,829 --> 00:04:57,297
කවුද ඔයාට කිව්වේ?
63
00:04:57,398 --> 00:05:02,503
එක පුංචි ඉටිපන්දමකින්
දාහක් එළිය කරනවා.
64
00:05:03,270 --> 00:05:05,272
ජෙනී!
65
00:05:10,110 --> 00:05:12,012
මට තේරෙනවා ඉටිපන්දම් හදන එක
66
00:05:12,112 --> 00:05:15,182
ඔයාගේ හිතට
අල්ලන්නේ නෑ කියලා බෙන්ජමින්,
67
00:05:15,282 --> 00:05:18,819
ඒත් ඒකෙන් අඳුරු ගෙවල්වලට
එළියක් ලැබෙනවා
68
00:05:18,919 --> 00:05:21,154
වගේම සීතල හිත්වලට
උණුසුමක් ලැබෙනවා.
69
00:05:32,666 --> 00:05:37,405
5, 10, 15,
70
00:05:37,505 --> 00:05:40,874
16, 17 ඉටිපන්දම්,
71
00:05:40,974 --> 00:05:43,176
මගේ හැම ළමයෙකුටම එක ගානේ.
72
00:05:44,277 --> 00:05:46,680
ඔයා මගේ දහවෙනි පුතා.
73
00:05:46,780 --> 00:05:49,016
ඔයා දන්නවද ඇයි
ඒකෙන් ඔයාව විශේෂ වෙන්නේ කියලා?
74
00:05:51,452 --> 00:05:52,786
ඔයා තමයි මගේ දසයෙන් පංගුව,
75
00:05:53,587 --> 00:05:56,924
ඔයාගේ සහෝදර සහෝදරියන්ගෙන්
වෙන් කරපු
76
00:05:57,024 --> 00:05:58,892
දෙවියන් වහන්සේට දෙන පූජාවක් විදිහට.
77
00:06:00,127 --> 00:06:02,530
ඒ නිසයි මම සෑහෙන්න අමාරුවේ වැටුණේ
78
00:06:02,630 --> 00:06:04,965
- ඔයාව ඒ ඉස්කෝලෙට යවලා.
- මම ඒකට වෛර කළා.
79
00:06:05,065 --> 00:06:07,034
ඒත් ඔයා පන්තියේ
පළමුවෙනියා වුණා.
80
00:06:07,134 --> 00:06:10,538
දෙවියන්ගේ ආශිර්වාදය ඔයාට තියෙනවා,
ඒ වගේම...
81
00:06:10,638 --> 00:06:12,573
මම විශ්වාස කරනවා උන්වහන්සේ
ඔයාට කතා කළා කියලා,
82
00:06:12,673 --> 00:06:15,409
බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්,
දේශකයෙක් වෙන්න.
83
00:06:15,509 --> 00:06:17,478
මට දේශකයෙක් වෙන්න ඕනේ නෑ තාත්තේ.
84
00:06:17,578 --> 00:06:20,581
- දේශකයෝ හරි කම්මැලියි.
- දේශකයෝ කම්මැලි නෑ.
85
00:06:20,681 --> 00:06:24,151
එහෙනම් ඇයි ඔයා හැම ඉරිදාම
රැස්වීමේදී නිදාගන්නේ?
86
00:06:24,251 --> 00:06:26,720
ඒගොල්ලෝ කිසිම සාක්ෂියක් නැතුව
නිගමන දෙනවා.
87
00:06:26,820 --> 00:06:27,821
සාක්ෂි නැතුව?
88
00:06:27,921 --> 00:06:28,922
ඒගොල්ලෝ මෝඩයෝ.
89
00:06:29,022 --> 00:06:29,990
බෙන්ජමින්!
90
00:06:34,094 --> 00:06:36,430
මට ඕනේ නෑ මේ පල්ලි වේදිකාවක්
පිටිපස්සේ හිර වෙලා ඉන්න
91
00:06:36,530 --> 00:06:38,331
අනිත් අය ලියපු දේවල්
කියව කියව.
92
00:06:42,235 --> 00:06:43,236
මම දන්නවා.
93
00:06:44,838 --> 00:06:48,442
ඔයාට ඕනේ
ඒවා ලියන කෙනා වෙන්න.
94
00:06:48,542 --> 00:06:49,443
ඔව්.
95
00:06:52,245 --> 00:06:55,348
ඔයාගේ අයියා ජේම්ස්
අද උදේ මාව හම්බවෙන්න ආවා.
96
00:06:56,584 --> 00:06:59,753
එයා කිව්වා එයාගේ අච්චු කන්තෝරුවේ
ඔයාගේ උදව් ඕනේ කියලා.
97
00:07:01,054 --> 00:07:02,490
එයා එහෙම කිව්වද?
98
00:07:02,590 --> 00:07:03,624
මට ඔයාව පාළු වෙයි.
99
00:07:07,394 --> 00:07:09,062
ඒත් මගේ ආශිර්වාදය ඔයාට තියෙනවා.
100
00:07:11,632 --> 00:07:14,367
මම හොඳ දේවල් කරනවා තාත්තේ.
ලොකු දේවල්.
101
00:07:15,569 --> 00:07:17,738
මම දන්නවා ඔයා කරයි කියලා පුතේ.
102
00:07:18,939 --> 00:07:22,943
ඒත් ඔයා කරන ඒ හැම හොඳ දෙයක්
අතරේම,
103
00:07:24,778 --> 00:07:28,916
ඔයාගේ විශ්වාසය
නැති කරගන්න එපා.
104
00:07:33,787 --> 00:07:36,624
ආ, ඒ වගේම ඔයා තාමත්
මගේ දසයෙන් පංගුව.
105
00:07:36,724 --> 00:07:39,092
දෙවියන්ට දෙන මගේ පූජාව.
106
00:07:40,961 --> 00:07:41,962
ඒක වෙනස් කරන්න බෑ.
107
00:08:08,989 --> 00:08:10,157
සභාව නිශ්ශබ්ද වෙන්න.
108
00:08:11,525 --> 00:08:12,693
සභාව නිශ්ශබ්ද වෙන්න.
109
00:08:12,793 --> 00:08:14,862
- මට අවසර නම්.
- සභාව පිළිගන්නවා
110
00:08:14,962 --> 00:08:18,899
ජේම්ස් මැඩිසන් මහත්තයාව
අද දවසේ අවසාන අදහස් දැක්වීමට.
111
00:08:18,999 --> 00:08:21,434
කලින් ප්‍රකාශ කරපු අදහස්
මම අනුමත කරනවා,
112
00:08:21,535 --> 00:08:23,737
අපි ඉක්මනින්
ස්ථාවරත්වයක් ඇති කරගත්තේ නැත්නම්
113
00:08:23,837 --> 00:08:25,172
මේ සම්මේලනය ඇතුළේ,
114
00:08:25,272 --> 00:08:27,274
අපේ හැම උත්සාහයක්ම
අපකීර්තියට පත් වෙයි,
115
00:08:28,041 --> 00:08:32,179
ඒ වගේම අපි මෙච්චර අමාරුවෙන්
ලබාගත්ත නිදහස
116
00:08:32,279 --> 00:08:37,818
අපිටත් අපේ අනාගත පරපුරටත්
සදහටම නැති වෙලා යයි.
117
00:08:38,686 --> 00:08:41,421
මම පරණ ආණ්ඩු ගැන
හොඳටම හොයලා බැලුවා,
118
00:08:41,521 --> 00:08:45,358
ඒ වගේම මට පේනවා
අපි දැන් මේ හදන සැලැස්මෙන්
119
00:08:45,458 --> 00:08:47,260
සදහටම තීරණය වෙයි කියලා
120
00:08:47,360 --> 00:08:49,763
මුළු මනුෂ්‍ය වර්ගයාගේම
ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවල ඉරණම.
121
00:08:49,863 --> 00:08:51,264
අන්න හරි. අන්න හරි.
122
00:08:51,364 --> 00:08:55,535
මහත්වරුනි, මේ සම්මේලනය
අසාර්ථක වෙන්න බෑ.
123
00:08:59,006 --> 00:09:01,975
අපි ගොඩක් දේවල්වලට
එකඟ වුණේ නැති වුණත්,
124
00:09:02,075 --> 00:09:04,077
මම හිතනවා අපිට අඩුම තරමේ
ඒකටවත් එකඟ වෙන්න පුළුවන් කියලා.
125
00:09:04,177 --> 00:09:05,779
අන්න හරි. අන්න හරි.
126
00:09:05,879 --> 00:09:07,648
මම යෝජනා කරනවා සභාව කල් තියන්න.
127
00:09:07,748 --> 00:09:08,749
ස්ථිර කරනවා.
128
00:09:09,583 --> 00:09:10,684
සභාව කල් තැබුවා.
129
00:09:19,893 --> 00:09:23,563
ජෙනරාල්, මට පොඩි
දැනගන්න ආසාවක් තියෙනවා.
130
00:09:24,932 --> 00:09:27,134
ඔයාගේ පුටුව මුදුනේ තියෙන
ඔය ඉර,
131
00:09:28,335 --> 00:09:31,371
ඒක පායන ඉරක්ද නැත්නම්
බහින ඉරක්ද?
132
00:09:41,081 --> 00:09:42,650
මගේ මාමා පේටන්
මූලිකත්වය අරන් කරපු
133
00:09:42,750 --> 00:09:45,819
පළවෙනි මහාද්වීපික කොංග්‍රසයේදී,
134
00:09:45,919 --> 00:09:48,421
එයා කතා කියන්න පුරුදු වෙලා හිටියා
ඒගොල්ලෝ එකතු වෙලා යාච්ඤා කරපු හැටි
135
00:09:48,521 --> 00:09:49,723
සභාවක් විදිහට.
136
00:09:53,226 --> 00:09:54,628
ඒත් ඒක වෙනස්ම කාලයක්.
137
00:10:31,999 --> 00:10:34,668
හේයි, හේයි,
ඔහේගේ සල්ලි මෙහේට හරියන්නේ නෑ.
138
00:10:34,768 --> 00:10:37,570
මට පාන් ගන්න බෑ. මේක හදනවා.
139
00:11:29,056 --> 00:11:30,590
සීයේ.
140
00:11:30,690 --> 00:11:33,827
ඔයාලගේ කාරුණික සේවයට ස්තූතියි,
මහත්වරුනි.
141
00:11:35,528 --> 00:11:37,898
මම ඔයාලට කිව්වද
මේ තරුණයා කවුද කියලා?
142
00:11:38,665 --> 00:11:42,202
මේ තමයි බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් බාෂේ,
පුංචි අකුණු සන්නායකයා.
143
00:11:42,302 --> 00:11:43,636
- ජූනියර්.
- ආ.
144
00:11:43,737 --> 00:11:45,939
පුංචි අකුණු සන්නායකයා.
145
00:11:46,039 --> 00:11:47,240
දැන් එන්න, තාත්තේ.
146
00:11:48,141 --> 00:11:49,910
ඔයාට බෙනී ගැන ආඩම්බර වෙන්න පුළුවන්.
147
00:11:50,010 --> 00:11:52,112
එයා දවසෙම වැඩ නැවැත්තුවේ නෑ,
කන්නවත්.
148
00:11:52,212 --> 00:11:54,047
ණය වෙලා නැගිටිනවට වඩා...
149
00:11:54,147 --> 00:11:55,983
රෑට නොකා නිදාගන්න එක හොඳයි.
150
00:11:56,083 --> 00:11:58,551
කෑම නැත්නම් ගෙයක්
ගෙයක් වෙන්නේ නෑ කියලා
151
00:11:58,651 --> 00:11:59,987
කියන මනුස්සයමයි මේ කියන්නේ.
152
00:12:01,421 --> 00:12:02,522
එන්න, එලයිසා.
153
00:12:04,157 --> 00:12:06,593
මම හිතුවා ගෙදර යන්න කලින්
ඔයා මගේ වැඩ ටික බලයි කියලා.
154
00:12:07,594 --> 00:12:08,528
බෙනී,
155
00:12:10,397 --> 00:12:12,032
අච්චු කන්තෝරුව තමයි මගේ ගෙදර.
156
00:12:21,441 --> 00:12:25,245
ඔයා සති පහකින් අපි කරපු වැඩවලට වඩා
ගොඩක් දේවල්
157
00:12:25,345 --> 00:12:26,746
එක සතියකින් කරලා තියෙනවා.
158
00:12:29,416 --> 00:12:30,750
තවත් සාර්ථක දවසක්ද?
159
00:12:30,851 --> 00:12:34,154
ආ, ගහක් මනින්නේ
ඒකේ ගෙඩිවලින් නම්,
160
00:12:34,254 --> 00:12:38,491
මේ සම්මේලනය කටු පඳුරක්,
ඒක මගේ සන්ධි රෝගෙටත් වඩා වේදනාකාරියි.
161
00:12:43,730 --> 00:12:46,800
ඔයාගේ මැෂින් එකයි අකුරු ටිකයි
අද උදේ ආවා.
162
00:12:46,900 --> 00:12:49,269
ඕ.
163
00:12:52,272 --> 00:12:53,206
ඉතින්...
164
00:12:54,274 --> 00:12:59,046
මම හිතන්නේ මට ඒවයින් කියන්න පුළුවන්
හැම කතාවක්ම මම කියලා ඉවරයි.
165
00:12:59,146 --> 00:13:00,680
ඒවා ඔයාගේ.
166
00:13:00,780 --> 00:13:02,682
ඔයා දැනටමත් මට ගොඩක් දේවල් දීලා තියෙනවා.
167
00:13:02,782 --> 00:13:05,018
ඔයා මට අච්චු කන්තෝරුවක් හදලා දුන්නා
168
00:13:05,118 --> 00:13:06,954
ඔයාගේ ගෙදර ඉස්සරහා.
169
00:13:07,054 --> 00:13:10,157
මට ඕනේ වුණා අනවශ්‍ය අමුත්තන්ගෙන් බේරෙන්න
පළවෙනි ආරක්ෂක වළල්ලක්.
170
00:13:11,124 --> 00:13:14,194
අමුත්තොත් හරියට මාළු වගේ,
දවස් කිහිපයකින් ගඳ ගහන්න ගන්නවා.
171
00:13:32,946 --> 00:13:34,948
මේ සම්මේලනය
කොච්චර කල් තියෙයිද?
172
00:13:37,450 --> 00:13:39,552
ගෘහ නිර්මාණ ශිල්පීන් 13 දෙනෙකුට
කඩා වැටෙන්නේ නැති ගොඩනැගිල්ලක්
173
00:13:39,652 --> 00:13:41,788
හදන්න යන කාලය
කොච්චරද, අන්න ඒ තරම් කාලයක්.
174
00:13:43,290 --> 00:13:44,925
රෝඩ් අයිලන්ඩ්,
175
00:13:45,025 --> 00:13:48,495
මම මින්පස්සේ හැමදාම
ඒගොල්ලන්ට කියන්නේ හොර දූපත කියලා,
176
00:13:48,595 --> 00:13:50,363
ඒගොල්ලෝ ඇවිල්ලත් නෑ,
177
00:13:51,431 --> 00:13:54,001
ඒත් මම හිතනවා නොඑන්න
ඒගොල්ලන්ට නිදහස තියෙනවා කියලා.
178
00:13:54,101 --> 00:13:57,537
හැමෝටම තමන්ට ඕනේ දේ කරන්න
නිදහස තියෙනවා වගේ පේන්නේ.
179
00:14:00,173 --> 00:14:02,242
එක කාලෙක අපිව එකතු කරපු වචනයක්
180
00:14:02,342 --> 00:14:04,211
දැන් අපිව වෙන් කරන්න පාවිච්චි කරනවා.
181
00:14:05,312 --> 00:14:06,779
ඒක අසාර්ථක වුණොත් මොකද වෙන්නේ?
182
00:14:12,852 --> 00:14:14,554
එහෙනම් අපි ඒගොල්ලන්ව අසාර්ථක කරලා.
183
00:14:27,867 --> 00:14:29,236
තවත් කුණාටුවක් එනවා.
184
00:14:30,437 --> 00:14:32,305
බොස්ටන් මහා ගින්නෙන් පස්සේ,
185
00:14:32,405 --> 00:14:35,408
හැම අකුණු ගැහීමකින්ම
සහ ඈතින් පේන විදුලි කෙටීමකින්ම
186
00:14:35,508 --> 00:14:38,145
මහා බයක් ඇති කරනවා.
187
00:14:38,245 --> 00:14:39,980
සනසනවාද නැත්නම් අවුස්සනවාද?
188
00:14:40,747 --> 00:14:41,814
මොකක්ද කිව්වේ?
189
00:14:42,415 --> 00:14:43,951
ඔයා කතා කරන්නේ හරියට,
190
00:14:44,051 --> 00:14:46,119
එයාගේ පළවෙනි ප්‍රධාන සිරස්තලය
හොයාගත්ත පත්තරකාරයෙක් වගේ.
191
00:14:46,219 --> 00:14:48,155
ඇත්තද?
192
00:14:48,255 --> 00:14:52,292
දැන් ඔයාට පුළුවන් මේ වගේ දෙයක් කියලා
ඒගොල්ලන්ව සනසන්න,
193
00:14:52,392 --> 00:14:56,663
"අද්භූත බලවේගයක්
ස්වර්ගයෙන් වැහැලා,
194
00:14:56,763 --> 00:15:00,833
ගිනිදැල් නිවලා දාලා මේ
සහෝදර ප්‍රේමයේ නගරය බේරගනීවි."
195
00:15:01,734 --> 00:15:03,470
- නැත්නම්?
- නැත්නම්...
196
00:15:03,570 --> 00:15:05,272
ඔයාට පුළුවන් ඒගොල්ලන්ව බය කරන්න.
197
00:15:07,040 --> 00:15:08,775
"විනිශ්චය ඇවිල්ලා.
198
00:15:08,875 --> 00:15:11,111
එක අකුණු පාරකින්
ෆිලඩෙල්ෆියාව
199
00:15:11,211 --> 00:15:12,946
අළු ගොඩක් බවට පත් වෙයි."
200
00:15:15,548 --> 00:15:18,685
ඔය අකුරුවලින්,
ඔයාට මේ දෙකෙන් ඕනෙම දෙයක් කරන්න පුළුවන්.
201
00:15:19,552 --> 00:15:21,421
ඒ දෙකෙන්ම පත්තර විකිණෙනවා බෙනී.
202
00:15:21,521 --> 00:15:23,523
ඉතින් ඔයා තෝරගන්නේ මොකක්ද?
203
00:15:23,623 --> 00:15:24,624
ආ,
204
00:15:25,692 --> 00:15:27,627
අර එතන තියෙන මගේ පෙට්ටිය ගේන්න.
205
00:15:37,037 --> 00:15:39,172
ඔයාගේ අන්වර්ථ නම් ඔක්කොම අතරින්,
206
00:15:39,272 --> 00:15:41,674
මිනිස්සුන්ව සැනසුවේ මොනවද
බය කළේ මොනවද?
207
00:15:42,942 --> 00:15:45,878
ඒක තීරණය වෙන්නේ ඔයා අහන්නේ කාගෙන්ද
කියන එක මත.
208
00:15:45,979 --> 00:15:48,648
ආ, අපිට ඉන්නවා මාර්තා කෙයාෆුල්,
209
00:15:48,748 --> 00:15:52,485
- හැරී මීන්වෙල්.
- ම්ම්.
210
00:15:52,585 --> 00:15:55,322
ආ, අනිවාර්යයෙන්ම, පුවර් රිචඩ්.
211
00:15:55,422 --> 00:15:58,891
ආ, මගේ පරණ යාළුවෝ.
212
00:16:01,995 --> 00:16:02,929
ආ.
213
00:16:04,164 --> 00:16:05,198
හ්ම්.
214
00:16:05,298 --> 00:16:07,000
වෙන කවදාවත් වඩා දැන් ඒක ඇත්තක්.
215
00:16:08,468 --> 00:16:09,469
මේවා කාගෙද?
216
00:16:18,145 --> 00:16:20,647
"1739 නොවැම්බර් 8,
217
00:16:20,747 --> 00:16:24,651
පූජ්‍ය ජෝර්ජ් වයිට්ෆීල්ඩ්
එංගලන්තයේ ඉඳන් ඇවිත් ඉන්නවා
218
00:16:24,751 --> 00:16:26,353
මේ යටත් විජිත අවදි කරන්න."
219
00:16:27,420 --> 00:16:28,421
ජෝර්ජ් වයිට්ෆීල්ඩ්?
220
00:16:29,422 --> 00:16:30,423
වයිට්ෆීල්ඩ්.
221
00:16:31,191 --> 00:16:33,260
ඒ ජෝර්ජ් වයිට්ෆීල්ඩ්.
222
00:16:33,360 --> 00:16:34,827
එයා සැනසුවද බය කළාද?
223
00:16:36,096 --> 00:16:36,996
ඔව්.
224
00:16:39,266 --> 00:16:42,102
"මගේ ළදරු කාලයේ ඉඳන්
225
00:16:42,202 --> 00:16:45,538
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ
ඉන්න කාලය දක්වා," පළවෙනි කොටස.
226
00:16:47,440 --> 00:16:48,641
ඇයි ඔයා ගාව එයාගේ දිනපොත් තියෙන්නේ?
227
00:16:50,110 --> 00:16:51,611
එයා මගේ පරණ යාළුවෙක්.
228
00:16:52,945 --> 00:16:54,814
ඔයා පූජකයෙක් එක්ක
යාළු වෙලා හිටියද?
229
00:16:57,117 --> 00:16:58,185
එයා තාම ජීවතුන් අතරද?
230
00:17:01,821 --> 00:17:04,057
එයා විප්ලවයට සම්බන්ධ වෙලා හිටියද?
231
00:17:10,363 --> 00:17:11,298
සීයේ?
232
00:17:16,002 --> 00:17:17,003
බෙනී...
233
00:17:20,973 --> 00:17:24,311
ජෝර්ජ් වයිට්ෆීල්ඩ්
කියන්නේම විප්ලවයක්.
234
00:17:26,679 --> 00:17:31,751
අහෝ, මම මොන වගේ
නින්දිත වහලෙක්ද!
235
00:17:33,686 --> 00:17:37,757
මේක හරිම පුදුමයි නේද
මේ නළුවා මෙතන
236
00:17:37,857 --> 00:17:41,494
හුදෙක් ප්‍රබන්ධයක,
හැඟීම්බර හීනයක ඉඳගෙන...
237
00:17:41,594 --> 00:17:45,064
ආයෙත් අනිත් අයට
ඔක්කොම වැඩ ටික පවරලා.
238
00:17:45,165 --> 00:17:47,934
ඒත් මෙතනදි තමයි හැම්ලට්
නළුවෙක් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ.
239
00:17:50,703 --> 00:17:51,704
ඔයා වගේ,
240
00:17:53,273 --> 00:17:56,075
වෙස්මුහුණු පිටිපස්සේ හැංගිලා.
241
00:18:00,012 --> 00:18:02,682
මම ඒ හැමෝටම වඩා
හොඳ නළුවෙක්.
242
00:18:02,782 --> 00:18:05,552
කොහොම හරි ඔයාගේ අම්මව නම්
රවට්ටගත්තා.
243
00:18:08,054 --> 00:18:12,425
හිනා වෙන්න, ජෝර්ජි.
244
00:18:16,028 --> 00:18:17,297
මේක අස් කරන්න.
245
00:18:18,531 --> 00:18:19,999
ඔයාගේ අත් පාවිච්චි කරන්න!
246
00:18:20,099 --> 00:18:22,669
නළුවෙක් තමන්ගේ අත්
පාවිච්චි කරන්න ඕනේ!
247
00:18:32,345 --> 00:18:35,448
කවදාහරි දවසක,
ඔයා ඔතන ඉඳීවි, පුතේ.
248
00:18:38,117 --> 00:18:41,954
එයා මුළු වේදිකාවම
කඳුළුවලින් පුරවයි.
249
00:18:43,956 --> 00:18:46,159
- නාට්‍යය තමයි දේ...
- කවදාහරි දවසක.
250
00:18:46,259 --> 00:18:50,463
...රජුගේ හෘදසාක්ෂිය
මම අල්ලගන්න තැන!
251
00:19:08,147 --> 00:19:11,251
අහෝ, මම මොන වගේ
නින්දිත වහලෙක්ද!
252
00:19:11,351 --> 00:19:14,754
අහෝ, මම මොන වගේ
නින්දිත වහලෙක්ද!
253
00:19:14,854 --> 00:19:17,657
අහෝ, මම මොන වගේ
නින්දිත වහලෙක්ද!
254
00:19:17,757 --> 00:19:19,559
මෙතනින්, ජෝර්ජි.
255
00:19:19,659 --> 00:19:21,828
බලය තියෙන්නේ මෙතන නෙවෙයි, මෙතන.
256
00:19:22,795 --> 00:19:23,696
ආයෙත්.
257
00:19:23,796 --> 00:19:25,031
ඕ!
258
00:19:25,131 --> 00:19:26,399
නෑ, ආයෙත්.
259
00:19:26,499 --> 00:19:27,767
ඕ!
260
00:19:27,867 --> 00:19:30,002
ඔව්, ඔව්! අන්න හරි, ජෝර්ජි!
261
00:19:30,102 --> 00:19:31,338
ඔයාට ඒක දැනුණද?
262
00:19:31,438 --> 00:19:33,673
ඔව්, මට දැනුණා.
263
00:19:35,942 --> 00:19:38,711
දැන්, ඒ පේළියම,
අන්න ඒ විදිහටම කියන්න.
264
00:19:39,479 --> 00:19:43,283
අහෝ, මම මොන වගේ
නින්දිත වහලෙක්ද!
265
00:19:43,383 --> 00:19:44,717
එයාගේ ඇස්වල කඳුළු.
266
00:19:44,817 --> 00:19:46,719
මුහුණේ කලබල ගතියක්.
267
00:19:46,819 --> 00:19:48,588
බිඳුණු කටහඬක්.
268
00:19:48,688 --> 00:19:53,059
එයාගේ හැම ඉරියව්වක්ම
එයාගේම අදහස්වලට ගැළපෙනවා.
269
00:19:54,126 --> 00:19:56,629
ඒත් ඒ ඔක්කොම කිසිම තේරුමක් නෑ.
270
00:19:57,730 --> 00:19:59,632
අහෝ, එයා මොනවා කරයිද,
271
00:19:59,732 --> 00:20:02,702
මට තියෙන මේ හැඟීම්වලට
හේතුවක් එයාට තිබුණා නම්!
272
00:20:04,871 --> 00:20:07,340
එයා මුළු වේදිකාවම
කඳුළුවලින් පුරවයි.
273
00:20:08,040 --> 00:20:11,344
එයාගේ බිහිසුණු කතාවලින්
මිනිස්සුන්ගේ කන් පැලෙයි.
274
00:20:11,444 --> 00:20:14,647
වැරදිකරුවන්ව පිස්සු වට්ටලා
නිදහස් අයව බය කරයි.
275
00:20:14,747 --> 00:20:18,651
නූගත් අයව ව්‍යාකූල කරලා
ඇත්තටම පුදුමයට පත් කරයි.
276
00:20:18,751 --> 00:20:20,353
නාට්‍යය තමයි දේ
277
00:20:20,453 --> 00:20:23,089
රජුගේ හෘදසාක්ෂිය
මම අල්ලගන්න තැන.
278
00:20:28,194 --> 00:20:29,496
නියමයි.
279
00:20:35,201 --> 00:20:40,172
රජුගේ හෘදසාක්ෂියයි
අම්මාගේ හදවතයි අල්ලගන්නවා.
280
00:20:40,273 --> 00:20:44,010
ඔයා ලන්ඩන්වල ඕනෙම වේදිකාවකට
නගින්න සුදුසුයි.
281
00:20:44,110 --> 00:20:47,146
මේ ඇහැත් එක්කයි
දුප්පත් කතා විලාසයත් එක්කයි බෑ.
282
00:20:47,246 --> 00:20:50,350
වේදිකාවට නැත්නම්,
සමහරවිට පල්ලි වේදිකාවට යන්න පුළුවන්.
283
00:20:50,450 --> 00:20:51,384
අම්මේ.
284
00:20:52,385 --> 00:20:53,853
ඒත් ඔයාගේ කටහඬ.
285
00:20:53,953 --> 00:20:56,923
දූවිලි පිරිච්ච වේදිකාවක් පිටිපස්සේ
කසන බොරු කොණ්ඩයක් දාගෙන හිර වෙන්නද?
286
00:20:57,023 --> 00:20:58,358
- ඕ, අහ්.
- කීයටවත් නෑ.
287
00:20:59,125 --> 00:21:01,961
නළුවෝ මිනිස්සුන්ට
මොනවා හරි දැනෙන්න සලස්වනවා.
288
00:21:02,061 --> 00:21:03,930
පූජකයෝ කරන්නේ මිනිස්සුන්ව නිදි කරවන එක.
289
00:21:04,030 --> 00:21:06,032
"අනේ දෙවියනේ.
290
00:21:06,132 --> 00:21:08,468
ඉක්මනින් අපිව බේරාගන්න."
291
00:21:08,568 --> 00:21:12,104
"අනේ ස්වාමීනි.
අපිට පිහිට වෙන්න ඉක්මන් වෙන්න."
292
00:21:14,707 --> 00:21:17,310
චරිතාංග නළුවෙක් වගේමයි, මට පේන්නේ.
293
00:21:17,410 --> 00:21:19,211
මට කවදාහරි වෙන්න පුළුවන් එච්චරයි,
බර්ටන් මහත්තයා.
294
00:21:19,946 --> 00:21:20,947
ඒක පාවිච්චි කරන්න.
295
00:21:21,714 --> 00:21:23,383
ඇත්ත රඟපාන්න.
296
00:21:23,483 --> 00:21:25,485
ජීවිතේ ඔයාට දෙන
හැමදේම පාවිච්චි කරන්න.
297
00:21:27,920 --> 00:21:28,855
මෙන්න.
298
00:21:29,622 --> 00:21:32,559
දැන් මම මගේ රහස් ඔක්කොම
ඔයාට දීලා තියෙන්නේ.
299
00:21:32,659 --> 00:21:33,893
මේක...
300
00:21:33,993 --> 00:21:35,962
ඔයා හැම පිටුවකම
සටහන් ලියලා. මට...
301
00:21:36,062 --> 00:21:38,297
- මට මේක ගන්න බෑ.
- මේක අනිවාර්යයෙන්ම කියවන්න ඕනේ එකක් කියලා හිතන්න
302
00:21:38,398 --> 00:21:40,633
මේ අවුරුද්දේ ඔක්ස්ෆර්ඩ් යන්න කලින්.
303
00:21:41,901 --> 00:21:42,802
එලිසබෙත්,
304
00:21:44,003 --> 00:21:46,238
මම ගිනියා 100ක් දෙනවා
305
00:21:46,339 --> 00:21:48,007
මටත් "ඕ" කියලා කියන්න පුළුවන් නම්,
306
00:21:48,107 --> 00:21:50,877
ඔයාගේ පුතා "ඕ" කියනවා වගේ
ඒ තරම් හැඟීම්බරව.
307
00:21:52,178 --> 00:21:53,179
එයා...
308
00:21:55,014 --> 00:21:56,115
අසාමාන්‍යයි,
309
00:21:57,083 --> 00:21:58,718
ඒ වගේම එයාට තවදුරටත් පුහුණුව ඕනේ
310
00:21:58,818 --> 00:22:01,320
උච්චාරණය, අර්ථ නිරූපණය,
කථිකත්වය ගැන.
311
00:22:01,421 --> 00:22:05,091
ඔක්ස්ෆර්ඩ් එකෙන් එයාට
මේ ඔක්කොම වගේම තවත් දේවල් ලබා දෙයි.
312
00:22:05,191 --> 00:22:07,894
එයාගේ බාප්පා ඔක්කොම අරගෙන
පැනලා ගියා.
313
00:22:08,528 --> 00:22:10,329
අපිට කීයටවත් ඒකට වියදම් කරන්න බෑ.
314
00:22:10,430 --> 00:22:12,064
එයාට සේවකයෙක් විදිහට යන්න පුළුවන්
315
00:22:12,164 --> 00:22:15,368
වරප්‍රසාද ලත් ළමයින්ට
සේවය කරන්න.
316
00:22:16,168 --> 00:22:18,605
ඔයාටත් ඒ මට්ටමේම
අධ්‍යාපනයක් ලැබෙයි
317
00:22:18,705 --> 00:22:20,940
ඔයා ඒගොල්ලන්ගේ වැඩකටයුතු
බලාගන්නවා නම්,
318
00:22:21,040 --> 00:22:23,610
පොත් උස්සන එක,
කෑම බෙදන එක වගේ දේවල්.
319
00:22:23,710 --> 00:22:26,078
පැහැදිලිවම, ඔයාට
ඒ වගේ වැඩ අලුත් දේවල් නෙවෙයිනේ.
320
00:22:26,846 --> 00:22:30,517
ඔයාට ඕනේ කරන්නේ
ඔක්ස්ෆර්ඩ් ආදි ශිෂ්‍යයෙකුගේ නිර්දේශයක් විතරයි.
321
00:22:31,951 --> 00:22:34,353
ඉතින්, අපි ඔක්ස්ෆර්ඩ් ආදි ශිෂ්‍යයෙක්ව
දන්නේ නෑනේ.
322
00:22:38,825 --> 00:22:41,027
ඒගොල්ලෝ මේ අවුරුද්දේ
ඔයාව බලාපොරොත්තු වෙනවා.
323
00:22:45,998 --> 00:22:48,635
ඔයාගේ හැකියාවේ මූලාශ්‍රය
මතක තියාගන්න.
324
00:22:51,504 --> 00:22:52,739
වෙලාව ආවම,
325
00:22:54,574 --> 00:22:55,842
ඒගොල්ලන්ට ඒක පෙන්නන්න, ජෝර්ජ්.
326
00:23:09,556 --> 00:23:14,060
අහෝ, මම මොන වගේ
නින්දිත වහලෙක්ද!
327
00:23:14,160 --> 00:23:16,328
එයා මොනවා කරයිද
328
00:23:16,429 --> 00:23:18,865
මට තියෙන මේ හැඟීම්වලට
හේතුවක් එයාට තිබුණා නම්?
329
00:23:27,373 --> 00:23:29,075
මම නැතුව ඔයා
කොහොම ඉඳීවිද?
330
00:23:31,544 --> 00:23:36,382
ඔයා... හැමදාමත් ඉපදුණේ
ලොකු වේදිකාවලට.
331
00:23:38,284 --> 00:23:39,285
මම ඔයාට ආදරෙයි, අම්මේ.
332
00:23:39,952 --> 00:23:41,454
මම ඔයාට ආදරෙයි, පුතේ.
333
00:24:05,077 --> 00:24:07,547
මට දැනටමත් සේවය කළා, පව් කොල්ලා.
334
00:24:07,647 --> 00:24:09,516
ඇයි තමුසේ ඔය හොඳ ඇහැ
335
00:24:09,616 --> 00:24:11,217
මූණේ අනිත් පැත්තට දාගන්නේ නැත්තේ?
336
00:24:13,486 --> 00:24:16,523
මෝඩයා, කෝ මගේ කේක් එක?
337
00:24:19,726 --> 00:24:21,861
හරි, කොල්ලනේ. ඔය ඇති.
338
00:24:21,961 --> 00:24:23,362
නෑ, සුවර්ඩ්.
339
00:24:23,462 --> 00:24:25,364
මම හිතන්නේ නෑ ඒ ඇති කියලා.
340
00:24:25,464 --> 00:24:28,901
මට සමාවෙන්න, ඩොක්ටර් ස්ක්වින්ටම්.
341
00:24:32,238 --> 00:24:34,406
මම කිව්වේ, ඩොක්ටර් ස්ක්වින්ටම්!
342
00:24:34,507 --> 00:24:36,843
දැන් ඒක සම්පූර්ණයි.
343
00:24:36,943 --> 00:24:39,512
සභාවේ මහත්වරුනි,
344
00:24:39,612 --> 00:24:43,916
මම ඔයාලට හඳුන්වලා දෙන්න කැමතියි,
ඩොක්ටර් ස්ක්වින්ටම්ව!
345
00:24:45,351 --> 00:24:47,386
ස්ක්වින්ටම්! ස්ක්වින්ටම්!
346
00:24:47,486 --> 00:24:49,055
ස්ක්වින්ටම්! ස්ක්වින්ටම්!
347
00:24:49,155 --> 00:24:51,390
ඇති! ඔය ඇති!
348
00:24:51,490 --> 00:24:53,826
- ස්ක්වින්ටම්...
- ආ, බලන්න කොල්ලනේ.
349
00:24:53,926 --> 00:24:56,062
විලියම් හිතන් ඉන්නේ එයා වීරයෙක් කියලා.
350
00:24:56,162 --> 00:25:00,332
- ඕ.
- ඉතින්, වීරයා, නැගිටිනවා.
351
00:25:01,668 --> 00:25:04,236
ආ, ඒක හරි,
ඔයා දැනටමත් නැගිටලනේ ඉන්නේ.
352
00:25:04,336 --> 00:25:06,505
ඕයි, සල්ලි කාරයා!
353
00:25:06,606 --> 00:25:09,642
යන්න. අර ඇහැක් පේන්නේ නැති
සේවකයාටත් මොනවා හරි කරන්න.
354
00:25:09,742 --> 00:25:13,512
මට මේවා දරාගන්න පුළුවන්, ඒත් තමුසේ
තමුසෙගෙම එකෙකුටත් පාට් දානවද?
355
00:25:13,613 --> 00:25:15,782
තමුසෙලා ඔක්කොම
මකුළු දැලක් වගේ.
356
00:25:16,482 --> 00:25:19,018
තාත්තාගේ සල්ලි ඇරෙන්න
තමුසෙලා ගාව වටින මුකුත්ම නෑ.
357
00:25:19,118 --> 00:25:20,687
මුන්ට වඩා මූට හදවතක් තියෙනවා!
358
00:25:25,191 --> 00:25:28,027
ස්තූතියි, ඩොක්ටර් ස්ක්වින්ටම්
359
00:25:28,127 --> 00:25:31,798
ඒ උගත් සහ බුද්ධිමත්
විග්‍රහයට.
360
00:25:32,665 --> 00:25:33,866
ඔයා ඉවරද?
361
00:25:36,068 --> 00:25:37,637
ඔව්.
362
00:25:38,571 --> 00:25:41,874
මම හිතන්නේ මගේ බඩ පිරිලා.
363
00:25:44,844 --> 00:25:46,145
ඕ!
364
00:25:49,548 --> 00:25:50,783
මේක අස් කරනවා.
365
00:25:54,320 --> 00:25:55,221
ඕ.
366
00:25:59,558 --> 00:26:00,492
විනෝද වෙන්න.
367
00:26:02,061 --> 00:26:04,096
අහ්.
368
00:26:19,178 --> 00:26:21,681
අහ්, අහ්, මම ඒක කරන්නම්.
369
00:26:21,781 --> 00:26:23,850
මහත්තයාගේ ඇඳුම්
ජරා කරගන්න එපා.
370
00:26:27,386 --> 00:26:29,121
සල්ලි කාරයා.
371
00:26:30,056 --> 00:26:31,891
මකුළු දැල.
372
00:26:31,991 --> 00:26:34,026
කුමාරයෝ වගේ ඇඳගත්ත මෝඩයෝ.
373
00:26:34,126 --> 00:26:35,962
හ්ම්.
374
00:26:36,062 --> 00:26:38,430
ඒගොල්ලෝ ඔයාට සලකපු විදිහට
මට සමාවෙන්න.
375
00:26:38,530 --> 00:26:40,733
හහ්, මම මේවට පුරුදු නෑ
කියලා කියන්න බෑ.
376
00:26:42,869 --> 00:26:43,870
මගේ නම විලියම්.
377
00:26:45,071 --> 00:26:46,072
සුවර්ඩ්.
378
00:26:48,040 --> 00:26:50,142
ඩොක්ටර් ස්ක්වින්ටම්.
379
00:26:53,112 --> 00:26:54,113
ඒ කවුද?
380
00:26:56,415 --> 00:26:57,817
ශුද්ධ වූ සමාජය.
381
00:26:58,617 --> 00:26:59,652
බයිබල් කාවෝ,
382
00:27:00,753 --> 00:27:02,188
ඒත් ඒගොල්ලන්ගෙන් නම් කරදරයක් නෑ වගේ.
383
00:27:03,555 --> 00:27:05,825
නිකන් කීකරුව ඉන්න.
ඒගොල්ලෝ ඉක්මනට යයි.
384
00:27:05,925 --> 00:27:07,459
- සමාවෙන්න.
- සුබ දවාලක්, මහත්වරුනි.
385
00:27:07,559 --> 00:27:08,895
අහ්, මෙතන ඔයාලට කරන්න දෙයක් නෑ.
386
00:27:08,995 --> 00:27:12,231
අහ්, ඔයා නේද ඊයේ
අපේ සපත්තු පොලිෂ් කළේ?
387
00:27:12,331 --> 00:27:13,900
අහ්, වෙන්න පුළුවන්. ඔව්.
388
00:27:14,934 --> 00:27:16,502
අපි ඒකට ප්‍රතිඋපකාර කරන්න කැමතියි.
389
00:27:21,473 --> 00:27:23,042
මගේ නම ජෝන් වෙස්ලි.
390
00:27:23,142 --> 00:27:24,610
මේ මගේ මල්ලි, චාල්ස්.
391
00:27:26,145 --> 00:27:27,213
දෙවි පිහිටයි.
392
00:27:28,180 --> 00:27:30,416
ඔයාලා, අහ්, අන්තවාදීන් පිරිසක්ද?
393
00:27:32,451 --> 00:27:33,853
අපි ක්‍රිස්තියානි අය.
394
00:27:33,953 --> 00:27:36,488
අපි අන්තවාදී නම්,
ඒ දෙවියන්ට තියෙන ආදරේ
395
00:27:36,588 --> 00:27:37,589
සහ මිනිස්සුන්ට තියෙන ආදරේ නිසයි.
396
00:27:39,291 --> 00:27:40,860
ඕ, අහ්, මේ මොකක්ද?
397
00:27:41,994 --> 00:27:44,496
අපි සේවය කරන දෙවියන් වහන්සේ ඔයාව දකිනවා
398
00:27:45,264 --> 00:27:46,933
ඒ වගේම අපිට මඟපෙන්නුවා
ඔයාට සේවය කරන්න කියලා.
399
00:27:48,701 --> 00:27:49,635
කරුණාකරලා වාඩි වෙන්න.
400
00:27:56,943 --> 00:28:00,112
* දිව්‍යමය ප්‍රේමය *
401
00:28:00,212 --> 00:28:04,350
* සියලු ප්‍රේමයන් අභිබවා *
402
00:28:05,284 --> 00:28:11,724
* ස්වර්ගයේ සතුට,
පොළොවට පැමිණ *
403
00:28:12,725 --> 00:28:15,762
* අප තුළ පිහිටන්න *
404
00:28:15,862 --> 00:28:20,399
* ඔබගේ නිහතමානී වාසස්ථානය *
405
00:28:20,499 --> 00:28:27,874
* ඔබගේ සියලු විශ්වාසවන්ත
දයාවන් කිරුළු පළඳවන්න *
406
00:28:27,974 --> 00:28:31,878
* ජේසුනි, ඔබ *
407
00:28:31,978 --> 00:28:35,447
* සියලු අනුකම්පාවයි *
408
00:28:35,547 --> 00:28:40,419
* පිරිසිදු, සීමා රහිත ප්‍රේමයයි *
409
00:28:40,519 --> 00:28:42,421
* ඔබයි *
410
00:28:43,389 --> 00:28:46,425
* අප වෙත පැමිණෙන්න *
411
00:28:46,525 --> 00:28:51,263
* ඔබගේ ගැලවීම සමඟ *
412
00:28:51,363 --> 00:28:58,370
* සැම වෙවුලන හදවතකටම ඇතුළු වන්න *
413
00:29:00,272 --> 00:29:02,174
දෙවියන්ගේ ඇස් ඉස්සරහා අපි හැමෝම සමානයි,
414
00:29:03,776 --> 00:29:05,644
ඔයා--
සාමාන්‍ය මහත්තයෙක් වුණත්
415
00:29:05,744 --> 00:29:08,815
සපත්තු වල කේක් ගාගත්ත
සේවකයෙක් වුණත්.
416
00:29:10,116 --> 00:29:11,483
* ඇදහිල්ලේ අවසානය *
417
00:29:11,583 --> 00:29:13,752
* එහි ආරම්භය ලෙස *
418
00:29:13,853 --> 00:29:16,455
* අපගේ හදවත් තබන්න *
419
00:29:16,555 --> 00:29:20,692
* නිදහසේ *
420
00:29:27,533 --> 00:29:31,137
නිදහස, හැම මනුස්සයෙක්ම සමානව මවලා තියෙනවා,
421
00:29:31,237 --> 00:29:34,907
හරියට විප්ලවයේ හඬ වගේ.
422
00:29:38,277 --> 00:29:39,278
පළවෙනි කොටස.
423
00:29:46,585 --> 00:29:47,619
දෙවෙනි කොටස.
424
00:29:49,188 --> 00:29:52,458
ආදරණීය අම්මේ,
මගේ ඉගෙනීමේ වැඩ හොඳට යනවා.
425
00:29:52,558 --> 00:29:54,927
මගේ කථිකත්වය ගොඩක් දියුණු වෙලා.
426
00:29:55,027 --> 00:29:56,228
ඊටත් වඩා වැදගත් දේ,
427
00:29:56,328 --> 00:29:58,865
මගේ අවාසනාවන්ත කාලය
දැන් වෙනස් වෙලා.
428
00:29:58,965 --> 00:30:00,900
මම ජීවිතේ දැකපු
හොඳම මිනිස්සු ටිකක්
429
00:30:01,000 --> 00:30:05,637
මට ආරාධනා කළා එයාලගේ
"ශුද්ධ වූ සමාජය" කියන එකමුතුවට.
430
00:30:05,737 --> 00:30:09,641
අපි බයිබලය පාඩම් කරනවා,
යාච්ඤා කරනවා, නමස්කාර කරනවා,
431
00:30:09,741 --> 00:30:12,744
ඒ වගේම දුප්පත් අයට
කෑම බීම, ඇඳුම් අරන් යනවා.
432
00:30:12,845 --> 00:30:15,714
ඊයේ අපි හිරකාරයෝ
බලන්න ගිය වෙලාවේ,
433
00:30:15,814 --> 00:30:17,649
මගේ හිතට අමුතුම
සැනසීමක් දැනුණා.
434
00:30:23,923 --> 00:30:25,657
- හලෙලූයා. දෙවියන්ට ස්තූති වේවා.
- ජෝන්...
435
00:30:26,859 --> 00:30:29,761
අපි එයාලට බයිබලේ
කියවන්න ඕනේ නැද්ද?
436
00:30:30,829 --> 00:30:34,200
අපි මේ ක්‍රිස්තුස් වහන්සේගේ
අත් පා විදිහටයි වැඩ කරන්නේ.
437
00:30:34,300 --> 00:30:35,868
දයාබර ජේසුනි...
438
00:30:35,968 --> 00:30:37,103
අත් පා විදිහට?
439
00:30:37,203 --> 00:30:38,837
උන්වහන්සේගේ නාමයට
ප්‍රශංසා වේවා...
440
00:30:40,672 --> 00:30:41,840
එතකොට උන්වහන්සේගේ කටහඬ?
441
00:30:42,808 --> 00:30:44,176
ඒ කියන්නේ දේව වචනය.
442
00:30:44,276 --> 00:30:46,378
ඔයාගේ උනන්දුවට මම ගරු කරනවා,
443
00:30:46,478 --> 00:30:48,614
ඒත් මෙතන හිරකාරයෝ
සීයකට වඩා ඉන්නවා.
444
00:30:49,515 --> 00:30:52,251
හැමෝටම වෙන වෙනම බයිබලේ කියවනවා නම්
පැය ගාණක් යයි.
445
00:30:52,351 --> 00:30:55,154
එක්කෙනා ගානේ නෙවෙයි,
ඔක්කොටම එකපාර.
446
00:30:56,355 --> 00:30:57,489
ඔක්කොටම එකපාර?
447
00:30:58,190 --> 00:30:59,892
ඉතින් කොහොමද අපි
ඒක කරන්නේ?
448
00:31:00,792 --> 00:31:01,793
මෙතන ඉඳන්.
449
00:31:06,999 --> 00:31:09,301
දෙවියන්ට ප්‍රශංසා වේවා.
450
00:31:09,401 --> 00:31:11,570
දේව වචනයෙන් උපුටා ගැනීමක්,
451
00:31:12,571 --> 00:31:14,640
අනිවාර්යයෙන්ම, ජෝන්ගේ පොතෙන්.
452
00:31:17,343 --> 00:31:20,612
"නිකදේමුස් කියන පරිසිවරයා,
රෑක ජේසුස් වහන්සේ ළඟට ඇවිත්
453
00:31:20,712 --> 00:31:22,214
උන්වහන්සේට මෙහෙම කිව්වා,
454
00:31:23,015 --> 00:31:26,452
'ඔබ දෙවියන්ගෙන් පැමිණි
ගුරුවරයෙක් බව අපි දන්නවා,
455
00:31:26,552 --> 00:31:29,088
මොකද ඔබ කරන මේ හාස්කම්
වෙන කාටවත් කරන්න බෑ
456
00:31:29,188 --> 00:31:30,822
දෙවියන් ඔහු සමඟ
හිටියේ නැත්නම්.'
457
00:31:32,258 --> 00:31:36,162
ජේසුස් වහන්සේ පිළිතුරු දුන්නා,
'මම ඇත්තමයි ඔබට කියන්නේ,
458
00:31:36,262 --> 00:31:38,397
කාටවත් දෙවියන් වහන්සේගේ රාජ්‍යය
දකින්න ලැබෙන්නේ නෑ
459
00:31:38,497 --> 00:31:40,599
ඔවුන් නැවත
ඉපදුණේ නැත්නම්.'
460
00:31:43,202 --> 00:31:46,272
නිකදේමුස් ඇහුවා,
'ඒක කොහොමද වෙන්නේ?
461
00:31:47,039 --> 00:31:49,375
කෙනෙකුට කොහොමද
දෙවෙනි වතාවටත්
462
00:31:49,475 --> 00:31:51,877
තමන්ගේ අම්මාගේ කුසට ගිහින්
නැවත උපදින්නේ?'
463
00:31:52,644 --> 00:31:56,115
එතකොට ජේසුස් වහන්සේ උත්තර දුන්නා,
'මම ඔබට ඇත්තමයි කියන්නේ,
464
00:31:56,215 --> 00:31:58,584
මාංශයෙන් මාංශය උපදිනවා,
465
00:31:58,684 --> 00:32:01,553
ඒත් ආත්මයෙන් තමයි
ආත්මය උපදින්නේ.'"
466
00:32:06,592 --> 00:32:08,927
"මම මේ කියපු දේට
ඔබ පුදුම වෙන්න ඕනේ නෑ,
467
00:32:09,028 --> 00:32:10,429
'ඔබ නැවත ඉපදිය යුතුයි.'
468
00:32:14,400 --> 00:32:18,904
හුළඟ හමන්නේ
ඒකට ඕනේ අතට.
469
00:32:19,805 --> 00:32:22,041
ඔබට ඒකේ සද්දේ ඇහෙනවා,
470
00:32:22,141 --> 00:32:24,810
ඒත් ඔබට කියන්න බෑ
ඒක කොහේ ඉඳන් එනවාද
471
00:32:24,910 --> 00:32:26,245
කොහාට යනවාද කියලා.
472
00:32:27,713 --> 00:32:31,050
ආත්මයෙන් ඉපදෙන හැමෝමත්
අන්න ඒ වගේ තමයි...
473
00:32:37,389 --> 00:32:41,127
දෙවියන් වහන්සේ ලෝකයාට
කොච්චර ප්‍රේම කළාද කියනවා නම්..."
474
00:32:45,131 --> 00:32:48,134
දෙවියන් ඔයාලා හැමෝටමත්
ගොඩක් ආදරෙයි.
475
00:32:49,901 --> 00:32:50,902
උන්වහන්සේ ආදරෙයි.
476
00:32:55,074 --> 00:32:56,775
"උන්වහන්සේ තමන්ගේ එකම පුත්‍රයාව දුන්නා...
477
00:32:57,943 --> 00:33:00,379
උන්වහන්සේව විශ්වාස කරන
ඕනෑම කෙනෙක්
478
00:33:00,479 --> 00:33:02,248
ඒ වගේම උන්වහන්සේගේ නාමය
සිහි කරන කෙනෙක්
479
00:33:03,915 --> 00:33:05,917
තමන්ගේ පාපයන් නිසා
විනාශ වෙන්නේ නැතුව...
480
00:33:07,253 --> 00:33:08,654
සදාකාලික ජීවනය ලබන පිණිස."
481
00:33:13,992 --> 00:33:15,661
උන්වහන්සේ ආවේ අපිට දඬුවම් කරන්න නෙවෙයි.
482
00:33:18,864 --> 00:33:19,931
උන්වහන්සේ අපිට ආදරෙයි.
483
00:33:23,869 --> 00:33:25,037
උන්වහන්සේ අපිට ආදරෙයි.
484
00:33:35,314 --> 00:33:36,482
වතුර ටිකක් තියෙනවද?
485
00:33:38,617 --> 00:33:41,019
කරුණාකරලා, මෙයාට වතුර ටිකක් දෙන්න.
486
00:33:41,120 --> 00:33:42,354
ඔයා මොකද කරන්නේ ජෝර්ජ්?
487
00:33:43,389 --> 00:33:44,990
ඔයා මට කරපු දේමයි.
488
00:34:41,847 --> 00:34:43,915
මම දැන් කියවපු වචන
ඔයා විශ්වාස කරනවද?
489
00:34:48,620 --> 00:34:49,555
ඔව්.
490
00:34:50,522 --> 00:34:51,623
මාත් එහෙමයි.
491
00:34:53,859 --> 00:34:56,094
ඔයාට මේ ජේසුස් වහන්සේව
දැනගන්න ඕනෙද?
492
00:34:56,195 --> 00:34:57,095
ඔව්.
493
00:34:58,597 --> 00:34:59,798
මටත් ඕනේ.
494
00:35:09,241 --> 00:35:10,676
මම මෙතනින් යන්නේ නෑ
හැම හිරකාරයෙකුගෙම
495
00:35:10,776 --> 00:35:13,111
කකුල් හෝදලා ඉවර වෙනකල්.
496
00:35:13,212 --> 00:35:14,780
ජෝ-ජෝර්ජ්, ඒකට-ඒකට ගොඩක්--
497
00:35:14,880 --> 00:35:19,218
දවාලයි රෑයි දෙකම යයි, මම දන්නවා.
498
00:35:19,318 --> 00:35:22,554
ඔයා ඒක මට කළා,
මම ඒක එයාලට කරනවා,
499
00:35:22,654 --> 00:35:23,789
තනියම හරි කමක් නෑ.
500
00:35:25,724 --> 00:35:27,393
ඔයාට මේ වැඩේ තනියම කරන්න වෙන්නේ නෑ.
501
00:35:28,994 --> 00:35:31,397
හරි දැන් හරි.
එළිය පැත්තට හැරෙන්න.
502
00:35:42,073 --> 00:35:45,010
අම්මේ, ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද?
503
00:35:45,110 --> 00:35:46,512
ඒ මම.
504
00:35:46,612 --> 00:35:49,381
මම දන්නේ නෑ මටම හිනාවෙන්නද
නැත්නම් අඬන්නද කියලා,
505
00:35:49,481 --> 00:35:52,984
මම දැන් නළුවෙක් වෙන්න ඕනේ නෑ කියලා
පිළිගන්නකොට,
506
00:35:53,084 --> 00:35:54,186
මට ඕනේ දේශකයෙක් වෙන්න.
507
00:35:55,987 --> 00:35:57,989
පල්ලි වේදිකාව තමයි
මගේ රඟමඬල වෙන්නේ.
508
00:35:59,024 --> 00:36:02,160
නළුවෙක් විදිහට මට පුළුවන් නම්
බොරුවක් ඇත්තක් වගේ පෙන්නන්න,
509
00:36:02,261 --> 00:36:03,662
හිතලා බලන්න මොනවා වෙයිද කියලා
510
00:36:03,762 --> 00:36:07,098
මම මගේ හදවතින්ම
ඇත්ත කතා කළොත්.
511
00:36:07,199 --> 00:36:11,703
මම හැමදාම ගීතාවලිය 139
මෙනෙහි කරනවා,
512
00:36:11,803 --> 00:36:14,206
"ස්වාමීනි, මගේ හදවත විමසා බලන්න.
513
00:36:14,306 --> 00:36:17,609
මා තුළ යම්
වැරදි මාර්ගයක් ඇත්දැයි බලා
514
00:36:17,709 --> 00:36:19,811
සදාකාලික මාර්ගයේ
මා ගෙන ගිය මැනව."
515
00:36:21,447 --> 00:36:24,049
මම වෙන කාටත් වඩා
යාච්ඤා කරනවා.
516
00:36:24,149 --> 00:36:26,752
මම වෙන කාටත් වඩා
නිරාහාරව ඉන්නවා.
517
00:36:26,852 --> 00:36:29,621
මම මගේ ස්වර්ගික පියාණන්ව
ආඩම්බර කරනවා.
518
00:36:32,190 --> 00:36:34,025
ටික කාලෙකට ඔයාට
මගෙන් ලියුමක් එන එකක් නෑ,
519
00:36:34,125 --> 00:36:36,595
මොකද මම නිරාහාරව ඉන්න
කාලයකට ඇතුළු වෙනවා,
520
00:36:36,695 --> 00:36:39,197
මේ ලෝකේ තියෙන හැම සැපයක්ම
අත්හැරලා.
521
00:36:40,366 --> 00:36:41,967
මම ඔයාට ආදරෙයි, අම්මේ.
522
00:36:42,067 --> 00:36:45,170
ඔයාගේ දේව භක්තික පුතා, ජෝර්ජි.
523
00:36:56,582 --> 00:36:57,983
ජෝර්ජ්!
524
00:36:58,083 --> 00:37:00,986
ජෝර්ජ්, කාමරෙන් එළියට ඇවිත්
පිරිසිදු හුළං ටිකක් වදින්න ඉන්න!
525
00:37:01,086 --> 00:37:02,020
නාගන්න!
526
00:37:02,921 --> 00:37:06,425
ජෝර්ජ්! ඔයා හරියට කෑම කාලා නෑ
මාසෙකට කිට්ටු වෙන්න.
527
00:37:07,859 --> 00:37:10,929
හ්ම්. මගේ පළවෙනි ආරක්ෂක වළල්ල
හොඳටම ඇති වගේ.
528
00:37:15,401 --> 00:37:18,003
අහ්, ජෙනරාල් වොෂින්ටන්, සර්.
529
00:37:18,103 --> 00:37:20,339
ඩොක්ටර් ෆ්‍රෑන්ක්ලින්,
මම වෙනුවෙන් නැගිටින්න එපා.
530
00:37:21,540 --> 00:37:24,075
ජෙනරාල්, කරුණාකරලා ඇතුළට එන්න.
531
00:37:24,175 --> 00:37:26,177
එලයිසා, පිඟන් ටික අස් කරන්න.
532
00:37:28,780 --> 00:37:30,649
කුණාටුව ඕනෙම වෙලාවක
කඩාගෙන වැටෙයි.
533
00:37:30,749 --> 00:37:31,950
ඒක දැනටමත් ඇවිල්ලා.
534
00:37:32,050 --> 00:37:34,286
ඕ. මම ඔයාට තේද කෝපිද
හදන්නම්, සර්?
535
00:37:34,386 --> 00:37:36,254
එපා, ඔයා හරිම කරුණාවන්තයි,
ඒත් මම ගොඩක් වෙලා ඉන්නේ නෑ.
536
00:37:37,789 --> 00:37:38,957
එහෙනම් සුබ රාත්‍රියක්.
537
00:37:41,927 --> 00:37:42,828
තරුණයා,
538
00:37:44,796 --> 00:37:46,798
ඔයා අකමැති නැත්නම්,
ඔයා මෙතන ඉන්නවට මම කැමතියි.
539
00:37:48,033 --> 00:37:49,335
මේක ඔයාටත් අදාළයි.
540
00:37:50,802 --> 00:37:51,937
හරි, සර්.
541
00:37:55,206 --> 00:37:56,542
ස්තූතියි මම මේ විදිහට
542
00:37:56,642 --> 00:37:57,843
හදිස්සියේම කඩාපාත් වුණාට
ඉඩ දුන්නට.
543
00:37:59,044 --> 00:38:01,813
මම මේ දැන් ආවේ
පොඩි ගමනක් ගිහිල්ලා
544
00:38:01,913 --> 00:38:03,615
මට හුරුපුරුදු පරණ නිම්නයකට
545
00:38:04,616 --> 00:38:06,151
මෙතන ඉඳන් සැතපුම් 18ක් දුරින්.
546
00:38:07,453 --> 00:38:08,720
වැලි ෆෝර්ජ්.
547
00:38:13,492 --> 00:38:16,294
ඒක දැන් ලස්සනයි
වගේම සශ්‍රීකයි.
548
00:38:19,331 --> 00:38:20,566
අවුරුදු දහයකට කලින්,
549
00:38:21,833 --> 00:38:23,669
ඒක තමයි අපේ ගෙත්සෙමන.
550
00:38:29,508 --> 00:38:32,711
මිනිස්සු සපත්තු නැතුව
අයිස් සහ හිම මැදින් පයින් ගියා,
551
00:38:32,811 --> 00:38:36,448
එයාලගේ කකුල්වලින් ගලපු ලේවලින්
එයාලා ගිය පාර සලකුණු වුණා.
552
00:38:38,917 --> 00:38:40,619
එයාලගේ නිරුවත වහගන්න
ඇඳුම් නැතුව,
553
00:38:40,719 --> 00:38:42,253
පෙරවගන්න බ්ලැන්කට් නැතුව.
554
00:38:44,356 --> 00:38:47,493
නිමක් නැති රෑවල් දරාගෙන,
555
00:38:49,461 --> 00:38:53,999
ඉර පායනකල්
හරිම අසරණව බලාගෙන හිටියා.
556
00:38:56,668 --> 00:38:59,871
මට විශ්වාසයි වැලි ෆෝර්ජ් තමයි
අඳුරුතම නිම්නය කියලා
557
00:38:59,971 --> 00:39:01,673
ජාතියක් විදිහට අපි
පහු කරපු.
558
00:39:03,809 --> 00:39:05,010
ඒත් මම වැරදියි.
559
00:39:08,213 --> 00:39:13,485
අද අපි ඉන්නේ
ඊටත් වඩා අඳුරු නිම්නයක, බෙන්.
560
00:39:20,025 --> 00:39:23,261
අපි ගහක් හිටෙව්වා
ඒකට වතුර දැම්මේ
561
00:39:23,361 --> 00:39:24,896
දේශප්‍රේමීන්ගේ ලේවලින්.
562
00:39:27,566 --> 00:39:29,601
අපි ඒක හිටෙව්වේ
අපිටම නෙවෙයි.
563
00:39:29,701 --> 00:39:31,537
අපි ඒක හිටෙව්වේ මෙයා වෙනුවෙන්,
564
00:39:34,072 --> 00:39:38,043
එයාගේ ළමයි වෙනුවෙන්,
ඒ වගේම එයාලගේ ළමයි වෙනුවෙන්
565
00:39:40,479 --> 00:39:43,849
එයාලට ඒ අතු යට
හෙවණක් ලැබෙන විදිහට.
566
00:39:46,518 --> 00:39:48,587
අපි හිටවපු ගහ
තාම හැදිලාත් නෑ,
567
00:39:49,387 --> 00:39:52,323
ඒත් දැනටමත් හැම ප්‍රාන්තයක්ම
පොරවක් අරන් ඒකේ කඳට කොටනවා.
568
00:39:54,926 --> 00:39:57,496
ප්‍රාන්ත අතර තියෙන අසමගිය
දිගටම තිබුණොත්,
569
00:39:58,564 --> 00:40:00,331
මේ සම්මේලනය අසාර්ථක වුණොත්,
570
00:40:01,867 --> 00:40:04,069
වැලි ෆෝර්ජ්වල හිටපු ඒ මිනිස්සුන්ගේ
කැපකිරීම්,
571
00:40:04,169 --> 00:40:06,204
ඒ වගේම තවත් ගොඩක් අයගේ කැපකිරීම්,
අපතේ යයි.
572
00:40:08,707 --> 00:40:09,741
ඉතින්, බෙන්,
573
00:40:13,278 --> 00:40:15,514
මම ගොඩක් අගය කරනවා
ඔයා ඉක්මනින් අහගෙන ඉන්නවාට
574
00:40:15,614 --> 00:40:16,748
ඒ වගේම හෙමින් කතා කරනවාට,
575
00:40:18,517 --> 00:40:21,086
ඒත් අපි හිටවපු ඒ ගහ
දැන් වැටෙන්නයි යන්නේ.
576
00:40:24,389 --> 00:40:26,391
මේ මහා අත්හදා බැලීමට
ඔයාව ඕනේ, බෙන්.
577
00:40:28,694 --> 00:40:29,695
මට ඔයාව ඕනේ.
578
00:40:31,630 --> 00:40:34,966
මේ ජාතියට ඉර බහින්න දෙන්න
අපිට බෑ.
579
00:41:02,928 --> 00:41:03,829
සීයේ?
580
00:41:05,631 --> 00:41:06,698
දිගටම කියවන්න.
581
00:41:15,974 --> 00:41:19,477
ජෝර්ජ්! ඔයා මාසෙකට කිට්ටු වෙන්න
මුකුත් කාලා නෑ!
582
00:41:23,782 --> 00:41:26,852
ස්වාමීනි, මගේ හදවත විමසා බලන්න.
583
00:41:26,952 --> 00:41:29,254
මා තුළ යම්
වැරදි මාර්ගයක් ඇත්දැයි බලන්න.
584
00:41:34,025 --> 00:41:35,727
ඔයාට මොකද වෙලා තියෙන්නේ?
585
00:41:35,827 --> 00:41:37,996
මම මගේ ශරීරයට වද දෙන්න ඕනේ, ජෝන්.
586
00:41:44,936 --> 00:41:45,937
ජෝර්ජ්!
587
00:41:49,007 --> 00:41:50,341
මේක ශුද්ධවන්තකම නෙවෙයි.
588
00:41:50,441 --> 00:41:51,710
මේක පිස්සුවක්!
589
00:41:52,678 --> 00:41:53,779
ජෝර්ජ්!
590
00:42:01,286 --> 00:42:02,320
මාව විමසා බලන්න.
591
00:42:03,354 --> 00:42:04,623
මගේ හදවත විමසා බලන්න.
592
00:42:12,798 --> 00:42:14,900
ඇයි මේක හරියන්නේ නැත්තේ?
593
00:42:28,146 --> 00:42:29,047
ජෝර්ජ්!
594
00:42:29,815 --> 00:42:30,716
ජෝර්ජ්!
595
00:42:31,416 --> 00:42:32,350
ජෝර්ජ්!
596
00:42:39,257 --> 00:42:40,425
මෙයාට කන්න දෙන්න.
597
00:42:41,927 --> 00:42:44,730
මෙයාගේ බර තවත් අඩු වෙන්න
දෙන්න බෑ.
598
00:42:47,232 --> 00:42:48,433
ඔයා මැදිහත් වුණේ නැත්නම්,
599
00:42:48,533 --> 00:42:50,902
මෙයා අනිවාර්යයෙන්ම
මැරෙනවා.
600
00:42:53,571 --> 00:42:54,740
ස්තූතියි, ඩොක්ටර්.
601
00:43:12,691 --> 00:43:14,225
ඇයි ඔයා මේකට මැදිහත් වුණේ?
602
00:43:16,762 --> 00:43:18,363
මොකද ඔයා ඔයාවම මරාගන්නවා.
603
00:43:20,565 --> 00:43:21,900
මම ඊට වඩා කැමතියි මැරිලා
604
00:43:23,001 --> 00:43:25,704
උන්වහන්සේගේ ශුද්ධවූ අභිමුවට යන්න
605
00:43:25,804 --> 00:43:29,074
මේ අපිරිසිදු ශරීරයේ
තවත් ජීවත් වෙනවට වඩා.
606
00:43:31,442 --> 00:43:33,144
සාතන් ඔයාව රවට්ටලා තියෙන්නේ.
607
00:43:34,279 --> 00:43:35,781
ඔයා බොරුවක එල්ලිලා ඉන්නේ.
608
00:43:35,881 --> 00:43:37,182
මම අවධානය දෙන්නේ දෙවියන්ට.
609
00:43:37,282 --> 00:43:38,616
ඔයා අවධානය දෙන්නේ ඔයා ගැනමයි.
610
00:43:38,717 --> 00:43:41,519
- කොහොමද ඔයා එහෙම කියන්නේ, ජෝන්.
- කොහොමද ඔයා එහෙම කරන්නේ, ජෝර්ජ්!
611
00:43:41,619 --> 00:43:43,922
ස්වර්ගික පියාණන්ට
මේ විදිහට අපහාස කරන්නේ!
612
00:43:44,022 --> 00:43:46,324
මම උන්වහන්සේව ආඩම්බර කරනවා.
613
00:43:46,424 --> 00:43:48,093
උන්වහන්සේව ආඩම්බර කරනවා?
614
00:43:52,597 --> 00:43:55,533
ජේසුස් වහන්සේ බව්තීස්ම වෙලා
වතුරෙන් උඩට එනකොට,
615
00:43:55,633 --> 00:43:57,502
ස්වර්ගික පියාණන් උන්වහන්සේට
මොකක්ද කිව්වේ?
616
00:43:58,804 --> 00:44:00,739
ඉතින්, කියන්න, ඔයා
බයිබලේ දන්නවනේ.
617
00:44:02,674 --> 00:44:04,342
"මේ මාගේ ආදරණීය පුත්‍රයායි."
618
00:44:07,178 --> 00:44:08,179
තව මොනවද?
619
00:44:09,414 --> 00:44:11,149
"මම ඔහු ගැන ඉතා සතුටු වෙමි."
620
00:44:15,020 --> 00:44:19,991
"මම ඔහු ගැන ඉතා සතුටු වෙමි."
621
00:44:21,659 --> 00:44:23,328
ජේසුස් වහන්සේ මොනවා හරි
ලොකු වැඩක් කරලා තිබුණද
622
00:44:23,428 --> 00:44:24,629
ඒ වෙනකොට?
623
00:44:28,266 --> 00:44:29,600
එකක්වත් නෑ.
624
00:44:30,601 --> 00:44:32,971
එහෙනම්, ඇයි උන්වහන්සේගේ පියාණන්
එච්චර ආඩම්බර වුණේ?
625
00:44:36,007 --> 00:44:37,542
මොකද උන්වහන්සේ තමන්ගේ පුතා නිසා.
626
00:44:42,080 --> 00:44:44,716
තමන්ගේ දරුවාට ආදරේ කරපු නිසා.
627
00:44:45,817 --> 00:44:46,885
ඔයාට තේරෙන්නේ නැද්ද?
628
00:44:47,652 --> 00:44:50,488
ඒ ඔයා නෙවෙයි, ඒ--
ඒ ඔයා ඇතුළේ ඉන්න ක්‍රිස්තුස් වහන්සේ!
629
00:44:53,624 --> 00:44:55,794
ඔයා ඒක තෑග්ගක් විදිහට
බාරගන්න ඕනේ
630
00:44:57,228 --> 00:44:59,030
නැත්නම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.
631
00:45:00,065 --> 00:45:02,400
ඉතින් තෝරගන්න, ජෝර්ජ්.
632
00:45:20,151 --> 00:45:22,754
ඔයා තමයි ජෝර්ජ් වයිට්ෆීල්ඩ්,
633
00:45:22,854 --> 00:45:25,824
දෙවියන් වහන්සේ
ගොඩක් සතුටු වෙන කෙනා.
634
00:45:40,205 --> 00:45:42,307
දේව වචනයෙන් කතා කරන්න
635
00:45:43,174 --> 00:45:45,043
අකුණක් වගේ කතා කරන්න.
636
00:45:46,411 --> 00:45:48,914
දේව වචනයෙන් කෑගහලා
ගිගුරුම් දෙන්න.
637
00:46:07,732 --> 00:46:11,702
ඔයාගේ මුත්තාට
ඉටිපන්දම් කඩයක් තිබුණා.
638
00:46:12,871 --> 00:46:14,539
මම ළමයෙක් කාලේ එහේ වැඩ කළා.
639
00:46:15,273 --> 00:46:16,942
එයා කියන්න පුරුදු වෙලා හිටියා...
640
00:46:17,042 --> 00:46:21,579
"එක පුංචි ඉටිපන්දමකින්
දාහක් එළිය කරනවා" කියලා.
641
00:46:22,747 --> 00:46:24,983
හ්ම්. ඔයා මොකක්ද අදහස් කරන්නේ?
642
00:46:26,885 --> 00:46:28,686
මම කියන්නේ,
643
00:46:28,786 --> 00:46:31,756
එංගලන්තයේ පල්ලිය
ලෑස්ති වෙලා හිටියේ නෑ
644
00:46:31,857 --> 00:46:34,893
අවදි වෙච්ච
පූජ්‍ය ජෝර්ජ් වයිට්ෆීල්ඩ් කෙනෙකුට.
645
00:46:39,564 --> 00:46:41,332
අනේ දෙවියනේ, ඔවුන්ට අනුකම්පා කරන්න,
646
00:46:41,432 --> 00:46:43,869
පසුතැවිලි වන අයව
නැවත යථා තත්ත්වයට පත් කරන්න,
647
00:46:43,969 --> 00:46:47,205
මින්පසු අපි දේව භක්තිකව සහ
සංවර ජීවිතයක් ගත කරන පිණිස
648
00:46:47,305 --> 00:46:49,374
ඔබගේ ශුද්ධ වූ නාමයේ මහිමය උදෙසා.
649
00:46:50,775 --> 00:46:54,212
අනේ දෙවියනේ, ඉක්මනින් අපිව බේරාගන්න.
650
00:46:54,312 --> 00:46:58,183
අනේ ස්වාමීනි, අපිට පිහිට වෙන්න ඉක්මන් වෙන්න.
651
00:47:04,990 --> 00:47:05,957
ආමෙන්.
652
00:47:08,593 --> 00:47:11,662
සභාව ගොඩක් ලොකු වෙලා,
653
00:47:11,762 --> 00:47:16,701
මම හිතන්නේ අපේ
ආරාධිත දේශකයාව බලාපොරොත්තුවෙන්
654
00:47:16,801 --> 00:47:18,503
මෑතකදී ගොඩක් අයව උද්යෝගිමත් කරපු
655
00:47:18,603 --> 00:47:22,540
වගේම එයාටම කියලා ලොකු
පිරිසක් හදාගත්ත.
656
00:47:24,142 --> 00:47:27,946
ඔයාව මෙතන දකින්න ලැබීම ගැන
මට ගොඩක් කණගාටුයි, වයිට්ෆීල්ඩ් මහත්තයා.
657
00:47:28,046 --> 00:47:30,448
ඉතින්, තවත් පමා කරන්නේ නැතුව...
658
00:47:30,548 --> 00:47:32,283
යක්ෂයාටත් එහෙමයි.
659
00:47:32,383 --> 00:47:35,987
...පූජ්‍ය
ජෝර්ජ් වයිට්ෆීල්ඩ්.
660
00:47:37,989 --> 00:47:40,791
ඔයාගේ බොරු කොණ්ඩේ හදාගන්න, වයිට්ෆීල්ඩ් මහත්තයා.
661
00:48:08,553 --> 00:48:12,857
1675 දී,
කැන්ටබරියේ අගරදගුරුතුමාට
662
00:48:12,958 --> 00:48:15,826
යම් ප්‍රසිද්ධියක් තියෙන
නළුවෙක්ව අඳුරගන්න ලැබුණා,
663
00:48:16,561 --> 00:48:18,196
බෙටර්ටන් මහත්තයා.
664
00:48:18,296 --> 00:48:23,734
දවසක්, අගරදගුරුතුමා කිව්වා,
"බෙටර්ටන් මහත්තයා, මට කියන්න,
665
00:48:23,834 --> 00:48:26,904
වේදිකාවේ ඉන්න
නළුවෝ වෙන ඔයාලට කොහොමද
666
00:48:27,005 --> 00:48:29,307
ප්‍රේක්ෂකයින්ගේ හිත්
ඔච්චරම සසල කරන්න පුළුවන්
667
00:48:29,407 --> 00:48:31,943
මනඃකල්පිත දේවල් ගැන
කතා කරන ගමන්,
668
00:48:32,043 --> 00:48:35,846
ඒත් පල්ලි වේදිකාවේ ඉන්න අපි,
ඇත්ත දේවල් ගැන කතා කරනකොට,
669
00:48:35,947 --> 00:48:37,815
අපේ සභාවේ අය ඒ දේවල් බාරගන්නේ
670
00:48:37,915 --> 00:48:41,486
නිකන් මනඃකල්පිත දේවල්
වගේ නේද කියලා?"
671
00:48:41,586 --> 00:48:44,990
"ඇයි, ස්වාමීනි,"
බෙටර්ටන් මහත්තයා උත්තර දුන්නා,
672
00:48:45,090 --> 00:48:46,824
"උත්තරේ ගොඩක් පැහැදිලියි.
673
00:48:47,892 --> 00:48:52,763
නළුවෝ වෙන අපි මනඃකල්පිත දේවල් ගැන
කතා කරන්නේ ඒවා ඇත්ත වගේ,
674
00:48:52,863 --> 00:48:55,400
ඒත් පල්ලි වේදිකාවේ ඉන්න ඔයාලා,
675
00:48:56,267 --> 00:49:01,139
ඇත්ත දේවල් ගැන කතා කරන්නේ
ඒවා මනඃකල්පිත දේවල් වගේ."
676
00:49:01,239 --> 00:49:04,309
- [සෙනඟ මුමුණයි]
- ඒ නිසා...
677
00:49:04,409 --> 00:49:07,778
මම නම් මෘදු වචන කතා කරන
දේශකයෙක් වෙන්නේ නෑ.
678
00:49:10,715 --> 00:49:12,517
රැවටෙන්න එපා!
679
00:49:12,617 --> 00:49:14,185
ඔයාට ආගමික ඔළුවක්
තියෙන්න පුළුවන්
680
00:49:14,285 --> 00:49:16,021
ඒත් ඔයාගේ හදවතේ ඉන්නේ
යක්ෂයා වෙන්න පුළුවන්!
681
00:49:16,121 --> 00:49:18,389
අපේ ස්වාමීන් වහන්සේ
ඔයාලටත් කියන්නේ ඒ වචනමයි
682
00:49:18,489 --> 00:49:21,159
ඉස්සර උන්වහන්සේ නිකදේමුස්ට
කිව්වා වගේම,
683
00:49:21,259 --> 00:49:23,061
"ඔබ නැවත ඉපදිය යුතුයි!"
684
00:49:24,595 --> 00:49:27,732
නිකදේමුස්, ගෞරවනීය, ආගමික,
685
00:49:27,832 --> 00:49:31,202
ධර්මිෂ්ඨයි කියලා ප්‍රසිද්ධ,
ඒත් ස්වාමීන් වහන්සේ අණ කළා,
686
00:49:31,302 --> 00:49:32,937
"ඔබ නැවත ඉපදිය යුතුයි!"
687
00:49:33,638 --> 00:49:34,972
සාර්දිස්වල පල්ලිය වගේ,
688
00:49:35,073 --> 00:49:37,142
එයා ජීවතුන් අතර ඉන්නවා කියලා
නමක් තිබුණා,
689
00:49:37,242 --> 00:49:38,843
ඒත් ඇතුළෙන් එයා මැරිලා හිටියේ.
690
00:49:38,943 --> 00:49:40,578
අපේ සභාවල කොච්චර දෙනෙක්
මැරිලද ඉන්නේ,
691
00:49:40,678 --> 00:49:43,148
මොකද එයාලට දේශනා කරන්නේ
මැරුණු මිනිස්සු නිසා?
692
00:49:43,248 --> 00:49:45,750
මැරුණු මිනිස්සුන්ට කොහොමද
ජීවමාන දරුවෝ හදන්න පුළුවන් වෙන්නේ?
693
00:49:45,850 --> 00:49:49,087
ඒ නිසා, ක්‍රිස්තුස් වහන්සේ ඔයාලට කියනවා,
"ඔයාලා ඇල්මැරුණු නිසා,
694
00:49:49,187 --> 00:49:50,488
රස්නෙත් නැති සීතලත් නැති නිසා,
695
00:49:50,588 --> 00:49:53,091
මම ඔයාලව මගේ කටින්
තු කරලා දාන්නයි යන්නේ!"
696
00:49:54,192 --> 00:49:57,562
ගැලවීම වෙනුවෙන් ඔයාලගේ
හොඳ වැඩ විශ්වාස කරන්න එපා,
697
00:49:57,662 --> 00:49:59,930
නැත්නම් ඔයාගේ නම පල්ලියේ ලේඛනයේ
ලියවිලා තියෙන එක ගැන.
698
00:50:00,031 --> 00:50:01,532
මම ඔයාලට කියන්නම්,
එක පොතක් විතරයි තියෙන්නේ
699
00:50:01,632 --> 00:50:03,000
ඔයාගේ නම ලියවෙන්න ඕනේ,
700
00:50:03,101 --> 00:50:05,270
ඒ තමයි බැටළු පැටවාගේ
ජීවන පොත!
701
00:50:05,370 --> 00:50:07,072
ඔයාගේ නම එතන ලියවිලා තියෙනවද?
702
00:50:07,172 --> 00:50:08,439
- ඒක එතන තියෙනවද?
- ඔව්!
703
00:50:08,539 --> 00:50:09,774
- ඔයා දන්නවද?
- ඔව්!
704
00:50:09,874 --> 00:50:11,109
මේක නවත්තන්න!
705
00:50:12,310 --> 00:50:13,944
එන්න! එන්න!
706
00:50:14,045 --> 00:50:16,281
ඔයාලා ඉන්න විදිහටම
ක්‍රිස්තුස් වහන්සේ ළඟට එන්න!
707
00:50:16,381 --> 00:50:17,782
මොකද උන්වහන්සේ තුළ,
708
00:50:17,882 --> 00:50:19,850
ආගමික හෝ ආගමික නොවන
කියලා භේදයක් නෑ,
709
00:50:19,950 --> 00:50:22,420
වහල් හෝ නිදහස්, පිරිමි හෝ ගෑනු කියලත් නෑ!
710
00:50:22,520 --> 00:50:24,555
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ
හැමෝම එකයි!
711
00:50:24,655 --> 00:50:27,225
මේ කලබලකාරී සෙනඟට
වහාම බනින්න!
712
00:50:27,325 --> 00:50:28,426
මේක නවත්තන්න!
713
00:50:28,526 --> 00:50:30,061
මම දන්නේ නෑ ඔයා අද
714
00:50:30,161 --> 00:50:31,696
මොන මායාවක්ද කළේ කියලා,
715
00:50:31,796 --> 00:50:34,465
ඒත් මේ දේව මාලිගාවේ
ඒවා ඉවසන්නේ නෑ!
716
00:50:34,565 --> 00:50:36,033
ඔයාගේ දේව මාලිගාව?
717
00:50:36,134 --> 00:50:37,535
ඔයාට තහනම් කරලා තියෙන්නේ
718
00:50:37,635 --> 00:50:40,037
ජෝර්ජ් රජතුමාගේ පල්ලියේ
ආයෙත් දේශනා කරන එක!
719
00:50:40,138 --> 00:50:41,706
මට ඇතුළේ දේශනා කරන්න බැරි නම්,
720
00:50:41,806 --> 00:50:44,209
මම එළියට ගිහින්
පාරවල්වලට,
721
00:50:44,309 --> 00:50:47,578
කුඹුරුවලට ගිහින් අනාථයන්ට,
වහලුන්ට, වැන්දඹුවන්ට--
722
00:50:47,678 --> 00:50:49,580
ඒගොල්ලන්ට බල කරනවා මාලිගාවට එන්න කියලා
723
00:50:49,680 --> 00:50:52,450
එකම සැබෑ රජු වන,
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ!
724
00:50:52,550 --> 00:50:54,952
ඇංග්ලිකානු පූජකයෙකුට
තහනම් කරලා තියෙන්නේ
725
00:50:55,052 --> 00:50:58,223
අර-- අර නූගත් සෙනඟට
එළියේ දේශනා කරන එක!
726
00:50:58,323 --> 00:51:01,859
මම බලාගන්නම් ඔයාව ඇංග්ලිකානු පූජක
තනතුරෙන් අස් කරන හැටි!
727
00:51:03,161 --> 00:51:04,395
අන්ධ මඟපෙන්වන්නෝ!
728
00:51:04,495 --> 00:51:05,996
මැරුණු අයට මැරුණු අයට දේශනා කරන්න දෙන්න.
729
00:51:06,097 --> 00:51:08,699
ඒත් විශ්වාස කරන හැමෝටම ක්‍රිස්තුස් වහන්සේ තුළ
තියෙන නිදහස ගැන මම කියනවා,
730
00:51:08,799 --> 00:51:10,735
අපායේ දොරටුවලටවත්
ඒක නවත්තන්න බෑ!
731
00:51:10,835 --> 00:51:11,802
එළියට යනවා!
732
00:51:19,110 --> 00:51:21,646
ආමෙන්. ආමෙන්.
733
00:51:22,780 --> 00:51:24,349
ආමෙන්.
734
00:51:30,788 --> 00:51:31,722
යාහ්!
735
00:52:16,501 --> 00:52:18,436
කකුල් හතරෙන් යන
වේගවත්ම පල්ලි වේදිකාව.
736
00:52:20,571 --> 00:52:21,839
අපි අලුත් දෙයක් ට්‍රයි කරමු.
737
00:53:12,957 --> 00:53:15,159
හේයි, දැන් යන්න.
738
00:53:16,026 --> 00:53:17,362
බලන් ඉන්න එක නවත්තපන්, මීයෝ!
739
00:53:24,902 --> 00:53:26,304
මේ මොකක්ද?
740
00:53:26,404 --> 00:53:28,473
වේදිකාවක් තියෙන ඒත් පල්ලියක් නැති
පූජකයෙක්ද?
741
00:53:31,141 --> 00:53:33,143
ඔයා ආවේ අපිව පහත් කරලා සලකන්නද,
පූජකයා?
742
00:53:33,978 --> 00:53:35,012
මේක සෙනඟ වෙනුවෙන්.
743
00:53:35,913 --> 00:53:37,315
සෙනඟ?
744
00:53:37,415 --> 00:53:38,883
සෙනඟ වෙනුවෙන්ලු!
745
00:53:38,983 --> 00:53:41,586
ඔයා දන්නවද ජේසුස් වහන්සේ කිව්වා,
746
00:53:41,686 --> 00:53:43,388
"දරුවන්ට මා වෙතට එන්න දෙන්න,
747
00:53:44,088 --> 00:53:46,757
ස්වර්ග රාජ්‍යය අයිති
ඔවුන්ටයි" කියලා?
748
00:53:48,759 --> 00:53:50,628
ඔයාව මෙහෙට ඕනේ නෑ.
749
00:53:50,728 --> 00:53:52,730
නෑ, ඒත් අවශ්‍යයි.
750
00:53:55,766 --> 00:53:57,201
මම තමුසෙට යන්න කිව්වා!
751
00:53:58,336 --> 00:54:00,237
දැන්, පලයන්!
752
00:54:14,018 --> 00:54:17,588
මම ඔයාලට කියන්න ඕනෙද
අන්ධකාරයේ ක්‍රියාවලින් ලැබෙන
753
00:54:17,688 --> 00:54:19,290
තිත්ත ඵල ගැන?
754
00:54:21,726 --> 00:54:24,629
නෑ, මම හිතන්නේ නෑ...
755
00:54:26,230 --> 00:54:28,366
මොකද මම දකිනවා ඔයාලත් මම වගේම
756
00:54:29,600 --> 00:54:33,938
දුක, අඩුව එක්ක
හුරුපුරුදු වෙලා,
757
00:54:34,038 --> 00:54:36,941
ඔයාලගේ ආත්මයේ තියෙන
නිමක් නැති දුක එක්ක,
758
00:54:38,509 --> 00:54:42,313
මොනවා වෙයිද කියලා හැමතිස්සෙම
බයෙන් සහ කනස්සල්ලෙන් ඉන්නවා.
759
00:54:44,214 --> 00:54:46,851
පිරිසිදු වෙන්න ආසාවෙන්...
760
00:54:48,285 --> 00:54:50,287
ඒත් බලාපොරොත්තුවක් නැති තරමට කිළුටු වෙලා...
761
00:54:51,822 --> 00:54:53,558
එහෙනම් පියාඹන්න!
762
00:54:53,658 --> 00:54:55,493
පියාඹන්න, මගේ සහෝදරයිනේ!
763
00:54:55,593 --> 00:54:58,563
ඔයාලගේ ජීවිත වෙනුවෙන්
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට පියාඹන්න!
764
00:54:58,663 --> 00:55:00,765
ලේ ගලන දෙවියන් ළඟට පියාඹන්න!
765
00:55:02,299 --> 00:55:04,569
දයාවේ සිංහාසනය ළඟට පියාඹන්න
766
00:55:05,269 --> 00:55:07,171
ගිහින් උන්වහන්සේට කන්නලව් කරන්න,
767
00:55:07,271 --> 00:55:09,474
ඔයාගේ හදවත කඩන්න කියලා කන්නලව් කරන්න!
768
00:55:10,508 --> 00:55:14,044
ඔයාගේ පාපය පෙන්නන්න කියලා කන්නලව් කරන්න!
769
00:55:14,144 --> 00:55:18,248
ක්‍රිස්තුස් වහන්සේට ළං වෙන්න
විශ්වාසය දෙන්න කියලා කන්නලව් කරන්න!
770
00:55:20,117 --> 00:55:22,620
මොකද උන්වහන්සේත්,
දුක අඳුරන කෙනෙක්,
771
00:55:23,921 --> 00:55:25,590
වේදනාවට හුරුපුරුදු කෙනෙක්.
772
00:55:32,196 --> 00:55:35,165
නිදාගන්න කෙනා, අවදි වෙන්න!
773
00:55:35,265 --> 00:55:37,334
මළවුන්ගෙන් නැගිටින්න!
774
00:55:39,203 --> 00:55:43,007
ලාසරුස්ට වගේ උන්වහන්සේ
ඔයාට කතා කරනවා ඇහෙනවද?
775
00:55:44,041 --> 00:55:45,910
පොළොව යට ගැඹුරේ වළලලා!
776
00:55:46,877 --> 00:55:48,613
වටේටම අඳුර!
777
00:55:49,714 --> 00:55:51,348
නැගිටින්න!
778
00:55:54,852 --> 00:55:56,754
නැගිටින්න!
779
00:55:56,854 --> 00:55:58,222
එළියට එන්න!
780
00:56:00,525 --> 00:56:02,026
- ඒ මොකක්ද?
- ශ්ෂ්.
781
00:56:02,126 --> 00:56:03,193
අහන්න.
782
00:56:03,293 --> 00:56:04,595
පටන්ගැන්මේදී,
783
00:56:04,695 --> 00:56:06,731
අඳුරෙන් මුළු ගැඹුරම
වැහිලා තිබුණා.
784
00:56:08,733 --> 00:56:12,837
එතකොට සදාකාලික දෙවියන්ගේ කටහඬ
මෙහෙම කතා කළා,
785
00:56:13,871 --> 00:56:15,840
"ආලෝකය වේවා!"
786
00:56:17,642 --> 00:56:19,209
ඒ වගේම නියමිත කාලය ආවම...
787
00:56:21,045 --> 00:56:23,714
ක්‍රිස්තුස් වහන්සේ මුළු ලෝකෙටම
දැනගන්න ප්‍රකාශ කළා...
788
00:56:25,015 --> 00:56:26,651
"මම තමයි ජීවනයේ ආලෝකය.
789
00:56:28,085 --> 00:56:29,854
කවුරුහරි මාව අනුගමනය කරනවා නම්,
790
00:56:30,755 --> 00:56:32,957
එයා කවදාවත් අඳුරේ
ඇවිදින්නේ නෑ...
791
00:56:34,525 --> 00:56:36,393
ඒත් එයාට ජීවනයේ
ආලෝකය ලැබෙයි."
792
00:56:55,212 --> 00:56:58,082
ඔයාලගේ පව්
අඟුරු වගේ කළු වුණත්...
793
00:56:59,750 --> 00:57:03,187
උන්වහන්සේගේ ලේවලින් ඔයාලව
හිම වගේ සුදුවට හෝදලා දායි.
794
00:57:04,388 --> 00:57:05,456
උන්වහන්සේ ඔයාව දන්නවා.
795
00:57:06,691 --> 00:57:07,892
ඒ වගේම උන්වහන්සේ ඔයාට ආදරෙයි.
796
00:57:13,197 --> 00:57:14,532
උන්වහන්සේ මාව බාරගන්න එකක් නෑ.
797
00:57:18,636 --> 00:57:19,770
උන්වහන්සේ තමයි ඔයාව මැව්වේ.
798
00:57:34,284 --> 00:57:35,953
මගේ-- මගේ ළමයි.
799
00:57:38,388 --> 00:57:39,957
මගේ ළමයිනේ, මට සමාවෙන්න.
800
00:57:46,931 --> 00:57:49,099
මට සමාවෙන්න.
801
00:58:02,947 --> 00:58:06,416
ඔයා ඔයාගේ ජීවිතේ
ක්‍රිස්තුස් වහන්සේට බාරදෙනවද
802
00:58:07,417 --> 00:58:08,753
මේ මනුස්සයා කළා වගේ?
803
00:58:08,853 --> 00:58:11,255
ඔව්.
804
00:58:11,355 --> 00:58:12,723
ඔයා උන්වහන්සේව විශ්වාස කරනවද?
805
00:58:12,823 --> 00:58:14,592
ඔව්.
806
00:58:14,692 --> 00:58:17,862
ඔයා උන්වහන්සේගේ ලේවලට ඉඩ දෙනවද
ඔයාගේ ගල් වෙච්ච හදවතට ගිහින්
807
00:58:17,962 --> 00:58:20,831
ඔයාව ඇතුළෙන්ම
වෙනස් කරන්න?
808
00:58:20,931 --> 00:58:23,067
- ඔව්.
- ඔයා උන්වහන්සේව විශ්වාස කරනවද?
809
00:58:23,167 --> 00:58:26,170
ඔව්. ඔව්. ඔව්.
810
00:58:26,270 --> 00:58:28,706
- ස්තූතියි, පියාණෙනි.
- ස්තූතියි, ජේසුනි.
811
00:59:00,705 --> 00:59:03,373
මිනිස්සු එයාව ආදරෙන් බාරගත්තා.
812
00:59:03,473 --> 00:59:05,542
ඒත් එංගලන්තයේ පල්ලිය එහෙම කළේ නෑ.
813
00:59:06,410 --> 00:59:10,280
ඒගොල්ලෝ එයාව පල්ලිවලින්
එළවලා දැම්මා විතරක් නෙවෙයි,
814
00:59:10,380 --> 00:59:12,316
ඒගොල්ලන්ගේ රටෙනුත්
එළවලා දැම්මා.
815
00:59:13,217 --> 00:59:14,384
ඉතින්, එයා කොහේද ගියේ?
816
00:59:41,045 --> 00:59:44,949
එංගලන්තයේ ඉඳන් පැමිණෙන,
පූජ්‍ය ජෝර්ජ් වයිට්ෆීල්ඩ්
817
00:59:45,049 --> 00:59:48,452
පසුතැවිල්ල ගැන දේශනා කරන්න
නිව් යෝර්ක්,
818
00:59:48,552 --> 00:59:49,887
පෙන්සිල්වේනියා,
819
00:59:50,955 --> 00:59:54,959
මැසචුසෙට්ස්, රෝඩ් අයිලන්ඩ්වලට එනවා.
820
00:59:55,059 --> 00:59:58,663
එංගලන්තයේ ඉඳන් පැමිණෙන,
පූජ්‍ය ජෝර්ජ් වයිට්ෆීල්ඩ්.
821
01:00:19,383 --> 01:00:21,018
- සර්!
- අඩුම ගානේ සුබ උදෑසනක්වත් නැද්ද,
822
01:00:21,118 --> 01:00:22,086
තරුණ ළමයෝ?
823
01:00:22,720 --> 01:00:25,622
තාත්තේ, ෆ්‍රෑන්ක්ලින් මහත්තයා,
ජෝර්ජ් කියලා පූජකවරයෙක්--
824
01:00:25,723 --> 01:00:27,892
වයිට්ෆීල්ඩ්, ඔව්,
මම එයා ගැන දන්නවා
825
01:00:27,992 --> 01:00:30,127
එයා එංගලන්තයෙන් පිටත් වෙලා
අපේ යටත් විජිතවලට එනවා කියලා.
826
01:00:30,227 --> 01:00:31,662
එයාට මාර සෙනඟක්
එකතු වෙනවා.
827
01:00:31,762 --> 01:00:34,198
- කොච්චර සෙනඟක්ද කියනවා නම්--
- 25,000ක්.
828
01:00:34,298 --> 01:00:36,701
ඔයා දන්නවනේ, මගේ තරුණ කාලේ ඉඳන්,
829
01:00:36,801 --> 01:00:39,003
මම විශ්වාස කරන්න අමාරුවෙන් හිටියේ
එක කටහඬක්,
830
01:00:39,103 --> 01:00:40,705
හිතන්නකෝ හමුදා ජෙනරාල් කෙනෙකුගේ වගේ,
831
01:00:40,805 --> 01:00:42,873
එයාගේ සෙබළු දහස් ගාණකට
ඇහෙනවා කියලා
832
01:00:42,973 --> 01:00:45,943
සද්දේ වැඩි කරන
කිසිම උපකරණයක් නැතුව.
833
01:00:47,644 --> 01:00:49,714
ඔව්, සර්. කොහොම වුණත්, එයා--
834
01:00:49,814 --> 01:00:51,081
මම දැන් සැක කරන්නේ නෑ
835
01:00:51,181 --> 01:00:53,283
වයිට්ෆීල්ඩ්ගේ දක්ෂතාවය ගැන
ප්‍රබල කථිකයෙක් විදිහට.
836
01:00:53,383 --> 01:00:55,920
ඒත් මම සැක කරන්නේ,
මේ පදනමක් නැති කතාව ගැනයි,
837
01:00:56,020 --> 01:00:58,588
එයාට ඔච්චර සෙනඟකට
ඇහෙන්නයි තේරෙන්නයි කතා කරන්න පුළුවන් කියලා.
838
01:00:58,689 --> 01:01:00,925
ඒ වගේ කතාවක් ඔප්පු කරන්න
ප්‍රමාණවත් සාක්ෂි නෑ.
839
01:01:01,025 --> 01:01:02,993
ඉතින් සාක්ෂි නැතුව,
මම ඒක විශ්වාස කරන්නේ නෑ.
840
01:01:03,761 --> 01:01:05,963
ඔයා විශ්වාස කරන්නේ නැද්ද
ලන්ඩන්වලින් එන කතා ඇත්ත කියලා?
841
01:01:06,663 --> 01:01:10,735
මම විශ්වාස කරනවා අත්ලාන්තික් සාගරය තරණය කරනකොට
මාළු ලොකු වෙනවා කියලා.
842
01:01:10,835 --> 01:01:13,771
හ්ම්.
ඒත් ඒක බොරුවක් වුණත් නැතත්,
843
01:01:13,871 --> 01:01:15,439
ආගම නිසා පත්තර විකිණෙනවා.
844
01:01:15,539 --> 01:01:18,743
ඒ වගේම යටත් විජිත පුරාම ඉන්න මුද්‍රණකරුවන්,
මාත් ඇතුළුව,
845
01:01:18,843 --> 01:01:22,112
දැනටමත් මේ ඉංග්‍රීසි දේශකයාගෙන්
ලාභයක් ලබලා තියෙනවා.
846
01:01:22,212 --> 01:01:25,615
ඉතින් අපි බලමු කොච්චර කල්
පෙන්සිල්වේනියා ගැසට් පත්තරේට
847
01:01:25,716 --> 01:01:29,153
මේ වයිට්ෆීල්ඩ් රැල්ලෙන්
ගොඩ යන්න පුළුවන්ද කියලා.
848
01:01:33,423 --> 01:01:35,325
ඔයාලා තුන්දෙනාට
මොකද වෙලා තියෙන්නේ?
849
01:01:36,994 --> 01:01:39,529
පූජ්‍ය වයිට්ෆීල්ඩ්...
මෙහෙ ඇවිත්.
850
01:01:39,629 --> 01:01:40,865
මෙහෙ? ඒ කියන්නේ?
851
01:01:40,965 --> 01:01:42,800
- ෆිලඩෙල්ෆියාවට, සර්.
- කවද්ද?
852
01:01:43,533 --> 01:01:44,568
දැන්.
853
01:01:44,668 --> 01:01:46,804
ඉතින්, ඇයි ඔයා ඒක කලින් කිව්වෙ නැත්තේ,
ළමයෝ?
854
01:01:50,474 --> 01:01:51,408
පාර දෙන්න!
855
01:01:52,042 --> 01:01:53,277
සමාවෙන්න.
856
01:01:54,011 --> 01:01:55,145
කරුණාකරලා, මහත්තයා.
857
01:01:55,245 --> 01:01:57,414
අර එතන තියෙන
බැල්කනිය මොකක්ද?
858
01:01:57,514 --> 01:01:59,850
අහ්, උසාවිය.
859
01:02:00,417 --> 01:02:02,486
අන්න එතන තමයි තැන.
ස්තූතියි, මහත්තයා.
860
01:02:02,586 --> 01:02:05,289
දෙවි පිහිටයි.
861
01:02:23,440 --> 01:02:25,776
මට හිතෙන්නේ අපි දැන් දැනගන්න යන්නේ
මේ මාළුවා ඇත්තටම කොච්චර ලොකුද කියලා.
862
01:02:39,089 --> 01:02:41,125
දෙවියන් වහන්සේගේ ආත්මය මෙතන තියෙනවා,
ජෝර්ජ්.
863
01:02:42,226 --> 01:02:43,727
ඒගොල්ලන්ගේ හිත් ලෑස්තියි.
864
01:02:45,462 --> 01:02:46,496
ඔයා ලෑස්තිද?
865
01:02:50,935 --> 01:02:54,805
පියාණෙනි, වයිට්ෆීල්ඩ් කියන නම
විනාශ කරලා දාන්න
866
01:02:54,905 --> 01:02:57,074
ඒකෙන් ඔබවහන්සේගේ නම ඉතුරු වෙනවා නම්.
867
01:02:58,242 --> 01:02:59,143
ආමෙන්.
868
01:03:00,244 --> 01:03:01,145
ආමෙන්.
869
01:03:12,789 --> 01:03:13,858
අන්න එයා!
870
01:03:13,958 --> 01:03:15,359
ෆිලඩෙල්ෆියාවට සාදරයෙන් පිළිගන්නවා,
පූජකතුමනි!
871
01:03:15,459 --> 01:03:16,726
ඔබට ආශිර්වාද වේවා, පූජකතුමනි!
872
01:03:18,628 --> 01:03:21,231
දෙවියන් වහන්සේගේ ආත්මය
මා කෙරෙහි තියෙනවා!
873
01:03:21,331 --> 01:03:25,202
මොකද දුප්පතුන්ට ශුභාරංචිය දේශනා කරන්න
උන්වහන්සේ මාව අභිෂේක කරලා තියෙනවා!
874
01:03:25,302 --> 01:03:27,872
වහලුන්ට නිදහස
ප්‍රකාශ කරන්න!
875
01:03:27,972 --> 01:03:31,141
ඒ වගේම පීඩාවට පත් වෙච්ච අයට
නිදහස ලබා දෙන්න!
876
01:03:32,776 --> 01:03:36,646
සහෝදර ප්‍රේමයේ නගරය,
අපේ ගැලවුම්කරුවාණන් වන ක්‍රිස්තුස් වහන්සේගේ වචන,
877
01:03:36,746 --> 01:03:38,315
අද දවසේ ඔයාලට ඇහෙනවා!
878
01:03:39,016 --> 01:03:43,053
පුත්‍රයාණන් නිදහස් කරන කෙනා
ඇත්තටම නිදහස්.
879
01:03:43,153 --> 01:03:45,155
අනේ දෙවියනේ.
880
01:03:45,255 --> 01:03:47,057
ක්‍රිස්තුස් වහන්සේ නිදහස් කරන්නේ ඇයි?
881
01:03:47,157 --> 01:03:48,725
උන්වහන්සේ අලුත් ජීවිතයක් ගේන්නේ ඇයි?
882
01:03:48,825 --> 01:03:50,227
මොකද උන්වහන්සේ නැතුව,
883
01:03:50,327 --> 01:03:52,562
ඔයා ඔයාගේ පාපයට
නියම වෙච්ච හිරකාරයෙක්.
884
01:03:52,662 --> 01:03:54,831
මාර්කට් ස්ට්‍රීට්.
885
01:03:54,932 --> 01:03:58,202
එක කොටසකට අඩි 100යි 260යි.
886
01:03:58,802 --> 01:04:00,437
ඒ වගේම, අතුරු පාරවල්වල
අඩි 40ක්
887
01:04:00,537 --> 01:04:01,638
තොටුපළ වටේට.
888
01:04:03,473 --> 01:04:04,541
අපි බලමු.
889
01:04:04,641 --> 01:04:07,577
අහ්! කඩදාසියි තීන්තයි නැති
මුද්‍රණකරුවෙක්.
890
01:04:07,677 --> 01:04:09,947
සමාවෙන්න. ඉඩ දෙන්න.
891
01:04:10,047 --> 01:04:11,949
ඉඩ දෙන්න. සමාවෙන්න.
892
01:04:17,187 --> 01:04:19,323
කෝ මගේ ග්‍රැෆයිට් කූර?
893
01:04:25,495 --> 01:04:28,065
මගුල, ජෝසෆ්, ඔයා මගේ
ග්‍රැෆයිට් කූර දැක්කද?
894
01:04:28,165 --> 01:04:30,700
...පරණ දේවල් ඇවිල්ලා, බලන්න!
895
01:04:30,800 --> 01:04:32,536
පරණ දේවල් අලුත් වෙලා.
896
01:04:33,670 --> 01:04:35,205
ඔයා කවදාහරි ඒ වගේ
කටහඬක් අහලා තියෙනවද?
897
01:04:35,305 --> 01:04:37,107
කොච්චර ආත්ම ගාණක්
ක්‍රිස්තුස් වහන්සේගෙන් ඈත් වෙලා ඉන්නවද
898
01:04:37,207 --> 01:04:39,743
නින්දා අපහාසවලට තියෙන බය නිසා?
සලකුණු වෙයි කියන බයට...
899
01:04:39,843 --> 01:04:41,811
හරියට ස්වර්ගයෙන් ඇහෙන
හොරණෑ නාදයක් වගේ.
900
01:04:41,912 --> 01:04:44,714
අපිට ඇතුළේ ජීවමාන බලාපොරොත්තුවක් තියෙනවා.
901
01:04:44,814 --> 01:04:47,851
ඒත් අපි දන්න ඇත්ත
ප්‍රකාශ කරන්න අපි බයයි!
902
01:04:49,019 --> 01:04:51,655
අපි ඇත්තටම
ක්‍රිස්තුස් වහන්සේ ගැන ලැජ්ජ වෙනවද?
903
01:04:51,755 --> 01:04:55,325
මේක තමයි ඒක, ෆ්‍රෑන්ක්ලින් මහත්තයා. ඔව්.
904
01:04:56,226 --> 01:04:57,694
නියම අත්හදා බැලීමක්.
905
01:05:01,031 --> 01:05:02,099
අපකීර්තිය...
906
01:05:05,435 --> 01:05:06,570
එක්කෝ කටකතාවක්...
907
01:05:07,837 --> 01:05:09,239
නැත්නම් ඇත්තක්.
908
01:05:09,906 --> 01:05:11,341
ඔව්.
909
01:05:11,441 --> 01:05:14,244
මම ඔයාලගෙන් අහනවා, උගත් මිනිස්සුනේ,
910
01:05:14,945 --> 01:05:17,781
ඔයාලගේ ශ්‍රේෂ්ඨ ලයිකර්ගස්
හරි සෝලෝන් හරි,
911
01:05:17,881 --> 01:05:21,018
පයිතගරස් හරි ප්ලේටෝ හරි,
ඇරිස්ටෝටල්, සෙනෙකා, සිසෙරෝ,
912
01:05:21,118 --> 01:05:23,287
මේ ඔක්කොම මිත්‍යාදෘෂ්ටික
උගතුන් එකතු වෙලා
913
01:05:23,387 --> 01:05:26,456
කවදාහරි ආචාරධර්ම පද්ධතියක් හැදුවද
සමාන කරන්න පුළුවන්
914
01:05:26,556 --> 01:05:29,960
මෙච්චර කල් පවතින,
මෙච්චර පුළුල් බලපෑමක් තියෙන
915
01:05:30,060 --> 01:05:33,330
දිදුලන ප්‍රඥාවට
ඒගොල්ලෝ කියන විදිහට
916
01:05:33,430 --> 01:05:34,664
නාසරෙත්හි ජේසුස් වහන්සේ දුන්න.
917
01:05:34,764 --> 01:05:38,268
හතරෙන් බෙදුවා,
තව පහක් එකතු කළා...
918
01:05:40,470 --> 01:05:42,806
ඔව්, 6,000යි.
919
01:05:42,906 --> 01:05:44,208
කොච්චරද, ෆ්‍රෑන්ක්ලින් මහත්තයා?
920
01:05:46,543 --> 01:05:49,146
මගේ ගණනය කිරීම්වලට අනුව,
921
01:05:49,246 --> 01:05:52,816
එයාගේ කටහඬ 30,000කට
ඇහෙනවා.
922
01:05:52,916 --> 01:05:54,218
ඔයා කියන්නේ 30,000කට?
923
01:05:55,485 --> 01:05:56,486
ෆිලඩෙල්ෆියාවල ඉන්නේ--
924
01:05:56,586 --> 01:05:58,388
පදිංචිකරුවෝ 20,000යි.
925
01:06:00,991 --> 01:06:03,527
උන්වහන්සේගේ ආගමේ
අභිරහස් තිබුණොත් මොකද වෙන්නේ?
926
01:06:03,627 --> 01:06:05,862
ඒවා දේවභක්තියේ
අභිරහස් නෙවෙයිද?
927
01:06:05,962 --> 01:06:08,565
ඒවා හෙළි කරන දෙවියන් වහන්සේට
ඒවා වටින්නේ නැද්ද?
928
01:06:09,266 --> 01:06:13,837
ඒක ලොකුම අභිරහස නෙවෙයිද
තර්ක කරන්න හදන මිනිස්සු
929
01:06:13,937 --> 01:06:16,873
සහ ස්වභාවධර්මයේ විද්‍යාව ගැනම
හොයලා බලන මිනිස්සු,
930
01:06:16,973 --> 01:06:20,344
ප්‍රතිඵලයක් විදිහට හැම තණකොළ ගහකම
අභිරහසක් හොයාගන්න අය,
931
01:06:20,444 --> 01:06:22,512
එච්චර අතාර්කික වෙන්න ඕනෙද
පහත් කරලා කතා කරන්න තරමට
932
01:06:22,612 --> 01:06:24,081
ආගමේ තියෙන හැම අභිරහසක්ම?
933
01:06:24,814 --> 01:06:26,416
ලියන්නා කොහෙද?
934
01:06:26,516 --> 01:06:27,984
ප්‍රඥාවන්තයා කොහෙද?
935
01:06:28,085 --> 01:06:29,519
ඔයාලා අතරින් විවාද කරන්නා කොහෙද
936
01:06:29,619 --> 01:06:31,321
ක්‍රිස්තියානි එළිදරව්වට
විරුද්ධව?
937
01:06:31,421 --> 01:06:32,456
මම ඔයාලගෙන් අහනවා.
938
01:06:33,190 --> 01:06:36,493
අපෙන් පිටත සහ ඇතුළත තියෙන හැමදේම
ඔප්පු කරන්න එකතු වෙන්නේ නැද්ද
939
01:06:36,593 --> 01:06:38,362
ඒවායේ දිව්‍යමය ආරම්භය?
940
01:06:38,462 --> 01:06:41,631
ක්‍රිස්තුස් වහන්සේම හැඳින්වුවේ නැද්ද
දේව වචනය විදිහට?
941
01:06:42,699 --> 01:06:45,802
උන්වහන්සේට ඇති බිය තමයි
දැනුමේ ආරම්භය.
942
01:06:47,037 --> 01:06:49,039
ඒක බොරුවක් නෙවෙයි,
ෆ්‍රෑන්ක්ලින් මහත්තයා.
943
01:06:50,674 --> 01:06:55,545
ඔයා දකින ඒ පණ නැති, ජීවයක් නැති,
වර්ණවත් වීදුරු වගේ භක්තියට ඉඩ දෙන්න එපා
944
01:06:55,645 --> 01:06:58,448
උන්වහන්සේගේ ගිනිගන්නා හදවතින්
ඔයාව ඈත් කරලා තියන්න!
945
01:06:58,548 --> 01:07:00,250
මොකද ස්වාමීන් වහන්සේගේ
කරුණාව තමයි
946
01:07:00,350 --> 01:07:02,286
අපිව පසුතැවිල්ලට යොමු කරන්නේ.
947
01:07:02,386 --> 01:07:06,022
පසුතැවෙනවා කියන්නේ මොකක්ද,
වෙනත් මාර්ගයකට හැරෙනවා කියන එක නෙවෙයිද?
948
01:07:06,890 --> 01:07:10,594
අඳුර හැරෙන්න අපි
වෙන මොන මාර්ගයකට හැරෙන්නද?
949
01:07:10,694 --> 01:07:11,795
අපි මොන මාර්ගයකට හැරෙන්නද
950
01:07:11,895 --> 01:07:13,630
නිවෙන්නේ නැති ආලෝකය
දිහාවට නැත්නම්
951
01:07:13,730 --> 01:07:15,399
ඒ උත්ථාන වූ පුත්‍රයාගේ?
952
01:07:15,499 --> 01:07:19,403
අපි උන්වහන්සේව ප්‍රතික්ෂේප කළත්,
තාමත් අපේ ජීවිත කාලෙම අපි පස්සේ එන.
953
01:07:19,503 --> 01:07:23,573
අහෝ! ඔයාගේ මැරුණු හදවත
ඒ අදහසින් ජීවමාන වෙන්නේ නැද්ද
954
01:07:23,673 --> 01:07:25,809
ඔයාව හැඩගස්වලා තියෙන්නේ
අන්න ඒ අරමුණට කියලා,
955
01:07:25,909 --> 01:07:29,746
ඒ වගේම දෙවියන්ගේ රාජ්‍යය ගොඩනැගීමේදී
ඔයාටත් කරන්න කොටසක් තියෙනවා කියලා?
956
01:07:29,846 --> 01:07:31,581
ඒ නිසා ස්ථිරව ඉන්න, සහෝදරයිනේ,
957
01:07:31,681 --> 01:07:34,884
ක්‍රිස්තුස් වහන්සේ ඔයාලට දීපු
ඒ නිදහස තුළ.
958
01:07:34,984 --> 01:07:38,088
පාපයේ වහල්භාවයේ වියගහ යටට
ආයෙත් පැටලෙන්න එපා.
959
01:07:38,822 --> 01:07:43,593
මම දැන් ඔයාලා හැමෝම ක්‍රිස්තුස් වහන්සේගේ
අනන්ත දයාවට බාර කරනවා,
960
01:07:43,693 --> 01:07:46,496
පියාණන් සහ ආත්මයාණන්
සමඟ උන්වහන්සේට,
961
01:07:46,596 --> 01:07:50,200
සියලු මහිමය, සියලු ගෞරවය,
සියලු බලය වේවා,
962
01:07:50,300 --> 01:07:52,769
දැන් සහ සදහටම!
963
01:07:52,869 --> 01:07:54,003
ආමෙන්!
964
01:07:54,104 --> 01:07:56,506
- ආමෙන්!
- ආමෙන්!
965
01:07:56,606 --> 01:07:57,941
ආමෙන්!
966
01:07:58,041 --> 01:07:59,176
ආමෙන්!
967
01:07:59,276 --> 01:08:00,977
ආමෙන්!
968
01:08:01,077 --> 01:08:03,079
අවදි වෙන්න, නිදාගන්න කෙනා!
969
01:08:03,947 --> 01:08:05,315
ඉර පායලා.
970
01:08:13,423 --> 01:08:16,260
- කරුණාකරලා, පූජකතුමනි.
- සමාවෙන්න.
ඉඩ දෙන්න.
971
01:08:16,360 --> 01:08:17,627
කරුණාකරලා, සමාවෙන්න.
972
01:08:17,727 --> 01:08:19,095
කරුණාකරලා, සමාවෙන්න. ඉඩ දෙන්න.
973
01:08:19,196 --> 01:08:21,565
ස්තූතියි.
974
01:08:21,665 --> 01:08:25,302
- සමාවෙන්න, සර්! ඒ මම!
- උදව්වට ස්තූතියි
975
01:08:25,402 --> 01:08:27,471
ඒත් ඔයාට පේනවනේ,
මට කතා කරන්න වෙලාවක් නෑ.
976
01:08:27,571 --> 01:08:30,140
පූජකතුමා එක්ක වචනයක්
කතා කරන්න පුළුවන්ද?
977
01:08:30,240 --> 01:08:32,842
- දැන් බෑ.
- අහ්, සමහරවිට අද රෑට?
978
01:08:32,942 --> 01:08:34,344
වයිට්ෆීල්ඩ් මහත්තයා
979
01:08:34,444 --> 01:08:36,280
හවස් වෙනකල්ම දේශනා කරන්න
බාරගෙන තියෙන්නේ.
980
01:08:36,380 --> 01:08:38,782
- මට සමාවෙන්න.
- ඕ, ෆ්‍රෑන්ක්ලින් මහත්තයා.
981
01:08:38,882 --> 01:08:42,319
පේන විදිහට වයිට්ෆීල්ඩ් ඔයාට
හෙට පත්තරේ සිරස්තලය දීලා වගේ.
982
01:08:42,419 --> 01:08:44,988
- ඔයාද... බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්?
- ඔව් මම තමයි.
983
01:08:45,088 --> 01:08:46,623
පෙන්සිල්වේනියා ගැසට් පත්තරේ
අයිතිකාරයා?
984
01:08:46,723 --> 01:08:48,292
- ඔව්.
- විලියම් සුවර්ඩ්.
985
01:08:48,392 --> 01:08:49,793
- ඕ.
- වයිට්ෆීල්ඩ් මහත්තයා බලාපොරොත්තුවෙන් හිටියේ
986
01:08:49,893 --> 01:08:51,528
ඔයාව හම්බවෙන්න.
මේක දේව කැමැත්තක් වෙන්න ඇති.
987
01:08:51,628 --> 01:08:53,830
- ආ. නැත්නම් අහම්බයක්.
- රෑ වෙයි,
988
01:08:53,930 --> 01:08:56,333
ඒත් එයාගේ වැඩ ඉවර වුණාම
අපිට ඔයාගේ කඩේට එන්න පුළුවන්.
989
01:08:56,433 --> 01:08:57,867
අහ්, ඔව්. ගොඩක් හොඳයි.
990
01:08:57,967 --> 01:08:59,703
- ස්තූතියි.
- ස්තූතියි.
991
01:08:59,803 --> 01:09:01,004
දෙවි පිහිටයි, ෆ්‍රෑන්ක්ලින් මහත්තයා.
992
01:09:01,104 --> 01:09:02,306
කරුණාකරලා, පූජකතුමනි, කරුණාකරලා.
993
01:09:02,406 --> 01:09:04,508
හරි.
994
01:09:04,608 --> 01:09:10,980
* සාගරවල ඉඳන්
නිම්න හරහා *
995
01:09:11,080 --> 01:09:16,520
* ප්‍රධාන භූමියේ ඉඳන්
වෙරළ දක්වා *
996
01:09:16,620 --> 01:09:22,826
* ඔබගේ රාජ්‍යය
අවදි වේවා *
997
01:09:22,926 --> 01:09:29,098
* මිනිස්සුන්ගේ හදවත් තුළ
නැවත වතාවක් *
998
01:09:29,199 --> 01:09:35,339
* ඔබගේ දරුවන්ව
නිදහසට කැඳවන්න *
999
01:09:35,439 --> 01:09:41,345
* වහල් වෙච්ච ආත්මයන් නිදහසට *
1000
01:09:41,445 --> 01:09:47,684
* ඇවිත් අවදි කරන්න, ශුද්ධාත්මයාණෙනි *
1001
01:09:47,784 --> 01:09:54,291
* ඇවිත් අද අපිව අවදි කරන්න *
1002
01:09:55,091 --> 01:10:01,631
* මම ඔබට සේවය කරන්නම්,
අගනා ජේසුනි *
1003
01:10:01,731 --> 01:10:07,804
* මගේ හැමදේම මම ඔබට දෙනවා *
1004
01:10:07,904 --> 01:10:14,278
* මගේ අත්
ඔබගේ සේවයට තබනවා *
1005
01:10:14,378 --> 01:10:20,917
* ඒ වගේම මගේ හදවත ඔබගේ කැඳවීමට *
1006
01:10:21,017 --> 01:10:27,324
* හැම ආශාවක්ම විනාශ වෙලා යාවා *
1007
01:10:27,424 --> 01:10:33,730
* හැම ආත්මාර්ථකාමී ලාභයක්ම අත්හරින්න *
1008
01:10:33,830 --> 01:10:40,169
* ඔබගේ මහිමය වෙනුවෙන් ඔක්කොම අත්හරිනවා *
1009
01:10:40,270 --> 01:10:47,277
* ඇවිත් අද අපිව අවදි කරන්න *
1010
01:10:50,614 --> 01:10:52,782
මුළු ලෝකෙම ආගමික වෙලා,
ජෝසෆ්.
1011
01:10:54,584 --> 01:10:55,519
ඔව්, සර්.
1012
01:11:02,726 --> 01:11:07,063
හොඳයි... හෙට ගැසට් පත්තරේ
මෙහෙම ලියවෙයි...
1013
01:11:07,964 --> 01:11:11,200
"1739 නොවැම්බර් 8."
1014
01:11:11,968 --> 01:11:15,071
"පූජ්‍ය ජෝර්ජ් වයිට්ෆීල්ඩ්
එංගලන්තයේ ඉඳන් ඇවිත් ඉන්නවා...
1015
01:11:16,272 --> 01:11:18,041
මේ යටත් විජිත අවදි කරන්න."
1016
01:11:42,098 --> 01:11:44,468
ඔයාලා දෙන්නට දැන්
නිදාගන්න යන්න පුළුවන්.
1017
01:11:44,568 --> 01:11:46,770
ඔයාලගේ මහන්සියට ස්තූතියි.
1018
01:11:47,904 --> 01:11:49,005
එතකොට ඔයා, සර්?
1019
01:11:49,806 --> 01:11:54,143
ඕ, කම්මැලියෝ නිදාගන්නකොට
මම ගැඹුරටම හානවා,
1020
01:11:54,844 --> 01:11:57,947
එතකොට මට ඉරිඟු තියෙයි විකුණන්නයි
තියාගන්නයි.
1021
01:11:59,683 --> 01:12:00,617
අනිවාර්යයෙන්ම.
1022
01:12:02,952 --> 01:12:04,988
සුදු දෝණි, නැගිටින්න.
1023
01:12:06,490 --> 01:12:07,591
අපි යන්න ඕනේ.
1024
01:12:17,333 --> 01:12:18,402
ෆ්‍රෑන්ක්ලින් මහත්තයා?
1025
01:12:18,502 --> 01:12:19,436
හ්ම්?
1026
01:12:20,770 --> 01:12:23,039
අද පූජ්‍ය වයිට්ෆීල්ඩ්ගේ පණිවිඩයෙන්
ඔයා මොනවද ගත්තේ?
1027
01:12:23,540 --> 01:12:25,274
ඕ.
1028
01:12:25,375 --> 01:12:27,343
මම ඒකෙන් ගොඩක් දේවල් ගන්නයි හදන්නේ.
1029
01:12:31,981 --> 01:12:32,982
සුබ රාත්‍රියක්, සර්.
1030
01:12:34,150 --> 01:12:35,151
සුබ රාත්‍රියක්.
1031
01:12:36,686 --> 01:12:38,555
සුබ රාත්‍රියක්, ජෝසෆ්.
1032
01:12:44,461 --> 01:12:47,597
සුබ සැන්දෑවක්. මම හෙව්වේ
බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් මහත්තයාව.
1033
01:12:47,697 --> 01:12:51,468
අහ්... ඔ-ඔව්, එන්න.
1034
01:12:54,671 --> 01:12:56,440
ඔයාගේ නම මොකක්ද?
1035
01:12:56,540 --> 01:12:58,307
- මම සැමුවෙල්.
- සැමුවෙල්?
1036
01:12:58,408 --> 01:12:59,743
ඒක හයිය නමක්.
1037
01:12:59,843 --> 01:13:01,110
මේ කවුද?
1038
01:13:01,210 --> 01:13:02,546
සමන්තා, සර්.
1039
01:13:02,646 --> 01:13:05,882
සමන්තා, ඔයා ඔයාගේ තාත්තාට
ලොකු ආශිර්වාදයක්.
1040
01:13:05,982 --> 01:13:06,916
ඔයාලා දෙන්නටම දෙවි පිහිටයි.
1041
01:13:07,884 --> 01:13:09,553
- සුබ රාත්‍රියක්.
- සුබ සැන්දෑවක්.
1042
01:13:10,720 --> 01:13:14,057
සමාවෙන්න, සර්,
ඔයාගේ නම මොකක්ද?
1043
01:13:15,592 --> 01:13:16,560
මගේද?
1044
01:13:19,262 --> 01:13:20,430
ජෝසෆ්.
1045
01:13:20,530 --> 01:13:22,165
ජෝසෆ්.
1046
01:13:22,265 --> 01:13:24,067
ඒකත් හයිය නමක්.
1047
01:13:24,734 --> 01:13:25,735
ඔයාට ගැළපෙනවා.
1048
01:13:28,605 --> 01:13:31,374
මම සේවය කරන දෙවියන් වහන්සේ ඔයාව දකිනවා.
1049
01:13:45,388 --> 01:13:46,523
ෆ්‍රෑන්ක්ලින් මහත්තයා.
1050
01:13:48,057 --> 01:13:50,093
පූජ්‍ය වයිට්ෆීල්ඩ්.
1051
01:13:50,193 --> 01:13:52,028
කරුණාකරලා, මට "ජෝර්ජ්" කියන්න.
1052
01:13:52,729 --> 01:13:54,564
ඔයාව අන්තිමේදී හම්බවෙන්න ලැබුණු එක
ලොකු ගෞරවයක්.
1053
01:13:55,298 --> 01:13:57,934
ඔයාගේ කීර්තිය ඔයාට කලින්
එංගලන්තයට ගිහින් තියෙනවා.
1054
01:13:58,034 --> 01:13:59,135
ඕ?
1055
01:14:00,570 --> 01:14:01,638
මොකක් ගැනද?
1056
01:14:04,140 --> 01:14:06,776
එහේ ගොඩක් අය සලකනවා
ඔයාගේ
පුවර් රිචඩ්ස් ඇල්මනැක් පොත
1057
01:14:06,876 --> 01:14:08,778
බයිබලයේ නැති වෙච්ච
පොත්වලින් එකක් විදිහට.
1058
01:14:08,878 --> 01:14:10,547
ආ, ඔයා මාව වර්ණනා කරනවා.
1059
01:14:11,347 --> 01:14:14,818
ඒත් තමන් ගැනම හිතාගෙන ඉන්න මිනිහෙක්
හරිම පුංචි මිටියක් වෙනවා.
1060
01:14:15,418 --> 01:14:16,319
ඇත්තටම.
1061
01:14:17,120 --> 01:14:19,088
ඔයා ප්‍රාදේශීය පල්ලියකට අයිතිද?
1062
01:14:19,188 --> 01:14:22,559
මම හැම පල්ලියකටම යාළුවෙක්,
ඒත් එකකවත් සාමාජිකයෙක් නෙවෙයි.
1063
01:14:24,060 --> 01:14:24,961
මට තේරෙනවා.
1064
01:14:25,829 --> 01:14:27,196
ඔව්.
1065
01:14:27,296 --> 01:14:28,965
- හ්ම්.
- හ්ම්.
1066
01:14:30,934 --> 01:14:33,369
ඔයාට උදේ වෙනකල්
ඉන්න වෙයි.
1067
01:14:33,469 --> 01:14:34,804
හ්ම්.
1068
01:14:37,507 --> 01:14:39,175
මම මේක ගත්තට කමක්...
1069
01:14:39,275 --> 01:14:40,510
- ම්ම්.
- ආ. ආ!
1070
01:14:42,478 --> 01:14:44,080
ස්තූතියි.
1071
01:14:45,014 --> 01:14:47,016
මම කැමතියි
ඔයා එක්ක වැඩ කරන්න.
1072
01:14:47,116 --> 01:14:49,085
ඕ, කරුණාකරලා, කියන්න.
1073
01:14:50,520 --> 01:14:53,523
පෙන්සිල්වේනියා ගැසට් පත්තරේ තමයි
ප්‍රධානම පුවත්පත
1074
01:14:53,623 --> 01:14:55,825
රජතුමාගේ යටත් විජිත 13ම ඇතුළේ.
1075
01:14:55,925 --> 01:14:57,493
ඒක ගොඩක් ඵලදායී වෙයි
1076
01:14:57,594 --> 01:14:59,328
ඔයා ඉන්න තැන් ගැන
දැනුම් දෙන්න
1077
01:14:59,428 --> 01:15:01,765
පුළුවන් තරම් ලොකු සෙනඟක්
එකතු කරගන්න.
1078
01:15:01,865 --> 01:15:05,935
ඒත් එක්කම,
පුළුවන් තරම් ලොකු ආධාර මුදලකුත්.
1079
01:15:06,035 --> 01:15:07,837
හොඳයි, ඔයා ඒ ගැන හිතපු එක
ගොඩක් වටිනවා.
1080
01:15:07,937 --> 01:15:11,374
මම උත්සාහ කරන්නේ ජෝර්ජියාවල තියෙන අනාථ නිවාසයකට
අරමුදල් එකතු කරන්න.
1081
01:15:11,474 --> 01:15:13,677
මම දන්නවා ඔයා එහෙම කරනවා කියලා.
1082
01:15:13,777 --> 01:15:16,746
මාත් එක්ක එකතු වෙන එකෙන්
උපරිම වාසියක් ලැබෙනවා කියලා සහතික කරන්න පුළුවන්
1083
01:15:16,846 --> 01:15:18,147
ඔයාගේ අරමුණට,
1084
01:15:20,183 --> 01:15:21,618
ඒ වගේම මගේ එකටත්.
1085
01:15:23,219 --> 01:15:24,621
ස්වර්ගයෙන් ආපු ගැළපීමක්.
1086
01:15:25,622 --> 01:15:27,891
නැත්නම් අච්චු කන්තෝරුවක කරපු
ගනුදෙනුවක් විතරයි.
1087
01:15:31,695 --> 01:15:33,129
දැන්, ව්‍යාපාරික හවුල්කරුවෝ විදිහට,
1088
01:15:33,229 --> 01:15:36,232
ඔයා මගේ නගරේ ඉන්න ඕනෙම වෙලාවක
ඔයාට නවාතැන් ඕනේ වුණොත්,
1089
01:15:36,332 --> 01:15:38,301
මගේ ගෙදර
ඔයාට විවෘතයි.
1090
01:15:38,401 --> 01:15:40,637
ඒක ගොඩක් කාරුණික ඉල්ලීමක්
ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන්.
1091
01:15:40,737 --> 01:15:42,906
හොඳයි, ඒක ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නෙවෙයි,
ඔයා වෙනුවෙන්.
1092
01:15:43,006 --> 01:15:45,609
එහෙනම් අපි පත්තර අච්චු ගහමුද?
1093
01:15:45,709 --> 01:15:46,810
අද රෑ?
1094
01:15:46,910 --> 01:15:48,244
පුවර් රිචඩ් නේද කිව්වේ
1095
01:15:48,344 --> 01:15:49,913
"අද එක දවසක්,
හෙට දවස් දෙකකට වටිනවා" කියලා?
1096
01:15:50,013 --> 01:15:52,148
ඔව්, මම දන්නවා
පුවර් රිචඩ් කිව්ව දේ.
1097
01:15:52,248 --> 01:15:53,583
හරි, අපි ඒක කරමු.
1098
01:15:53,683 --> 01:15:55,418
මට ඕනේ
මේක පළ කරලා පටන්ගන්න.
1099
01:15:58,254 --> 01:16:01,124
හ්ම්. "මේරිලන්ඩ්, වර්ජිනියා,
1100
01:16:01,224 --> 01:16:03,092
උතුරු සහ දකුණු කැරොලිනාවල වැසියන්ට,
1101
01:16:03,192 --> 01:16:05,094
දෙවියන් වහන්සේට ඔයාලා එක්ක
ප්‍රශ්නයක් තියෙනවා
1102
01:16:05,194 --> 01:16:09,198
ඔයාලා වහලුන්ට කරන අපයෝජනය
සහ කෲරකම් ගැන...
1103
01:16:10,233 --> 01:16:12,602
ඒ වගේම ඒගොල්ලන්ගෙන්
ශුභාරංචිය හංගන එක ගැන."
1104
01:16:14,037 --> 01:16:16,372
ඔයා වෙඩි බෙහෙත් බැරලයකටයි ගිනි තියන්නේ,
මගේ යාළුවා.
1105
01:16:17,306 --> 01:16:20,610
මම අත්ලාන්තික් සාගරය තරණය කළේ
මිනිස්සුන්ගේ කන් පිනවන්න නෙවෙයි, ෆ්‍රෑන්ක්ලින් මහත්තයා.
1106
01:16:20,710 --> 01:16:22,679
හ්ම්, හහ්...
1107
01:16:22,779 --> 01:16:24,681
- සනසනවාද නැත්නම් අවුස්සනවාද.
- මොකක්ද කිව්වේ?
1108
01:16:24,781 --> 01:16:27,083
මිනිස්සුන්ගේ හිත්
සනසනවාද නැත්නම් අවුස්සනවාද.
1109
01:16:27,951 --> 01:16:32,255
ඒ දෙකෙන්ම පත්තර විකිණෙනවා වගේම
ආත්මයන් බේරෙනවා වගේ පේනවා.
1110
01:16:32,355 --> 01:16:34,090
හොඳයි, අපි පටන්ගමු.
1111
01:16:35,959 --> 01:16:37,794
ඔයාලා ව්‍යාපාරික හවුල්කරුවෝ වුණා.
1112
01:16:37,894 --> 01:16:40,329
ඒ වගේම මම මේවා ගොඩක් වික්කා.
1113
01:16:40,429 --> 01:16:42,699
"වයිට්ෆීල්ඩ් 17,000කට දේශනා කරනවා
1114
01:16:42,799 --> 01:16:44,133
රෝඩ් අයිලන්ඩ්වල ප්‍රොවිඩන්ස්වලදී--"
1115
01:16:44,233 --> 01:16:45,201
හොර දූපතේ.
1116
01:16:45,301 --> 01:16:47,804
"ඒ වගේම බොස්ටන්වල 30,000කට."
1117
01:16:47,904 --> 01:16:49,172
දිනය බලන්න.
1118
01:16:50,139 --> 01:16:51,875
මේවා වෙලා තියෙන්නේ එකම දවසේ.
1119
01:16:51,975 --> 01:16:55,845
ඒත් ප්‍රො-- ප්‍රොවිඩන්ස් සහ
බොස්ටන් අතර දුර සැතපුම් 50ක්.
1120
01:16:55,945 --> 01:16:59,515
එයා බිමට වඩා වෙලාවක්
අශ්වයෙක් පිටේ ගත කළා...
1121
01:17:00,316 --> 01:17:02,819
ඒ වගේම එයා නිදාගත්තට වඩා
දේශනා කළා වගේම යාච්ඤා කළා.
1122
01:17:04,087 --> 01:17:06,589
ආ... මට පිළිගන්න වෙනවා,
මුලදී,
1123
01:17:06,690 --> 01:17:09,726
මම විශ්වාස කළේ නෑ ඒ වගේ
ප්‍රතිචාරයක් දිගටම තියාගන්න පුළුවන් වෙයි කියලා.
1124
01:17:09,826 --> 01:17:11,194
හොඳයි, එහෙම වුණාද?
1125
01:17:11,294 --> 01:17:12,195
නෑ.
1126
01:17:14,163 --> 01:17:15,498
ඒක වැඩි වුණා.
1127
01:17:25,308 --> 01:17:27,143
පූජ්‍ය ජෝර්ජ් වයිට්ෆීල්ඩ්
පසුතැවිල්ල ගැන දේශනා කරනවා
1128
01:17:27,243 --> 01:17:29,012
මැසචුසෙට්ස්, රෝඩ් අයිලන්ඩ්වලදී.
1129
01:17:30,947 --> 01:17:33,149
පල්ලියේ කිසිම
බෙදීමක් තියෙන්න දෙන්න එපා.
1130
01:17:33,249 --> 01:17:37,153
ඒ වෙනුවට එකම අදහසකින් ඉන්න,
සිතිවිල්ලෙන් සහ අරමුණෙන් එකතු වෙන්න.
1131
01:17:37,253 --> 01:17:38,722
ඔව්.
1132
01:17:38,822 --> 01:17:42,759
ඒ නිසා, අපි නිදාගෙන ඉන්නේ නැතුව,
අවදි වෙලා ඉමු.
1133
01:17:42,859 --> 01:17:44,527
- ඔව්.
- ඒ වගේම සිහිබුද්ධියෙන්,
1134
01:17:44,627 --> 01:17:46,863
මොකද අපි අයිති දවාලට.
1135
01:17:46,963 --> 01:17:49,165
අපි ආලෝකයේ ඇඳුම්
ඇඳගමු.
1136
01:17:49,265 --> 01:17:51,467
ඔව්! ආමෙන්.
1137
01:18:11,988 --> 01:18:15,091
නේතන්! නේතන්!
1138
01:18:15,191 --> 01:18:17,260
පූජ්‍ය වයිට්ෆීල්ඩ් ඊයේ
හාට්ෆර්ඩ්වල දේශනා කළා.
1139
01:18:17,360 --> 01:18:19,829
ඒ වගේම එයා අද උදේ 10.00ට
මිඩ්ල්ටවුන්වල දේශනා කරන්න ඉන්නේ.
1140
01:18:29,338 --> 01:18:30,774
මොලී.
1141
01:18:30,874 --> 01:18:32,408
- නේතන්?
- මොලී.
1142
01:18:34,010 --> 01:18:36,980
මොලී, පූජ්‍ය වයිට්ෆීල්ඩ්.
1143
01:18:37,080 --> 01:18:39,682
ඒ වගේම එයාගේ ඔළුවේ ඔටුනු ගොඩක් තියෙනවා.
1144
01:18:40,750 --> 01:18:43,352
එයාගේ ඔළුවේ ඔටුනු ගොඩක් තියෙනවා.
1145
01:18:46,422 --> 01:18:48,925
ස්වාමීනි, මා හරහා කතා කරන්න.
1146
01:18:49,692 --> 01:18:51,294
ඔබගේ වචනයෙන් ඔවුන්ව ඇදගන්න.
1147
01:18:52,695 --> 01:18:55,664
ඔවුන්ට ඔබගේ කටහඬ ඇහෙන්න සලස්වන්න.
1148
01:18:55,765 --> 01:18:58,935
ඔවුන් කවදාවත් අයින් වෙන්නේ නැති
මාර්ගයක ඔවුන්ව තබන්න.
1149
01:19:00,203 --> 01:19:02,305
ඔබ යුක්තියේ දෙවියන්
වුණත්,
1150
01:19:03,039 --> 01:19:06,075
ඔබගේ හදවත දයාවෙන් පිරිලා තියෙනවා කියලා
ඔවුන්ට පෙන්නන්න.
1151
01:19:07,443 --> 01:19:11,981
ඔබ හැමදාම මට පෙන්නපු ඒ කරුණාව
ඔවුන්ටත් පෙන්නන්න.
1152
01:19:12,081 --> 01:19:15,351
මම දේව වචනයෙන්
අකුණක් වගේ කතා කරනකොට,
1153
01:19:16,052 --> 01:19:18,621
දේව වචනයෙන් කෑගහලා
ගිගුරුම් දෙන්න.
1154
01:19:19,755 --> 01:19:21,624
උන්වහන්සේගේ ඇඟේ නමක් ලියලා තියෙනවා
1155
01:19:21,724 --> 01:19:24,260
ඒක උන්වහන්සේම හැරෙන්න
වෙන කවුරුවත් දන්නේ නෑ,
1156
01:19:24,360 --> 01:19:27,196
ඒ වගේම උන්වහන්සේගේ නම තමයි දේව වචනය!
1157
01:19:28,597 --> 01:19:30,033
මාව පාවිච්චි කරන්න, ස්වාමීනි,
1158
01:19:31,467 --> 01:19:32,701
මොන දේ වුණත්.
1159
01:19:34,871 --> 01:19:38,041
ඔබගේ ගැලවීමේ තෑග්ග
ඔවුන්ට ලබාගන්න ඉඩ දෙන්න,
1160
01:19:40,243 --> 01:19:42,211
ඒ වගේම අපිව නිදහස් කරන්න.
1161
01:19:44,914 --> 01:19:46,950
"ඒ වගේම මම දැක්කා මගේ ධර්මිෂ්ඨකමට
1162
01:19:47,050 --> 01:19:48,651
මාව බේරගන්න බැරි වෙයි කියලා.
1163
01:19:48,751 --> 01:19:52,721
නේතන් කෝල්.
1740 ඔක්තෝබර් 23."
1164
01:19:53,890 --> 01:19:57,861
අවුරුදු 13කට විතර කලින්,
ඒත් වාර්තා තාමත් ඒ වගේමයි.
1165
01:19:58,594 --> 01:20:02,165
නේතන් කෝල් මහත්තයාට කවදාවත්
අලුත් උපතක් අත්දකින්න ලැබෙන එකක් නෑ
1166
01:20:02,265 --> 01:20:04,267
ඔයා මම ඉන්න තැන් ගැන
පළ කළේ නැත්නම්.
1167
01:20:04,367 --> 01:20:07,503
හොඳයි, පුවර් රිචඩ්
තාමත් දුප්පත්වම ඉඳීවි
1168
01:20:07,603 --> 01:20:09,672
මම ඔයා ඉන්න තැන් ගැන
පළ කළේ නැත්නම්.
1169
01:20:12,408 --> 01:20:15,945
මට පේනවා අද පල්ලිය, අහ්,
ඔයාව උණුසුම් විදිහට පිළිඅරන් තියෙනවා කියලා.
1170
01:20:18,081 --> 01:20:21,150
මගේ ආදරණීය යාළුවා, ජෝන් වෙස්ලි,
දවසක් කිව්වා,
1171
01:20:21,851 --> 01:20:26,322
"ඔයා ඕනෑම වෙලාවක දේශනා කරන්න,
යාච්ඤා කරන්න නැත්නම් මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ" කියලා.
1172
01:20:26,422 --> 01:20:29,926
එයාට අමතක වෙලා ඔයාට කියන්න
පාත් වෙන්නයි බේරෙන්නයිත් ඕනේ කියලා.
1173
01:20:35,331 --> 01:20:36,599
අපිට සුවර්ඩ්ව නැති වුණා.
1174
01:20:40,836 --> 01:20:41,938
මට කණගාටුයි.
1175
01:20:43,106 --> 01:20:45,708
එයා දකුණු වේල්ස්වල
දේශනා කර කර ඉන්නකොට...
1176
01:20:47,176 --> 01:20:49,845
තරහ ගිය සෙනඟක්
ගල් ගහන්න පටන් අරන්.
1177
01:20:52,781 --> 01:20:54,317
එයා දවස් තුනකට පස්සේ මැරුණා.
1178
01:20:56,452 --> 01:20:58,421
එයා මට එවපු අන්තිම ලියුමේ,
එයා කිව්වා...
1179
01:20:59,388 --> 01:21:00,656
"බය වෙන්න එපා, ජෝර්ජ්...
1180
01:21:01,891 --> 01:21:06,395
පොළොවේ අපේ වැඩේ ඉවර වෙනකල්
අපි අමරණීයයි." කියලා.
1181
01:21:07,997 --> 01:21:11,567
කෙනෙක්ව ආයෙත් තරහ ගිය සෙනඟක් මැදට
යවන්න බල කරන්නේ මොකක්ද?
1182
01:21:12,902 --> 01:21:16,372
ක්‍රිස්තුස් වහන්සේට ලී කුරුසයකට යන්න
බල කරපු දේම තමයි.
1183
01:21:18,374 --> 01:21:19,708
ඔයා උන්වහන්සේව අනුගමනය කරනකොට,
1184
01:21:21,210 --> 01:21:22,878
ඔයාව මෙහෙයවන්නේ ආදරයෙන්...
1185
01:21:24,013 --> 01:21:25,314
මොන දේ වුණත්.
1186
01:21:28,184 --> 01:21:33,222
මැරුණු ආගමක් අනුගමනය කරන අයව
මෙහෙයවන්නේ හරි වෙන්න තියෙන ආසාවෙන්.
1187
01:21:35,491 --> 01:21:37,093
අන්තිමේදී, ඒගොල්ලෝ
ගල් ගහයි
1188
01:21:37,193 --> 01:21:38,861
ඒගොල්ලෝ වැරදියි කියලා හිතන අයට.
1189
01:21:42,498 --> 01:21:46,735
මම මේ වැඩේදී මහන්සි වෙනවා, බෙන්,
ඒත් කවදාවත් මේ වැඩේ එපා වෙන්නේ නෑ.
1190
01:21:48,571 --> 01:21:51,140
ඒ වගේම ඔයා වගේ...
1191
01:21:51,240 --> 01:21:54,010
මම ඊට වඩා කැමතියි වැඩ කරලා ගෙවිලා යන්න
නිකන් ඉඳලා මලකඩ කනවට වඩා.
1192
01:21:59,315 --> 01:22:03,286
සුවර්ඩ් කිව්වා
මම ඔයාට මේවා දෙන්න ඕනේ කියලා...
1193
01:22:05,788 --> 01:22:08,024
මගේ පෞද්ගලික දිනපොත්.
1194
01:22:08,124 --> 01:22:10,426
එයා කිව්වා ඔයා ඒවා පළ කරන්න ඕනේ කියලා,
1195
01:22:10,526 --> 01:22:14,130
එතකොට ගොඩක් අයට
දෙවියන්ගේ යහපත්කම දකින්න පුළුවන් වෙයි කියලා.
1196
01:22:14,230 --> 01:22:18,001
මට අලුත් මැෂින් එකක් ඕනේ වුණා
ඔයාගේ දේශනා පළ කරන්න විතරක්.
1197
01:22:18,101 --> 01:22:20,303
හොඳයි, මම හිතන්නේ
ඔයා තුන්වෙනි එකකුත් ගන්න එක හොඳයි.
1198
01:22:27,543 --> 01:22:29,245
අම්මෝ...
1199
01:22:30,579 --> 01:22:33,716
ඔයාගේ අච්චු කන්තෝරුව
අමුතුම රසායනාගාරයක් වෙලානේ
1200
01:22:33,816 --> 01:22:36,219
මගේ අන්තිම ගමනට පස්සේ.
1201
01:22:36,319 --> 01:22:39,522
ඔව්, රජතුමාගේ රාජකීය සංගමය
1202
01:22:39,622 --> 01:22:42,725
මගේ පර්යේෂණ ගැන
විශේෂ උනන්දුවක් දක්වලා තියෙනවා
1203
01:22:42,825 --> 01:22:45,194
විදුලි ගින්නේ
අභිරහස් ගැන.
1204
01:22:47,296 --> 01:22:49,398
- ඉතින් ඔයා ගැන මොකද, බෙන්?
- හ්ම්?
1205
01:22:49,498 --> 01:22:51,134
ඔයාගේ මූලාශ්‍රය මොකක්ද?
1206
01:22:51,234 --> 01:22:52,501
මගේ මූලාශ්‍රය?
1207
01:22:52,601 --> 01:22:54,570
ඔයාව මෙහෙයවන්නේ මොකක්ද?
1208
01:22:54,670 --> 01:22:57,573
ආහා, මම හිතුවා ඔයා
කවදාවත් අහන එකක් නෑ කියලා.
1209
01:23:03,112 --> 01:23:05,248
මගේ පස්සෙන් එන්න.
1210
01:23:08,984 --> 01:23:11,520
මට තේරෙන්නේ නෑ මේකේ තියෙන
විහිළුව මොකක්ද කියලා.
1211
01:23:11,620 --> 01:23:13,656
අහ්, ඒක ගුණධර්ම සටහනක්.
1212
01:23:13,756 --> 01:23:15,258
- ඔයා ඇත්තටම මේක පාවිච්චි කරනවද?
- අනේ දෙවියනේ.
1213
01:23:15,358 --> 01:23:17,093
එයා අරයාට සටහන පෙන්නනවා.
1214
01:23:17,193 --> 01:23:18,661
සුබ සැන්දෑවක්, ෆ්‍රෑන්ක්ලින් නෝනා.
1215
01:23:18,761 --> 01:23:20,663
මට මේක පැහැදිලි කරන්න දෙන්න.
1216
01:23:20,763 --> 01:23:22,765
මුලින්ම, පොඩි කාඩ් එකක,
මම ලියනවා ඒ සතියේ මම
1217
01:23:22,865 --> 01:23:24,667
අවධානය දෙන්න ඕනේ ගුණධර්මය.
1218
01:23:24,767 --> 01:23:27,103
- දැනට, ඒක නිහතමානීකම.
- ඒක එයා මේ දැන් එකතු කළේ,
1219
01:23:27,203 --> 01:23:29,004
මොකද එයා කලින් 12 ගැන
පම්පෝරි ගැහුවා.
1220
01:23:29,105 --> 01:23:31,540
"ජේසුස් වහන්සේවයි
සොක්‍රටීස්වයි අනුකරණය කරන්න."
1221
01:23:31,640 --> 01:23:33,276
මම ඒක නිතරම බලනවා,
1222
01:23:33,376 --> 01:23:35,944
ඊටපස්සේ මම හැම සතියෙම
අලුත් ගුණධර්මයක් ඒකට දානවා
1223
01:23:36,045 --> 01:23:37,380
සති 13ක් යනකල්,
1224
01:23:37,480 --> 01:23:40,049
එතකොට අවුරුද්දකට හතර වතාවක්
ඒ මාලාවම ආයෙත් සිද්ධ වෙනවා.
1225
01:23:40,149 --> 01:23:42,118
ඊටපස්සේ මම සටහනෙන් බලනවා
මම කොහොමද කරන්නේ කියලා.
1226
01:23:42,218 --> 01:23:44,353
අපේ තක්සේරු කිරීම්
හැමතිස්සෙම ගැළපෙන්නේ නෑ.
1227
01:23:44,453 --> 01:23:47,290
හොඳයි, මම මොන ජයග්‍රහණ
ලබාගෙන තිබුණත්,
1228
01:23:47,390 --> 01:23:49,892
මම ඒකේ ගෞරවය දෙන්නේ මේ ගුණධර්මවල
තියෙන සදාචාරාත්මක, බුද්ධිමය,
1229
01:23:49,992 --> 01:23:52,295
සහ ශාරීරික හික්මීමටයි.
1230
01:23:52,395 --> 01:23:55,464
ඒවා මත ඉඳන් තමයි මම
සාර්ථකම පත්තරේ හැදුවේ
1231
01:23:55,564 --> 01:23:56,732
මේ යටත් විජිතවල තියෙන,
1232
01:23:56,832 --> 01:23:59,368
පළවෙනි මහජන පුස්තකාලය,
ගිනි නිවන ස්ථානය,
1233
01:23:59,468 --> 01:24:01,904
ඒ වගේම ෆිලඩෙල්ෆියාවේ
පළවෙනි ඉස්පිරිතාලය.
1234
01:24:02,004 --> 01:24:04,907
"තමන් ගැනම ආදරෙන් බැඳෙන කෙනාට
1235
01:24:05,007 --> 01:24:06,575
තරඟකාරයෝ නෑ" කියලා කියන
මනුස්සයමයි මේ කියන්නේ.
1236
01:24:06,675 --> 01:24:08,777
මම මේක කියන්නේ
පම්පෝරි ගහන්න නෙවෙයි ඩෙබොරා,
1237
01:24:08,877 --> 01:24:11,046
මගේ ක්‍රමයේ තියෙන
වටිනාකම ඔප්පු කරන්නයි.
1238
01:24:11,147 --> 01:24:12,815
වෙන කවුරුහරි මේ හික්මීම
ඇති කරගත්තා නම්,
1239
01:24:12,915 --> 01:24:14,883
ෆ්‍රෑන්ක්ලින් උදුන වෙනුවට ඒකේ තියෙන්නේ
එයාලගේ නම වෙන්න තිබුණා.
1240
01:24:14,983 --> 01:24:17,153
- හ්ම්.
- අකුණු සන්නායකය, පීනන්න දාන වරල්,
1241
01:24:17,253 --> 01:24:19,655
- ඒ වගේම නැවෙන කැතීටරය.
- බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්.
1242
01:24:19,755 --> 01:24:20,923
මම හිතන්නේ ඔයාගේ ලොකුම ජයග්‍රහණය
1243
01:24:21,023 --> 01:24:22,158
වෙන්නේ ඔය නැවෙන කැතීටරය
කියලා.
1244
01:24:22,258 --> 01:24:24,260
- ආ.
- කැතීටරයක් කියන්නේ මොකක්ද?
1245
01:24:24,360 --> 01:24:26,629
ඒක වැඩක් නෑ.
1246
01:24:26,729 --> 01:24:29,432
තමන්ව, සමාජය, සහ විද්‍යාව දියුණු කරන්න
තියෙන ඒ උනන්දුව
1247
01:24:29,532 --> 01:24:32,168
නිසා තමයි මට ඔප්පු කරන්න
පුළුවන් වුණේ
1248
01:24:32,268 --> 01:24:34,737
කුණාටුවලට පුළුවන් කියලා
හුළඟ හමන පැත්තට
1249
01:24:34,837 --> 01:24:36,305
විරුද්ධ පැත්තට
ගමන් කරන්න.
1250
01:24:36,405 --> 01:24:38,241
ඒ වගේම අනිවාර්යයෙන්ම,
ඔයා තමයි හුළඟත් හොයාගත්තේ.
1251
01:24:38,341 --> 01:24:40,643
අනිවාර්යයෙන්ම, මම තමයි.
මට මගේ සරුංගල් යවන්න ඕනේ වුණා.
1252
01:24:40,743 --> 01:24:42,511
ඕ!
1253
01:24:42,611 --> 01:24:44,647
ඕ, හොඳයි, මේ මෙහේ හමන
උණුසුම් හුළඟට නම්
1254
01:24:44,747 --> 01:24:46,582
අනිවාර්යයෙන්ම වගකියන්න ඕනේ
මෙයා තමයි.
1255
01:24:46,682 --> 01:24:47,850
අන්න හරි. අන්න හරි.
1256
01:24:47,950 --> 01:24:49,985
සුබ රාත්‍රියක්, ජෝර්ජ්.
1257
01:24:50,085 --> 01:24:51,120
සුබ රාත්‍රියක්, වයිට්ෆීල්ඩ් මහත්තයා.
1258
01:24:51,220 --> 01:24:52,921
සුබ රාත්‍රියක්, සැලී,
ෆ්‍රෑන්ක්ලින් නෝනා.
1259
01:24:53,021 --> 01:24:54,022
සුබ රාත්‍රියක්, තාත්තේ.
1260
01:24:54,623 --> 01:24:56,625
සුබ රාත්‍රියක්.
1261
01:25:04,367 --> 01:25:06,169
අනේ, නෑ. ඔයා ආයෙත් ඒක කරනවා.
1262
01:25:06,269 --> 01:25:07,970
- මොකක්ද?
- අන්න, ඒක නවත්තන්න.
1263
01:25:08,070 --> 01:25:10,105
ඔයා මගේ පේන්නේ නැති ඇහැට විහිළු කරනවද, බෙන්?
1264
01:25:10,206 --> 01:25:12,475
නෑ, ඔය මගුල් ඇහැට නෙවෙයි.
1265
01:25:12,575 --> 01:25:13,609
ඔය බැල්මට.
1266
01:25:14,243 --> 01:25:16,979
ඔයා අර බොරු ආගමික බැල්මක්
මගේ දිහා බලන් ඉන්නවා.
1267
01:25:18,647 --> 01:25:21,850
මම මේක ට්‍රයි කළා, බෙන්,
ඒකෙන් මම මැරෙන්නම ගියා.
1268
01:25:22,985 --> 01:25:26,555
මිනිස්සුන්ට ගල් ගහන්න පෙලඹෙව්වෙත්
ඔය ආගමික මානසිකත්වයම තමයි.
1269
01:25:27,556 --> 01:25:30,626
ඔයා නැවත ඉපදෙන්නම ඕනේ.
1270
01:25:30,726 --> 01:25:32,995
මම විශ්වාස කරනවා මගේ හොඳ හදවතින් කරන
මගේ හොඳ වැඩ
1271
01:25:33,095 --> 01:25:34,663
මට ඉස්සරහින් යයි කියලා.
1272
01:25:34,763 --> 01:25:36,865
ඔයාගේම හයියෙන්
ස්වර්ගයට යන්න හදනවා.
1273
01:25:36,965 --> 01:25:39,902
ඔයාට පුළුවන් නම් වැලි කඹයකින්
හඳට වුණත් නගින්න පුළුවන්.
1274
01:25:40,002 --> 01:25:43,806
හඳ ගැන වද වෙන්න වෙලාවක් නෑ, මට
මේ පොළොවේ කරන්න ගොඩක් දේවල් තියෙනවා.
1275
01:25:43,906 --> 01:25:46,141
ඔයා නිතරම කියන ඔය අලුත් උපත
මට අත්දකින්න ලැබුණත්,
1276
01:25:46,242 --> 01:25:47,510
මම කවදාවත් ඔයාටවත්
වෙන කාටවත්
1277
01:25:47,610 --> 01:25:49,478
ඒක දැනගන්න සතුටක් දෙන්නේ නෑ.
1278
01:25:49,578 --> 01:25:51,079
මම කවදාවත් ඔයාටවත්
වෙන කාටවත්
1279
01:25:57,586 --> 01:25:58,587
අපි යමු.
1280
01:26:00,423 --> 01:26:02,991
- මොකක් කිව්වා?
- ඔයාගේ කෝට් එක ගන්න.
1281
01:26:03,091 --> 01:26:04,593
මට ඔයාට දෙයක් පෙන්නන්න ඕනේ.
1282
01:26:04,693 --> 01:26:06,329
දැන්ද?
ඔයාට පිස්සුද.
1283
01:26:06,862 --> 01:26:09,232
කාලය නාස්ති කරන්න එපා,
ජෝර්ජි.
1284
01:26:09,332 --> 01:26:11,300
ජීවිතේ හැදිලා තියෙන්නේ ඒකෙන් තමයි.
1285
01:26:11,400 --> 01:26:15,037
- හරි.
- මට මේක ඕනේ වෙයි, ඒ වගේම...
1286
01:26:16,372 --> 01:26:17,673
- ඒ මොකක්ද?
- හහ්?
1287
01:26:17,773 --> 01:26:18,841
හරි.
1288
01:26:26,815 --> 01:26:28,584
ඇයි ඒගොල්ලෝ පල්ලියේ
සීනු ගහන්නේ?
1289
01:26:28,684 --> 01:26:30,052
මිථ්‍යා විශ්වාස.
1290
01:26:30,152 --> 01:26:31,620
ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒකෙන්
දෙවියන්ව සනසන්න පුළුවන් කියලා
1291
01:26:31,720 --> 01:26:34,390
එතකොට උන්වහන්සේගේ කෝපය පහත් වෙලා
එයාලගේ ගෙවල් ගිනි ගන්නේ නෑ කියලා.
1292
01:26:34,490 --> 01:26:36,425
ඒක බයිබලයට එකඟ නෑ.
1293
01:26:36,525 --> 01:26:39,962
අන්තිමේදී, මාත් එක්ක එකඟ වෙන
කෙනෙක් හම්බවුණා.
1294
01:26:41,196 --> 01:26:43,165
මේක තමයි නියම වෙලාව.
1295
01:26:44,733 --> 01:26:46,669
පිස්සුවත් ඔයාගේ ගුණධර්මවලින් එකක්ද?
1296
01:26:52,341 --> 01:26:54,977
අකුණු වළාකුළු
සරුංගලේට උඩින් එනකොට,
1297
01:26:55,678 --> 01:26:58,881
මේ උල් කම්බියෙන් ඒවයේ තියෙන
විදුලි ගින්න ඇදලා ගන්නවා.
1298
01:26:58,981 --> 01:27:00,916
සරුංගලේ සහ මේ නූල ඔක්කොම,
1299
01:27:01,016 --> 01:27:02,385
විදුලියෙන් පිරෙනවා.
1300
01:27:02,485 --> 01:27:04,420
එතකොට මේ නූලේ තියෙන
බුරුල් කෙඳි
1301
01:27:04,520 --> 01:27:06,088
හැම පැත්තටම ඉස්සිලා
1302
01:27:06,188 --> 01:27:08,691
ළං කරන ඇඟිල්ලකට
ඇදිලා එනවා.
1303
01:27:10,893 --> 01:27:13,396
ඕ, ස්තූතියි, මගේ පුංචි යාළුවා.
1304
01:27:20,269 --> 01:27:21,404
හාහා!
1305
01:27:22,338 --> 01:27:24,740
තෙතමනය නිසා සරුංගලෙයි නූලයි
තෙමුණට පස්සේ,
1306
01:27:24,840 --> 01:27:27,510
ඒකෙන් විදුලි ගින්න
නිදහසේ ගමන් කරනවා,
1307
01:27:27,610 --> 01:27:29,845
එතකොට ඔයාට පෙනෙයි යතුරෙන් ඒක
ගොඩක් පිටවෙනවා
1308
01:27:29,945 --> 01:27:30,979
ඔයාගේ ඇඟිලි පුරුක ළං කරනකොට.
1309
01:27:31,079 --> 01:27:32,515
මෙන්න, ට්‍රයි කරලා බලන්න.
1310
01:27:32,615 --> 01:27:34,016
නෑ, මම-මම නොකර ඉන්නම්.
1311
01:27:34,116 --> 01:27:35,918
මම මේක මීට කලින්
ගොඩක් වතාවක් කරලා තියෙනවා.
1312
01:27:36,018 --> 01:27:37,019
ඒක වැඩ කරනවා.
1313
01:27:37,119 --> 01:27:39,355
ඒක-- හරියටම හරි.
1314
01:27:39,455 --> 01:27:42,525
පළවෙනි වතාවේ, මම මගේ පුතා විලියම්ට
නූල අල්ලගන්න කිව්වා.
1315
01:27:42,625 --> 01:27:46,795
බූම්! අකුණක් වැදිලා
එයාගේ අත් හරහා ගියා.
1316
01:27:47,763 --> 01:27:49,097
එයා කොළයක් වගේ වෙව්ලුවා.
1317
01:27:49,197 --> 01:27:51,133
ඒක පුදුම සහගතයි.
1318
01:27:51,233 --> 01:27:52,535
එදායින් පස්සේ එයා කවදාවත් මට උදව් කළේ නෑ.
1319
01:27:52,635 --> 01:27:53,869
මමත් එහෙම හිතනවා.
1320
01:27:53,969 --> 01:27:56,439
එතකොට තමයි මම ඉගෙනගත්තේ,
1321
01:27:57,706 --> 01:28:01,577
බලය විසිරුවා හරින්න
නූල පොළොවට සම්බන්ධ කරන්න ඕනේ කියලා.
1322
01:28:02,978 --> 01:28:06,281
ඉතින්... මම මගේ
අකුණු සන්නායකය හොයාගත්තා.
1323
01:28:06,382 --> 01:28:08,717
ඔයා පුදුම මනුස්සයෙක්, බෙන්.
1324
01:28:08,817 --> 01:28:10,519
පොඩ්ඩක් ඉන්න, ඔයාට ඒක දැනෙනවද?
1325
01:28:10,619 --> 01:28:11,720
මොකක්ද දැනෙන්නේ?
1326
01:28:12,955 --> 01:28:14,523
අහ්!
1327
01:28:14,623 --> 01:28:16,392
ලෙයිඩන් භාජනය යතුරට තියන්න.
1328
01:28:16,492 --> 01:28:17,693
නෑ, මම හිතන්නේ නෑ ඒක කරයි කියලා.
1329
01:28:17,793 --> 01:28:18,794
ආ, මෙන්න.
1330
01:28:27,503 --> 01:28:28,604
ඔව්.
1331
01:28:29,572 --> 01:28:30,906
ස්වර්ගයෙන් ආපු ගින්න.
1332
01:28:43,919 --> 01:28:46,121
ඔයා තමයි අකුණු සැරය,
ජෝර්ජ්.
1333
01:28:47,723 --> 01:28:50,092
මම නිකන්ම අකුණු සන්නායකය විතරයි.
1334
01:28:50,192 --> 01:28:51,894
එතකොට කවුද මූලාශ්‍රය, බෙන්?
1335
01:28:55,998 --> 01:28:58,166
මම දැක්කා ඔයා එතන කරපු දේ.
1336
01:28:58,266 --> 01:29:00,068
ගොඩක් දක්ෂයි, පූජකතුමනි.
1337
01:29:00,168 --> 01:29:01,470
ගොඩක් දක්ෂයි.
1338
01:29:05,974 --> 01:29:07,242
තහවුරු කිරීම!
1339
01:29:07,342 --> 01:29:08,777
ඉවත් වීම!
1340
01:29:08,877 --> 01:29:10,613
අපි දැන් යන්න ඕනේ!
1341
01:29:24,326 --> 01:29:27,295
1770 අප්‍රේල් 21.
1342
01:29:27,996 --> 01:29:31,266
මගේ ආදරණීය යාළුවා,
ඩොක්ටර් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්,
1343
01:29:32,167 --> 01:29:36,304
මම යටත් විජිතවලට මගේ හත්වෙනි
වන්දනා ගමන පටන් අරන් තියෙනවා.
1344
01:29:36,405 --> 01:29:37,873
ඒක අමාරු වුණත්,
1345
01:29:37,973 --> 01:29:41,376
ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛය මට ඉඩ දෙනවා
වේදනාව මැදින් හිනාවෙන්න,
1346
01:29:42,110 --> 01:29:46,214
ඒ වගේම උන්වහන්සේගේ ආදරයේ ගින්න
ඕනෑම උණක් දවාලනවා.
1347
01:29:47,683 --> 01:29:49,418
මට කණගාටුයි මට මඟහැරුණු එකට
1348
01:29:49,518 --> 01:29:51,587
ඔයාගේ නගරයේ සීනුව
බව්තීස්ම කරන එක,
1349
01:29:51,687 --> 01:29:54,923
මුළු දේශය පුරාම දෙවියන්ගේ නිදහස
ප්‍රකාශ කරමින්.
1350
01:29:55,791 --> 01:29:59,695
ඇමරිකාවේ මිනිස්සු වෙන කවදාටත් වඩා
දේව වචනයට ආසාවෙන් ඉන්නවා වගේ පේනවා.
1351
01:30:00,629 --> 01:30:03,599
ඒ සීනුවත් එක්ක එයාලගේ කටහඬවල්
එකමුතුව නාද වේවා.
1352
01:30:05,100 --> 01:30:07,302
මට පේනවා ඔයා තවත්
ගොඩක් ප්‍රසිද්ධ වෙලා කියලා
1353
01:30:07,402 --> 01:30:09,104
උගත් ලෝකය ඇතුළේ.
1354
01:30:09,204 --> 01:30:11,440
ඔයා සෑහෙන දියුණුවක්
ලබාගෙන තියෙන නිසා
1355
01:30:11,540 --> 01:30:13,742
විදුලියේ අභිරහස්
ගැන,
1356
01:30:13,842 --> 01:30:15,644
මම දැන් නිහතමානීව යෝජනා කරනවා
1357
01:30:15,744 --> 01:30:19,147
අලුත් උපතේ අභිරහස ගැන
අධ්‍යයනය කරන්න කියලා,
1358
01:30:19,247 --> 01:30:20,683
මොකද ඒක නැතුව,
1359
01:30:20,783 --> 01:30:23,051
අපිට ස්වර්ග රාජ්‍යයට
ඇතුළු වෙන්න බෑ.
1360
01:30:24,286 --> 01:30:25,921
ඔයා සතුටු වෙයි දැනගන්න ලැබුණම
1361
01:30:26,021 --> 01:30:28,691
මම පවුම් 700ක්
එකතු කළා කියලා
1362
01:30:28,791 --> 01:30:31,326
ජෝර්ජියාවල තියෙන මගේ අනාථ නිවාසෙට.
1363
01:30:31,426 --> 01:30:33,028
මම බලාපොරොත්තු වෙනවා ස්වර්ගයේදී පොහොසත් වෙන්න
1364
01:30:33,128 --> 01:30:35,263
පොළොවේ ඉන්න අනාථයන්ව
බලාගැනීමෙන්.
1365
01:30:36,532 --> 01:30:41,837
මම සටහන් කරනවා, ආදරණීය සර්,
ඔබගේ ඉතා ආදරණීය මිතුරා
1366
01:30:41,937 --> 01:30:45,007
සහ කීකරු සේවකයා,
ජෝර්ජ් වයිට්ෆීල්ඩ්.
1367
01:30:58,487 --> 01:31:02,224
"මුළු දේශය පුරාම
නිදහස ප්‍රකාශ කරන්න...
1368
01:31:03,959 --> 01:31:06,895
එහි ඉන්න
සියලුම වැසියන්ට."
1369
01:31:08,664 --> 01:31:10,365
කොච්චර ශ්‍රේෂ්ඨ පදයක්ද
නාද කරන්න
1370
01:31:10,465 --> 01:31:12,334
සහෝදර ප්‍රේමයේ නගරය පුරාම.
1371
01:31:13,101 --> 01:31:14,002
හ්ම්?
1372
01:31:14,837 --> 01:31:16,905
ආ, ඔව්. ඉතින්,
1373
01:31:17,005 --> 01:31:18,941
පේන විදිහට,
එහි ඉන්න වැසියන්
1374
01:31:19,041 --> 01:31:22,344
ඒ වගේම හයියෙන් නාද කරනවා
අපේ රජතුමාගේ කන්වලට.
1375
01:31:23,679 --> 01:31:25,514
පාර්ලිමේන්තුව කැමතියි
බලපෑම් කරන්න
1376
01:31:25,614 --> 01:31:27,349
අපේ නිදහසේ අර්ථ දැක්වීමට,
1377
01:31:28,250 --> 01:31:31,219
ඒ වගේම මම යටත් විජිතවල
ස්වභාවය සහ හැසිරීම ගැන
1378
01:31:31,319 --> 01:31:33,722
හොඳටම දන්න නිසා,
1379
01:31:33,822 --> 01:31:35,691
මහාද්වීපික කොංග්‍රසය
මාව තෝරගෙන තියෙනවා
1380
01:31:35,791 --> 01:31:38,193
ඒගොල්ලෝ වෙනුවෙන් පෙනී ඉන්න.
1381
01:31:38,293 --> 01:31:41,129
මම අනිද්දා ලන්ඩන්වලට
නැව් නගිනවා.
1382
01:31:42,798 --> 01:31:45,067
ඒ නිදහස වෙනුවෙන්
ලේ හැලෙයි,
1383
01:31:47,803 --> 01:31:49,738
ඒත් ඒ සීනුවෙන් ප්‍රකාශ කරපු නිදහස වෙනුවෙන්
1384
01:31:50,438 --> 01:31:52,875
දැනටමත් ලේ හැලිලා තියෙනවා.
1385
01:31:55,210 --> 01:31:57,512
මගේ යාච්ඤා ඔයා එක්ක තියෙයි.
1386
01:32:00,849 --> 01:32:01,784
යාච්ඤා?
1387
01:32:05,888 --> 01:32:10,292
දුර ඉන්න දෙවියෙකුට කරන කන්නලව්වකින්
මේ ප්‍රශ්න විසඳන්න බෑ.
1388
01:32:12,394 --> 01:32:15,330
මම හිතන්නේ යාච්ඤාවට වඩා
ගොඩක් දේවල් ඕනේ වෙයි.
1389
01:32:17,465 --> 01:32:18,734
එහෙනම් එච්චරද?
1390
01:32:19,802 --> 01:32:21,970
දුර ඉන්න දෙවියෙක්
1391
01:32:22,070 --> 01:32:24,006
මිනිස්සුන්ගේ වැඩවලට
මැදිහත් වෙන්නේ නැති?
1392
01:32:24,607 --> 01:32:27,743
නෑ, මට හොඳටම විශ්වාසයි
උන්වහන්සේ කවදාවත් මැදිහත් වුණේ නෑ කියලා
1393
01:32:27,843 --> 01:32:29,177
මගේ වැඩවලට.
1394
01:32:32,180 --> 01:32:33,882
මගේ පාපොච්චාරණයෙන් ඔයා පුදුම වුණාද?
1395
01:32:37,452 --> 01:32:38,386
නෑ.
1396
01:32:40,022 --> 01:32:42,090
ඔයාගේ ගුණධර්ම ගැන තියෙන අදහසින් පුදුම වුණා.
1397
01:32:42,991 --> 01:32:44,259
මොකක්ද කිව්වේ?
1398
01:32:45,828 --> 01:32:48,196
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන
ඔයා මොකද හිතන්නේ?
1399
01:32:49,564 --> 01:32:51,767
මම උන්වහන්සේගෙන් ගොඩක් දේවල් ලබාගත්තා.
1400
01:32:51,867 --> 01:32:54,402
තව කොච්චර කල්
ඔයාගේ ඔය විහිළු පිටිපස්සේ හැංගිලා
1401
01:32:54,502 --> 01:32:56,471
ඇත්ත සැහැල්ලුවට ගන්නවද?
1402
01:32:56,571 --> 01:32:58,440
ආයෙත් නෙවෙයි. දැන් බෑ.
1403
01:32:58,540 --> 01:33:02,144
බෙන්, අපේ කාලය අඩු වෙනවා.
1404
01:33:02,244 --> 01:33:04,279
විනිශ්චය දවසක් එනවා
1405
01:33:04,379 --> 01:33:07,149
හැමෝම ස්වාමීන් වහන්සේ ඉස්සරහා
හිටගන්න වෙන,
1406
01:33:07,249 --> 01:33:10,653
එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ
කෙරෙහි තියෙන විශ්වාසය විතරයි,
1407
01:33:10,753 --> 01:33:12,988
ඔයාගේ විහිළු නෙවෙයි, ඔයාව බේරගන්නේ.
1408
01:33:13,588 --> 01:33:15,791
මගේ සදාකාලික සතුට වෙනුවෙන්
ඔයා නිතරම කරන ප්‍රාර්ථනා
1409
01:33:15,891 --> 01:33:17,492
- ගොඩක් වටිනවා ඒත්--
- මේක ඔයාගේ ජීවිතේ,
1410
01:33:17,592 --> 01:33:18,794
බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්,
1411
01:33:18,894 --> 01:33:20,863
අවදානමේ තියෙන්නේ ඔයාගේ සදාකාලික ජීවිතේ
1412
01:33:20,963 --> 01:33:23,298
ඒකයි මම ඔයාට කන්නලව් කරන්නේ
ශුභාරංචියේ ඇත්ත ගැන
1413
01:33:23,398 --> 01:33:24,366
හිතලා බලන්න කියලා.
1414
01:33:24,466 --> 01:33:26,669
මම විශ්වාසයට වඩා සාක්ෂි තෝරගන්නවා.
1415
01:33:26,769 --> 01:33:28,336
සාක්ෂි?
1416
01:33:28,436 --> 01:33:30,172
ඔයාට තව කොච්චර ඕනෙද?
1417
01:33:31,306 --> 01:33:33,108
දැන් අවුරුදු 30ක ඉඳන්,
1418
01:33:33,208 --> 01:33:35,377
මේ යටත් විජිත දැකපු ලොකුම පිබිදීම
ඔයා ප්‍රවර්ධනය කළා.
1419
01:33:35,477 --> 01:33:38,714
මේ යටත් විජිත දැකපු ලොකුම පිබිදීම
ඔයා ප්‍රවර්ධනය කළා.
1420
01:33:38,814 --> 01:33:42,918
ඒක මමවත් වෙස්ලිලාවත්
ජොනතන් එඩ්වර්ඩ්ස්වත් නෙවෙයි.
1421
01:33:43,652 --> 01:33:46,154
ඒක අපේ බලවත්ම යාළුවාගේ
මැදිහත් වීමක්.
1422
01:33:46,254 --> 01:33:48,556
මම කවදාවත් ඔයාව වෙනස් කරන්න
උත්සාහ කරලා නෑ,
1423
01:33:48,657 --> 01:33:50,125
ඒ වගේම මම ගොඩක්
අගය කරනවා
1424
01:33:50,225 --> 01:33:52,194
ඔයා මාව වෙනස් කරන්න හදන එක
නැවැත්තුවොත්.
1425
01:33:52,294 --> 01:33:55,463
මට තේරෙන්නේ නෑ
කොහොමද දහස් ගාණක් නාඳුනන මිනිස්සු
1426
01:33:55,563 --> 01:33:58,200
මේ ඇත්ත ඇහෙනකොට
උණු වෙන්නේ කියලා,
1427
01:33:58,300 --> 01:34:03,305
ඒත් ඔයා, මගේ ආදරණීය යාළුවා,
ඇයි මට ඔයාට ඒක තේරුම් කරන්න බැරි?
1428
01:34:03,405 --> 01:34:05,007
මොකද මම ඒ ඔක්කොම කලින් අහලා තියෙනවා
1429
01:34:05,107 --> 01:34:07,342
ඒ වගේම ඒ ඔක්කොම කලින් දැකලා තියෙනවා,
ජෝර්ජ්.
1430
01:34:11,279 --> 01:34:14,182
පියුරිටන් තාත්තා කෙනෙකුගේ
10 වෙනි පුතා විදිහට ඉපදිලා,
1431
01:34:15,117 --> 01:34:18,520
පල්ලියේ සේවය වෙනුවෙන්
එයාගේ ශුද්ධ වූ දසයෙන් පංගුව විදිහට වෙන් කළා.
1432
01:34:19,688 --> 01:34:21,857
එයාට ඕනේ වුණේ මම දේශකයෙක් වෙනවට.
1433
01:34:21,957 --> 01:34:22,925
මම!
1434
01:34:23,658 --> 01:34:28,030
ඒත් ආත්ම 50ක් ගියත්
මම කවදාවත් සම්බන්ධ වෙන්නේ නෑ
1435
01:34:28,130 --> 01:34:32,067
මගේ තාත්තාගේ අර ඒකාධිපති,
කුහක පූජකයන් එක්ක,
1436
01:34:32,167 --> 01:34:33,736
ඒගොල්ලෝ ගොඩක් වෙලා
යාච්ඤා කරන්න ගත කළා
1437
01:34:33,836 --> 01:34:35,537
ඒ වගේම හොඳ දේවල් කරන්න
ගත කළේ ගොඩක් පොඩි වෙලාවක්.
1438
01:34:37,139 --> 01:34:38,941
භක්තිමත් සහ පූර්ණ දේවවාදියෙක් විදිහට,
1439
01:34:39,041 --> 01:34:41,543
මේ නගරේ මිනිස්සුන්ගේ ජීවිත හොඳ කරන්න
මම ගොඩක් හොඳ දේවල් කරලා තියෙනවා
1440
01:34:41,643 --> 01:34:44,713
අර ඔක්කොම පූජකයෝ
එකතු වෙලා කරපු දේවල්වලට වඩා.
1441
01:34:44,813 --> 01:34:46,749
මම දෙවියෙක්ව විශ්වාස කරනවා,
1442
01:34:47,382 --> 01:34:50,719
ඒත් මම විශ්වාස කරනවා උන්වහන්සේ අපිට
අයිතිවාසිකම්, සම්පත්,
1443
01:34:50,819 --> 01:34:53,221
සහ හොඳ දේවල් කරන්න හේතු දීලා තියෙනවා කියලා,
1444
01:34:53,321 --> 01:34:54,957
ඒ වගේම දැන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා
අපි ඒවා කරයිද කියලා බලන්න.
1445
01:34:55,057 --> 01:34:57,760
හොඳ දේවල් කරන එක විතරක් මදි, බෙන්.
1446
01:34:57,860 --> 01:34:59,795
දෙවියන්ව විශ්වාස කරන එක
විතරක් මදි.
1447
01:34:59,895 --> 01:35:01,964
යක්ෂයා වුණත් දෙවියන්ව විශ්වාස කරනවා.
1448
01:35:02,898 --> 01:35:06,969
හැමදේම,
හැමදේම තීරණය වෙන්නේ
1449
01:35:07,069 --> 01:35:09,271
ඔයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැන
මොකද හිතන්නේ කියන එක මත.
1450
01:35:11,673 --> 01:35:12,574
මට කියන්න,
1451
01:35:14,476 --> 01:35:18,146
ඔය අලුත් උපත අත්දකින්නේ නැතුව
මට මොනවද අඩු වෙලා තියෙන්නේ?
1452
01:35:18,246 --> 01:35:19,181
හ්ම්?
1453
01:35:19,882 --> 01:35:22,117
අශ්වයෙක් පිටේ මගේ ජීවිතේ
ගත කරන එකද,
1454
01:35:22,985 --> 01:35:27,055
ගල්වලින්, ගොමවලින්,
සහ මැරුණු සත්තුන්ගෙන් ගුටි කන එකද.
1455
01:35:28,256 --> 01:35:29,291
බිම නිදාගන්න එකද
1456
01:35:29,391 --> 01:35:31,894
නැත්නම් හැමදාම රෑට නාඳුනන කෙනෙකුගේ
බිමක නිදාගන්න එකද,
1457
01:35:34,062 --> 01:35:36,431
තරහ ගිය සෙනඟකගේ
අත්වලට අහුවෙන එකද
1458
01:35:36,531 --> 01:35:37,665
ඒ වගේම ඉක්මන් මරණයක්ද?
1459
01:35:39,434 --> 01:35:44,773
ඔයාට සල්ලි නෑ, පවුලක් නෑ,
සෞඛ්‍යය පිරිහෙනවා,
1460
01:35:45,874 --> 01:35:48,310
ඔයාගේ අනාථ නිවාසයත් කඩා වැටෙනවා.
1461
01:35:48,410 --> 01:35:50,612
මගේ අනාථ නිවාසය
දැන් කඩා වැටෙන්නේ නෑ
1462
01:35:51,513 --> 01:35:52,680
දෙවියන්ගේ කරුණාවෙන්.
1463
01:35:53,882 --> 01:35:56,684
දෙවියන්ගේ කරුණාවෙන්ද
නැත්නම් ඒක පවත්වාගෙන යන්න
1464
01:35:56,785 --> 01:35:57,953
වහල් සේවය පාවිච්චි කරන නිසාද?
1465
01:36:18,974 --> 01:36:20,542
ඒක තමයි තිබුණු එකම විදිහ.
1466
01:36:22,377 --> 01:36:26,314
අපි මැදිහත් වුණේ නැත්නම්
ඒ අනාථයෝ
1467
01:36:26,414 --> 01:36:28,216
පාරට වැටෙනවා--
1468
01:36:28,316 --> 01:36:29,985
ඒකද දේව කැමැත්ත?
1469
01:36:31,419 --> 01:36:34,990
ඒකද දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ
වැඩවලට මැදිහත් වෙනවා කියන්නේ?
1470
01:36:36,758 --> 01:36:38,226
ඔයා ඒ අනාථ නිවාසය
රූපයක් කරගෙන
1471
01:36:38,326 --> 01:36:39,895
ඔයාගේ නමට කැළලක් කරගෙන.
1472
01:36:41,129 --> 01:36:45,067
ඕ, හරිම පුදුමයි,
වහලුන්ගේ පිට උඩ ඉඳගෙන
1473
01:36:45,167 --> 01:36:46,869
නිදහස ප්‍රකාශ කරන එක.
1474
01:36:46,969 --> 01:36:48,636
එහෙනම් වයිට්ෆීල්ඩ් කියන නම
විනාශ කරලා දාන්න
1475
01:36:49,437 --> 01:36:51,473
ඒකෙන් ක්‍රිස්තුස් වහන්සේගේ නම
ඉතුරු වෙනවා නම්.
1476
01:36:52,507 --> 01:36:55,911
මගේ වැරදි පිරුණු ජීවිතය මත
ඔයාගේ විශ්වාසය තියන්න එපා.
1477
01:36:57,112 --> 01:36:58,813
ඔයාගේ විශ්වාසය තියන්න එපා
1478
01:36:58,914 --> 01:37:01,016
ඔයාගේ තාත්තාගේ
ඒ සීතල ආගම මත.
1479
01:37:02,584 --> 01:37:06,754
උන්වහන්සේ ලී කුරුසයක් උඩ කරපු දේ මත
ඔයාගේ විශ්වාසය තියන්න.
1480
01:37:07,622 --> 01:37:09,591
ජෝර්ජ්?
1481
01:37:12,127 --> 01:37:13,929
ජෝර්ජි, මොකද?
1482
01:37:15,330 --> 01:37:16,264
ජෝර්ජි.
1483
01:38:13,421 --> 01:38:14,656
ඒගොල්ලෝ මම එනකල් බලන් ඉන්නවා.
1484
01:38:18,093 --> 01:38:20,095
ඔයාට දැන් දේශනා කරනවට වඩා
නිදාගන්න එක තමයි හොඳ.
1485
01:38:21,896 --> 01:38:23,198
මම දේශනා කරන්නම ඕනේ.
1486
01:38:24,099 --> 01:38:26,401
මැරෙන්න ඉන්න මනුස්සයෙක්...
1487
01:38:27,669 --> 01:38:28,736
මැරෙන මිනිස්සුන්ට.
1488
01:38:43,385 --> 01:38:44,352
ජෝර්ජි.
1489
01:38:54,896 --> 01:39:00,668
* අප කෙරෙහි නැගී එන්න, මහිමයේ රජුනි *
1490
01:39:00,768 --> 01:39:07,775
* ඇවිත් අද අපිව අවදි කරන්න *
1491
01:39:35,970 --> 01:39:39,341
මගේ වැරදි පිරුණු ජීවිතය මත
ඔයාගේ විශ්වාසය තියන්න එපා.
1492
01:39:43,245 --> 01:39:44,912
ඔයාගේ විශ්වාසය තියන්න එපා
1493
01:39:45,013 --> 01:39:47,282
ඔයාගේ තාත්තාගේ
ඒ සීතල ආගම මත.
1494
01:39:50,252 --> 01:39:54,522
උන්වහන්සේ ලී කුරුසයක් උඩ කරපු දේ මත
ඔයාගේ විශ්වාසය තියන්න.
1495
01:40:03,798 --> 01:40:05,400
නෑ!
1496
01:40:05,500 --> 01:40:08,536
ඒ තමයි ශ්‍රේෂ්ඨ සහ බිහිසුණු
1497
01:40:08,636 --> 01:40:11,573
පූජ්‍ය ජෝර්ජ් ප්‍රීච්ෆීල්ඩ්!
1498
01:40:53,681 --> 01:40:54,982
අද්මිරාල් හෝව්,
1499
01:40:56,651 --> 01:40:58,786
ඔයා මේ මිනිස්සුන්ගේ හදවත දන්නේ නෑ.
1500
01:40:59,487 --> 01:41:02,390
ඒගොල්ලෝ ශක්තිමත්,
ස්වාධීන අදහස් තියෙන ජාතියක්.
1501
01:41:03,691 --> 01:41:07,529
සදාචාරාත්මක, ස්වයං පාලනයක් තියෙන,
ඒගොල්ලෝ දැන් අවදි වෙලා ඉන්නේ.
1502
01:41:08,496 --> 01:41:09,597
අවදි වෙලා?
1503
01:41:12,234 --> 01:41:13,168
කොහොමද?
1504
01:41:14,336 --> 01:41:16,604
ඒගොල්ලෝ විශ්වාස කරනවා
තමන් ඇතුළේ ඉන්න ඒකාධිපතියා එක්ක
1505
01:41:16,704 --> 01:41:18,973
ගනුදෙනු බේරගත්තට පස්සේ,
1506
01:41:19,073 --> 01:41:22,577
දැන් එයාලට ඇස් තියෙනවා මුහුදෙන් එහා ඉන්න
ඒකාධිපතියාව දකින්න.
1507
01:41:22,677 --> 01:41:24,112
ඕ, එහෙමද?
1508
01:41:24,212 --> 01:41:26,114
ඕ, ඉතින් ඒගොල්ලන්ට හිතුණද
ඔයාව එවන්න ඕනේ කියලා
1509
01:41:26,214 --> 01:41:28,916
මුහුදෙන් එහා ඉන්න මේ ඒකාධිපතියාට
බනින්න?
1510
01:41:30,352 --> 01:41:32,154
මම හිතුවා ඔයාගේ ඔය
ශක්තිමත් යටත් විජිතවාසීන්
1511
01:41:32,254 --> 01:41:35,290
අඩුම තරමේ ඔයාට සවලක් හරි පොරවක් හරි
දීලා එවයි කියලා
1512
01:41:35,390 --> 01:41:36,424
ඔය වගේ ඒකාධිපතියෙකුට මුහුණ දෙන්න.
1513
01:41:37,592 --> 01:41:40,362
සමහරවිට ගල් පටියකුයි
සුමට ගල් කෑලි කිහිපයකුයි
1514
01:41:40,462 --> 01:41:42,096
විතරක් ඇති වෙයි.
1515
01:41:46,201 --> 01:41:49,571
ඔයා දන්නවද මගේ එක නැවක විතරක්
මිනිස්සු කොච්චර ඉන්නවද කියලා?
1516
01:41:51,973 --> 01:41:53,074
800ක්.
1517
01:41:54,276 --> 01:41:57,379
මගේ රාජකීය නාවික හමුදාවට
නැව් 250කට වඩා තියෙනවා.
1518
01:41:57,479 --> 01:41:59,614
ඒ වගේම ඔයා ගණන් හදන්න
දක්ෂයෙක්නේ.
1519
01:41:59,714 --> 01:42:01,816
ඔයාට සුමට ගල් කෑලි කිහිපයකට වඩා
දේවල් ඕනේ වෙයි,
1520
01:42:01,916 --> 01:42:02,950
ඩොක්ටර් ෆ්‍රෑන්ක්ලින්.
1521
01:42:04,986 --> 01:42:07,889
මේක යුද්ධයක් දක්වා
දුරදිග ගෙනියන්න ඕනේ නෑ.
1522
01:42:07,989 --> 01:42:09,957
ඕ, මම දන්නේ නෑ.
1523
01:42:10,057 --> 01:42:13,295
ඔයාගේ පුංචි පත්තරේට
නියම කතාවක් වෙයි.
1524
01:42:13,395 --> 01:42:15,763
ගල් පටි සහ ගල් ගත්ත ගොවියෝ
1525
01:42:15,863 --> 01:42:18,333
ලෝකේ තියෙන බලවත්ම හමුදාවට
එරෙහිව.
1526
01:42:18,433 --> 01:42:20,235
ඒක හොඳ පුංචි යුද්ධයක් වෙයි.
1527
01:42:20,335 --> 01:42:23,938
කෙටි කාලයක් තියෙයි, ඒත්...
උද්යෝගිමත් වෙයි.
1528
01:42:24,706 --> 01:42:28,443
කවදාවත් හොඳ යුද්ධයක් තිබුණේ නෑ,
නරක සාමයක් තිබුණෙත් නෑ.
1529
01:42:28,543 --> 01:42:30,144
එහෙනම් මම යෝජනා කරනවා
ඔයාට කරන්න බැරි තර්ජන
1530
01:42:30,245 --> 01:42:32,046
කරන එකෙන් වළකින්න කියලා?
1531
01:42:32,947 --> 01:42:36,050
අපි රජතුමාට පුළුවන් තරම්
පෙත්සම් යැව්වා.
1532
01:42:37,118 --> 01:42:39,421
අපි යටත් විජිත ඇතුළේ ඉන්න
රාජකීය ආණ්ඩුකාරවරුන්ට ආයාචනා කළා,
1533
01:42:39,521 --> 01:42:40,955
කිසිම පලක් වුණේ නෑ.
1534
01:42:41,055 --> 01:42:43,258
අපි වෙළඳ ගිවිසුම්වලට, බදු ගෙවීම්වලට,
සහ පාලනයට
1535
01:42:43,358 --> 01:42:45,159
සම්බන්ධ වෙන්න බැලුවා,
1536
01:42:45,260 --> 01:42:47,495
රජතුමාගෙන් කිසිම
උත්තරයක්වත් නැතුව.
1537
01:42:47,595 --> 01:42:49,264
හොඳයි, රජතුමාට
ඊට වඩා ගොඩක් ලොකු ප්‍රශ්න තියෙනවා
1538
01:42:49,364 --> 01:42:52,267
අවධානය ඉල්ලලා අඬන දුර ඉන්න
කුණු වැඩ කරන කම්කරුවන්ට වඩා.
1539
01:42:52,367 --> 01:42:55,870
අද්මිරාල් හෝව්, ඔය සාගරයෙන් එහා,
1540
01:42:55,970 --> 01:42:58,072
ඇමරිකානුවන්ගේ
මුළු පරම්පරාවක්ම
1541
01:42:58,172 --> 01:42:59,907
අවදි වෙලා ඉන්නේ මේක විශ්වාස කරන්න
1542
01:43:00,007 --> 01:43:03,611
නිදහස කියන්නේ රජෙක් එයාලට දෙන
තෑග්ගක් නෙවෙයි,
1543
01:43:03,711 --> 01:43:06,113
දෙවියන් වහන්සේ එයාලට දීපු
අයිතිවාසිකමක් කියලා.
1544
01:43:07,315 --> 01:43:08,350
දෙවියන් වහන්සේ?
1545
01:43:09,484 --> 01:43:10,952
හ්ම්.
1546
01:43:11,052 --> 01:43:12,287
හොඳයි, සමහරවිට මම ඔයාගේ ඔය
1547
01:43:12,387 --> 01:43:15,290
පුදුම සහගත ආගමික ස්වරයට
ගැළපෙන්න කතා කළොත්,
1548
01:43:15,390 --> 01:43:18,125
ඔයාට තේරෙයි.
1549
01:43:18,226 --> 01:43:22,129
නිරපරාදේ සල්ලි නාස්ති කරපු පුතාට එයාගේ උරුමය
කලින්ම හම්බවුණාම,
1550
01:43:22,230 --> 01:43:25,233
එයත් හිතුවා එයාට අලුතෙන් හම්බවුණු නිදහස
පාලනය කරන්න පුළුවන් කියලා.
1551
01:43:26,501 --> 01:43:28,636
එයා ලැජ්ජාසහගත විදිහට රැවටුණා.
1552
01:43:28,736 --> 01:43:31,306
එයා ඒක නාස්ති කරලා දාලා
ආයෙත් බඩගාගෙන තාත්තා ළඟට ආවා
1553
01:43:31,406 --> 01:43:34,542
හිස් අත් දෙකෙන්
සහ හිස් බඩෙන්.
1554
01:43:34,642 --> 01:43:36,944
ඔයාලා ඇමරිකානුවොත්
හරියටම ඒ වගේ තමයි.
1555
01:43:37,512 --> 01:43:40,014
නිදහස පාලනය කරන්න
කිසිම හැකියාවක් නෑ.
1556
01:43:40,715 --> 01:43:43,451
ගුණවත් මිනිස්සුන්ට
නිදහස පාලනය කරන්න පුළුවන්.
1557
01:43:46,588 --> 01:43:49,891
ඕ, ඒ වගේම ඔයා, ආදර්ශමත් පුරවැසියෙක් විදිහට.
1558
01:43:49,991 --> 01:43:51,726
ෆ්‍රෑන්ක්ලින් නෝනා හිතයිද ඔයාවයි
1559
01:43:51,826 --> 01:43:54,329
ඊයේ රෑ ආපු
රඟහලේ අමුත්තාවයි ගුණවත් කියලා?
1560
01:43:56,063 --> 01:43:57,899
ඕ, ඩොක්ටර් ෆ්‍රෑන්ක්ලින්,
1561
01:43:57,999 --> 01:44:00,568
මම ඔයාට මතක් කරන්න ඕනෙද
සියවසකට වැඩි කාලයක් තිස්සේ,
1562
01:44:00,668 --> 01:44:03,738
අපේ රජවරු එයාලගේ දුප්පතුන්ගේ නිවාස
හිස් කළේ
1563
01:44:03,838 --> 01:44:06,341
ඒ වගේම අපේ පාරවල්වල ඉන්න
රස්තියාදුකාරයෝ අයින් කළේ
1564
01:44:06,441 --> 01:44:08,376
ඒගොල්ලන්ව ඔයාලගේ යටත් විජිතවලට
යවලා කියලා?
1565
01:44:09,744 --> 01:44:13,748
ඉතින් දැන් ඔයා හිතනවා
මේ ගිවිසුම්ගත සේවකයින්ට
1566
01:44:13,848 --> 01:44:15,149
ස්වයං පාලනයක් කරන්න පුළුවන් කියලා?
1567
01:44:21,723 --> 01:44:23,358
ඔයා දන්නවා ඔයා ඉන්නේ
ඔයා නියෝජනය කරන ඔය මීයෝ ඉන්න
1568
01:44:23,458 --> 01:44:25,860
මට්ටමේම නෙවෙයි කියලා.
1569
01:44:25,960 --> 01:44:28,796
බ්‍රිතාන්‍ය සමාජය ඔයාට
ගොඩක් කැමතියි
1570
01:44:28,896 --> 01:44:31,833
ඒ වගේම එයාලා හිතනවා ඔයා
හරිම විනෝදකාමී කෙනෙක් කියලා.
1571
01:44:31,933 --> 01:44:33,134
ඔයා ඔය ස්වාධීන ආණ්ඩුවක් ගැන තියෙන
1572
01:44:33,234 --> 01:44:35,102
අදහස
අතහැරියොත්,
1573
01:44:35,202 --> 01:44:37,104
රජතුමාගෙන් ඔයාට
ලොකු තෑග්ගක් ලැබෙයි.
1574
01:44:38,139 --> 01:44:39,307
මාව සල්ලිවලට ගන්න බෑ.
1575
01:44:39,407 --> 01:44:41,409
අපි නැතුව ඔයාලා
අතරමඟ මැරිලා යයි!
1576
01:44:49,250 --> 01:44:50,818
බාධා කළාට
සමාවෙන්න, අද්මිරාල්.
1577
01:44:50,918 --> 01:44:53,455
මට දැන් යටත් විජිතවලින්
ආරංචියක් ආවා.
1578
01:44:53,555 --> 01:44:57,459
හ්ම්, ඒගොල්ලෝ තව සවල්, නගුල්,
සහ ගල් ඉල්ලනවද?
1579
01:44:58,192 --> 01:44:59,661
පූජ්‍ය ජෝර්ජ් වයිට්ෆීල්ඩ්
මැරිලා...
1580
01:44:59,761 --> 01:45:01,963
...මැසචුසෙට්ස්වල
නිව්බරිපෝර්ට්වලදී.
1581
01:45:02,063 --> 01:45:04,131
එංගලන්තයේ සහ ඒකේ යටත් විජිතවල
යාළුවෙක් විදිහට,
1582
01:45:04,231 --> 01:45:06,000
කොන්සල් කාර්යාලය හිතුවා
ඔයාලා දෙන්නම මේක දැනගන්න ඕනේ කියලා.
1583
01:45:08,903 --> 01:45:09,804
එච්චරද?
1584
01:45:09,904 --> 01:45:10,805
ඔව්, සර්.
1585
01:45:18,513 --> 01:45:20,915
අතරමඟ මැරෙනවා කියපු එක ගැන කතා කරනකොට,
1586
01:45:21,015 --> 01:45:22,817
එයා තරමක් තරුණයි නේද?
1587
01:45:27,121 --> 01:45:28,423
ඔයා එයාව අඳුරනවාද?
1588
01:45:31,426 --> 01:45:32,360
හොඳයි,
1589
01:45:33,160 --> 01:45:37,198
ඔයාගේ යටත් විජිතවල
පිබිදීමක් තිබුණා, ඩොක්ටර් ෆ්‍රෑන්ක්ලින්.
1590
01:45:37,298 --> 01:45:39,767
දැන්, ඒගොල්ලන්ට ඒකේ
ප්‍රතිඵල භුක්ති විඳින්න වෙලාව ඇවිල්ලා.
1591
01:45:43,771 --> 01:45:44,839
චෙක්මේට්.
1592
01:47:22,069 --> 01:47:23,270
ඔයා කොහෙද යන්නේ?
1593
01:47:27,441 --> 01:47:28,876
සීයේ, ඔයා මොකද කරන්නේ?
1594
01:47:28,976 --> 01:47:30,011
කුණාටුව ඇවිල්ලා!
1595
01:47:30,878 --> 01:47:32,614
මේක භයානකයි!
1596
01:47:38,052 --> 01:47:39,954
සීයේ, මේක දාගන්න!
1597
01:47:40,988 --> 01:47:42,023
සීයේ!
1598
01:48:18,593 --> 01:48:20,327
එතකොට කවුද මූලාශ්‍රය, බෙන්?
1599
01:48:30,104 --> 01:48:31,539
පත්තර ටික අච්චු ගහන්න, බෙනී.
1600
01:48:33,374 --> 01:48:34,809
මට දෙයක් කියන්න තියෙනවා.
1601
01:49:40,708 --> 01:49:41,609
සීයේ,
1602
01:49:42,777 --> 01:49:43,911
ඔයා කැමතිද මේක කරන්න?
1603
01:50:28,589 --> 01:50:29,590
සීයේ...
1604
01:50:31,826 --> 01:50:33,327
ඇයි ඔයා මේක
මට කලින් කිව්වේ නැත්තේ...
1605
01:50:34,261 --> 01:50:35,797
වයිට්ෆීල්ඩ්ගේ කතාව?
1606
01:50:37,164 --> 01:50:39,000
මම...
1607
01:50:40,434 --> 01:50:42,136
මම හිතුවේ නෑ මම ඒක කියන්න ඕනේ කියලා.
1608
01:50:45,740 --> 01:50:46,808
ඔයා කියන්න ඕනේ.
1609
01:51:19,974 --> 01:51:23,210
එක පුංචි ඉටිපන්දමකින්
දාහක් එළිය කරනවා.
1610
01:51:59,881 --> 01:52:00,848
සභාව නිශ්ශබ්ද වෙන්න!
1611
01:52:02,049 --> 01:52:03,150
සභාව නිශ්ශබ්ද වෙන්න!
1612
01:52:04,685 --> 01:52:07,154
කරුණාකරලා කතා කරන්න, රීඩ් මහත්තයා.
1613
01:52:07,254 --> 01:52:10,391
ප්‍රාන්ත මේ සම්මේලනය හැදුවේ 1776දී
1614
01:52:10,491 --> 01:52:12,626
සමාන කොන්දේසි යටතේ.
1615
01:52:12,726 --> 01:52:14,395
ප්‍රාන්ත සමාන වෙනකොට,
1616
01:52:14,495 --> 01:52:16,898
සමාන බලපෑමක් වගේම
සමාන ඡන්ද තියෙන්න ඕනේ.
1617
01:52:16,998 --> 01:52:18,465
- ඔව්!
- ඒත්...
1618
01:52:18,565 --> 01:52:22,069
මේ සම්මේලනයෙන් ලොකු ප්‍රාන්තවලට
වැඩි ඡන්ද දුන්නොත්
1619
01:52:22,169 --> 01:52:23,404
පොඩි ප්‍රාන්තවලට වඩා,
1620
01:52:23,504 --> 01:52:26,407
ලොකු ප්‍රාන්ත ඉබේම එකතු වෙලා
1621
01:52:26,507 --> 01:52:28,575
පොඩි ප්‍රාන්තවලට
ඒකාධිපතිත්වයක් ගෙනෙයි.
1622
01:52:28,675 --> 01:52:30,144
- අන්න හරි!
- කොහේවත්
1623
01:52:30,244 --> 01:52:32,446
මිනිසුන්ගේ හරි ජාතීන්ගේ හරි ඉතිහාසයේ
1624
01:52:32,546 --> 01:52:35,316
ඔය වගේ දෙයක් වෙලා නෑ,
රීඩ් මහත්තයා.
1625
01:52:35,416 --> 01:52:37,785
කාර්තේජ් සහ රෝමය
එකිනෙකාව කෑලිවලට ඉරාගත්තා
1626
01:52:37,885 --> 01:52:40,454
දුර්වල ජාතීන්ව විනාශ කරන්න
එයාලගේ බලය එකතු කරනවා වෙනුවට
1627
01:52:40,554 --> 01:52:41,823
මේ ලෝකේ.
1628
01:52:41,923 --> 01:52:43,858
ස්පාටා, ඇතන්ස් සහ තීබ්ස්
1629
01:52:43,958 --> 01:52:46,193
කවදාවත් එකතු වුණේ නෑ
අසල්වැසියන්ව යටපත් කරන්න.
1630
01:52:46,293 --> 01:52:49,630
ඒ වෙනුවට එයාලා තරඟකාරයෝ වුණා,
එකිනෙකා එක්ක සටන් කළා.
1631
01:52:50,865 --> 01:52:53,000
අරාජිකත්වය සහ අසමගිය
අපිව බලාපොරොත්තුවෙන් ඉන්නවා
1632
01:52:53,100 --> 01:52:56,270
අපි මධ්‍යම පාලනයක් යටතේ
එකතු වුණේ නැත්නම්.
1633
01:52:58,139 --> 01:53:01,775
මිනිස්සු හරි ජාතීන් හරි
ශක්තිමත් වගේම සමාන වෙනකොට,
1634
01:53:01,876 --> 01:53:03,845
එයාලා තරඟකාරයෝ වෙනවා.
1635
01:53:03,945 --> 01:53:06,480
ඊර්ෂ්‍යාව එයාලගේ එකමුතුව වළක්වනවා.
1636
01:53:06,580 --> 01:53:08,315
එහෙනම් මේ සම්මේලනයට පුළුවන්
ඉස්සරහට ගිහින්
1637
01:53:08,415 --> 01:53:10,051
දැන්ම මේ එකමුතුව විසුරුවලා දාන්න.
1638
01:53:12,286 --> 01:53:14,121
කොහොමද ඔයා එහෙම කියන්නේ?
1639
01:53:16,757 --> 01:53:19,026
කොටස් වශයෙන් බෙදුණු සම්මේලන
ඇති වුණොත්,
1640
01:53:19,126 --> 01:53:21,628
එහෙනම් මේසය උඩ තියෙන මේ සැලැස්ම,
මැඩිසන් මහත්තයා.
1641
01:53:24,832 --> 01:53:27,368
සභාව නිශ්ශබ්ද වෙන්න.
1642
01:53:27,468 --> 01:53:28,469
සභාව නිශ්ශබ්ද වෙන්න.
1643
01:53:30,237 --> 01:53:32,006
සභාව පිළිගන්නවා
1644
01:53:33,140 --> 01:53:34,708
ඩොක්ටර් බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ව.
1645
01:53:41,515 --> 01:53:42,816
සභාපතිතුමනි,
1646
01:53:44,285 --> 01:53:46,353
අපි ලබාගෙන තියෙන මේ පොඩි ප්‍රගතිය
1647
01:53:46,453 --> 01:53:49,690
සති හතරක් පහක්
එක දිගට සහභාගී වෙලා
1648
01:53:49,790 --> 01:53:52,493
වගේම එකිනෙකා එක්ක දිගටම
තර්ක කරලා,
1649
01:53:53,294 --> 01:53:56,730
හැම ප්‍රශ්නයකදීම වගේ
අපේ තියෙන වෙනස් අදහස්,
1650
01:53:56,830 --> 01:54:01,002
අන්තිම කිහිපයේදී ඔව් කියන ගානටම
නෑ කියලත් ඇහුණා,
1651
01:54:01,102 --> 01:54:03,704
මම හිතන්නේ ඒක කණගාටුදායක සාක්ෂියක්
1652
01:54:03,804 --> 01:54:06,373
මනුෂ්‍ය අවබෝධයේ තියෙන
අසම්පූර්ණකම ගැන.
1653
01:54:08,342 --> 01:54:12,846
ඇත්තටම අපිට දැනෙනවා අපේම අඩුව
1654
01:54:12,947 --> 01:54:15,116
දේශපාලන ප්‍රඥාව ගැන,
1655
01:54:15,216 --> 01:54:19,220
මොකද අපි ඒක හොයාගෙන
හැමතැනම දිව්වා.
1656
01:54:19,320 --> 01:54:22,356
අපි පරණ ඉතිහාසයටත් ගියා
1657
01:54:22,456 --> 01:54:24,091
ආණ්ඩු ආකෘති හොයාගෙන.
1658
01:54:25,726 --> 01:54:31,732
ඒ වගේම ඒ ජනරජවල
ආකෘති පරීක්ෂා කරලා බැලුවා,
1659
01:54:31,832 --> 01:54:33,767
ඒවා නිර්මාණය වෙලා තිබුණේ
1660
01:54:33,867 --> 01:54:36,003
එයාලගේම විනාශයේ බීජත් එක්ක,
1661
01:54:37,204 --> 01:54:38,906
ඒවා දැන් කොහෙවත් නෑ.
1662
01:54:40,674 --> 01:54:44,711
අපි යුරෝපය පුරාම තියෙන
නවීන රාජ්‍යයන් බැලුවා,
1663
01:54:45,879 --> 01:54:48,382
ඒත් ඒගොල්ලන්ගේ එක ව්‍යවස්ථාවක්වත්
1664
01:54:48,482 --> 01:54:50,584
අපේ තත්ත්වයට ගැළපුණේ නෑ.
1665
01:54:52,019 --> 01:54:55,156
මේ සභාවේ මේ තත්ත්වය යටතේ,
1666
01:54:55,256 --> 01:54:59,994
දේශපාලන ඇත්ත හොයාගෙන
අඳුරේ අතපත ගානවා වගේ
1667
01:55:00,094 --> 01:55:01,996
ඒ වගේම ඒක වෙන් කරලා
අඳුරගන්න බැරුව
1668
01:55:02,096 --> 01:55:03,530
ඒක අපිට ඉදිරිපත් කළාම,
1669
01:55:04,398 --> 01:55:06,733
කොහොමද එහෙම වුණේ, සර්,
1670
01:55:06,833 --> 01:55:10,104
අපි මෙච්චර කල් එක පාරක්වත්
හිතුවේ නැත්තේ
1671
01:55:10,204 --> 01:55:13,240
නිහතමානීව ආලෝකයේ පියාණන්ගෙන්
ඉල්ලන්න
1672
01:55:13,340 --> 01:55:15,376
අපේ අවබෝධය
ආලෝකමත් කරන්න කියලා?
1673
01:55:17,444 --> 01:55:20,014
මහා බ්‍රිතාන්‍යය එක්ක තිබුණු
අරගලයේ මුලදී,
1674
01:55:21,015 --> 01:55:23,517
අපිට අනතුර ගැන තේරෙනකොට,
1675
01:55:23,617 --> 01:55:26,653
අපි හැමදාම මේ කාමරේ යාච්ඤා කළා
1676
01:55:26,753 --> 01:55:28,222
දිව්‍යමය ආරක්ෂාව වෙනුවෙන්.
1677
01:55:29,590 --> 01:55:31,825
අපේ යාච්ඤා, සර්, ඇහුණා,
1678
01:55:31,925 --> 01:55:33,927
ඒ වගේම ඒවට කරුණාවෙන්
උත්තර ලැබුණා.
1679
01:55:36,530 --> 01:55:40,034
මේ අරගලයට සම්බන්ධ වෙලා හිටපු
අපි හැමෝම
1680
01:55:40,968 --> 01:55:44,271
අනිවාර්යයෙන්ම නිතරම දකින්න ඇති
1681
01:55:44,371 --> 01:55:47,274
අපිට වාසි වෙන විදිහට
දෙවියන්ගේ මැදිහත් වීමක්.
1682
01:55:48,976 --> 01:55:50,377
ඒ කාරුණික මැදිහත් වීමට,
1683
01:55:50,477 --> 01:55:54,681
අපි ණයගැතියි සාමකාමීව සාකච්ඡා කරන්න
ලැබුණු මේ අවස්ථාවට
1684
01:55:54,781 --> 01:55:58,919
අපේ අනාගත ජාතික සතුට
ගොඩනගන විදිහ ගැන.
1685
01:56:02,256 --> 01:56:04,258
ඉතින් අපි දැන් අමතක කරලද
1686
01:56:06,127 --> 01:56:07,394
ඒ බලවත් යාළුවාව?
1687
01:56:09,663 --> 01:56:12,633
නැත්නම් අපි හිතනවද අපිට තවත්
උන්වහන්සේගේ උදව් ඕනේ නෑ කියලා?
1688
01:56:15,069 --> 01:56:17,604
මම ගොඩක් කල් ජීවත් වුණා, සර්.
1689
01:56:18,939 --> 01:56:20,741
මම ජීවත් වෙන කාලය වැඩි වෙන්න වැඩි වෙන්න,
1690
01:56:20,841 --> 01:56:24,345
මම මේ ඇත්ත ගැන තවත්
පැහැදිලි සාක්ෂි දැක්කා,
1691
01:56:25,746 --> 01:56:29,016
ඒ තමයි දෙවියන් වහන්සේ මිනිස්සුන්ගේ
වැඩවලට මැදිහත් වෙනවා කියන එක.
1692
01:56:30,851 --> 01:56:33,920
ඒ වගේම ගේකුරුල්ලෙක්ටවත් උන්වහන්සේගේ
අවධානයෙන් තොරව වැටෙන්න බැරි නම්,
1693
01:56:35,822 --> 01:56:39,826
අධිරාජ්‍යයකට උන්වහන්සේගේ උදව් නැතුව
නැගී සිටින්න පුළුවන්ද?
1694
01:56:42,496 --> 01:56:45,432
අපිට සහතික කරලා තියෙනවා, සර්,
ශුද්ධ වූ ලියවිලිවල
1695
01:56:46,600 --> 01:56:49,403
ස්වාමීන් වහන්සේ
ගෙදර හැදුවේ නැත්නම්,
1696
01:56:49,503 --> 01:56:51,372
ඒක හදන අයගේ මහන්සිය
අපතේ යනවා කියලා.
1697
01:56:53,640 --> 01:56:55,176
මම මේක ස්ථිරවම විශ්වාස කරනවා.
1698
01:56:57,044 --> 01:57:00,181
ඒ වගේම මම විශ්වාස කරනවා
උන්වහන්සේගේ උදව්ව නැතුව,
1699
01:57:00,881 --> 01:57:04,118
අපි මේ දේශපාලන ගොඩනැගිල්ල
සාර්ථක කරගන්න එක
1700
01:57:04,218 --> 01:57:06,153
බාබෙල් ගොඩනගපු අයට වඩා
හොඳ වෙන්නේ නෑ කියලා.
1701
01:57:08,522 --> 01:57:12,159
අපි අපේ පුංචි ප්‍රාදේශීය අවශ්‍යතා මත
බෙදිලා යයි,
1702
01:57:13,060 --> 01:57:15,196
අපේ ව්‍යාපෘති
අවුල් වෙලා යයි,
1703
01:57:15,996 --> 01:57:19,866
ඒ වගේම අපිම නින්දාවක්
සහ කතාවක් බවට පත් වෙයි
1704
01:57:19,966 --> 01:57:21,368
අනාගත පරපුරට.
1705
01:57:22,236 --> 01:57:23,370
ඒ වගේම ඊට වඩා නරක දේ,
1706
01:57:24,405 --> 01:57:28,142
මනුෂ්‍ය වර්ගයා මින්පස්සේ මේ
අවාසනාවන්ත සිදුවීම් නිසා,
1707
01:57:28,775 --> 01:57:32,045
මිනිස් ප්‍රඥාව මත ආණ්ඩු
පිහිටුවීම ගැන කලකිරෙයි
1708
01:57:33,080 --> 01:57:38,319
ඒ වගේම ඒක වාසනාවට, යුද්ධයට,
සහ යටත් කරගැනීමට අත්හරියි.
1709
01:57:41,655 --> 01:57:45,226
ඒ නිසා, මම අවසර ඉල්ලනවා
යෝජනා කරන්න
1710
01:57:46,893 --> 01:57:49,330
මින්පස්සේ යාච්ඤා
1711
01:57:50,431 --> 01:57:52,633
ස්වර්ගයේ උදව්
ඉල්ලලා
1712
01:57:52,733 --> 01:57:55,636
ඒ වගේම අපේ සාකච්ඡාවලට
ඒකේ ආශිර්වාදය ඉල්ලලා
1713
01:57:55,736 --> 01:57:58,239
හැම උදේකම මේ සභාවේ
පවත්වන්න
1714
01:57:58,339 --> 01:58:00,441
අපි වැඩ පටන්ගන්න කලින්
1715
01:58:02,509 --> 01:58:06,147
ඒ වගේම මේ නගරයේ පූජකයන්ගෙන්
එක්කෙනෙක් හරි ඊට වැඩි දෙනෙක් හරි
1716
01:58:06,247 --> 01:58:08,582
ඒ සේවය කරන්න කියලා
ඉල්ලන්න.
1717
01:58:23,297 --> 01:58:25,966
මේ වගේ යෝජනාවක්
කොච්චර සුදුසු වුණත්
1718
01:58:26,066 --> 01:58:28,535
මේ සම්මේලනයේ
ආරම්භයේදී,
1719
01:58:30,237 --> 01:58:32,439
මේ පරක්කු වෙච්ච වෙලාවේ මහජනයාට
හිතෙන්න පුළුවන්
1720
01:58:32,539 --> 01:58:34,541
අසමගියේ තියෙන
අපහසුතාවයන්
1721
01:58:34,641 --> 01:58:36,143
සහ සම්මේලනය ඇතුළේ තියෙන
මතභේද නිසා
1722
01:58:36,243 --> 01:58:37,611
මේ පියවර ගත්තා කියලා.
1723
01:58:40,281 --> 01:58:41,682
ඒකෙන් අපිව දුර්වලයි වගේ පෙනෙයි.
1724
01:58:47,454 --> 01:58:51,792
ඒ වගේම මේක මඟහැරෙන්න
ඇත්තම හේතුව
1725
01:58:51,892 --> 01:58:55,462
පූජකයෙකුගේ මූලිකත්වයෙන් කරන යාච්ඤාවක්,
වැරදියට තේරුම් ගන්න එපා.
1726
01:58:56,330 --> 01:59:00,401
මේ සම්මේලනයට අරමුදල් නෑ
පූජකයෙකුට ගෙවන්න.
1727
01:59:02,503 --> 01:59:04,305
මම යෝජනා කරනවා, දෙන්න
1728
01:59:04,405 --> 01:59:06,540
මේ පියවරට
හොඳ පෙනුමක්,
1729
01:59:06,640 --> 01:59:10,244
සම්මේලනයේ ඉල්ලීමක් විදිහට
දේශනාවක් පවත්වන්න කියලා
1730
01:59:10,344 --> 01:59:11,578
ජූලි 4 වෙනිදා
1731
01:59:12,579 --> 01:59:13,914
එදා ඉඳන් ඉස්සරහට
1732
01:59:15,182 --> 01:59:18,018
මේ සම්මේලනය ඇතුළේ
යාච්ඤා පවත්වන්න
1733
01:59:19,753 --> 01:59:20,821
හැම උදේකම.
1734
01:59:21,988 --> 01:59:23,023
ස්ථිර කරනවා.
1735
01:59:27,461 --> 01:59:28,829
අපි ඡන්දයක් ගමුද?
1736
01:59:32,499 --> 01:59:36,069
සභාව කල් තියන නිසා
මම කල් දැමීමක් ඉල්ලනවා.
1737
01:59:36,169 --> 01:59:37,338
ස්ථිර කරනවා.
1738
01:59:41,141 --> 01:59:42,443
ඩොක්ටර් ෆ්‍රෑන්ක්ලින්ගේ නිර්දේශය
1739
01:59:42,543 --> 01:59:44,978
වගේම රැන්ඩොල්ෆ් මහත්තයාගේ
දිනපතා යාච්ඤාවේ යෝජනාව
1740
01:59:45,979 --> 01:59:48,215
සභාව කල් තැබීම නිසා කල් දානවා.
1741
01:59:55,389 --> 01:59:58,191
මම නම්, ජූලි 4 වෙනිදා
සහභාගී වෙනවා,
1742
01:59:59,526 --> 02:00:01,161
යාච්ඤාවේ දවසක් සමරන්න.
1743
02:00:03,630 --> 02:00:05,198
මම සාදරයෙන් පිළිගන්නවා
1744
02:00:05,299 --> 02:00:07,734
ඔයාලා හැමෝටම
1745
02:00:08,869 --> 02:00:09,870
මාත් එක්ක එකතු වෙන්න කියලා.
1746
02:00:12,506 --> 02:00:13,440
සභාව කල් තැබුවා.
1747
02:01:00,321 --> 02:01:03,123
ආලෝකයේ පියාණන්
උන්වහන්සේගේ වචනයෙන් කියනවා,
1748
02:01:03,223 --> 02:01:05,592
"මාගේ නාමයට ගෞරව කරන ඔබට,
1749
02:01:05,692 --> 02:01:07,528
ධර්මිෂ්ඨකමේ සූර්යයා
පායාවි
1750
02:01:07,628 --> 02:01:09,363
ඒකේ පියාපත්වල සුවයත් අරගෙන."
1751
02:01:10,864 --> 02:01:12,466
මගේ යාළුවනේ,
1752
02:01:12,566 --> 02:01:14,034
ඔයාලට නිදහස් වෙන්න ඕනෙද?
1753
02:01:15,369 --> 02:01:17,270
නිදහස තියෙන්නේ උන්වහන්සේ ළඟ විතරයි.
1754
02:01:18,505 --> 02:01:20,441
ඔයාලට ජීවත් වෙන්න ඕනෙද?
1755
02:01:20,541 --> 02:01:22,809
උන්වහන්සේ විතරයි සදාකාලික ජීවනය දෙන්නේ.
1756
02:01:24,545 --> 02:01:27,381
අපේ දෙවියන් වහන්සේගේ
මෘදු දයාව නිසා,
1757
02:01:27,481 --> 02:01:30,183
පායන ඉර ස්වර්ගයේ ඉඳන්
අපි ළඟට එයි
1758
02:01:30,283 --> 02:01:32,453
අඳුරේ ජීවත් වෙන අය වෙනුවෙන්
බබළන්න.
1759
02:01:33,820 --> 02:01:38,158
මම ඔයාලගෙන් ඉල්ලනවා,
මේ වගේ ලොකු තෑග්ගක් ප්‍රතික්ෂේප කරන්න එපා.
1760
02:01:41,061 --> 02:01:42,496
මහා පිබිදීමක් ඇවිල්ලා.
1761
02:01:44,498 --> 02:01:45,966
නිදාගන්න කෙනා, නැගිටින්න!
1762
02:01:47,233 --> 02:01:48,402
අවදි වෙන්න!
1763
02:02:55,736 --> 02:03:02,075
* සාගරවල ඉඳන්,
නිම්න හරහා *
1764
02:03:02,175 --> 02:03:08,749
* ප්‍රධාන භූමියේ ඉඳන්
වෙරළ දක්වා *
1765
02:03:08,849 --> 02:03:15,355
* ඔබගේ රාජ්‍යය
අවදි වේවා *
1766
02:03:15,456 --> 02:03:21,828
* මිනිස්සුන්ගේ හදවත් තුළ
නැවත වතාවක් *
1767
02:03:21,928 --> 02:03:28,569
* ඔබගේ දරුවන්ව
නිදහසට කැඳවන්න *
1768
02:03:28,669 --> 02:03:35,108
* වහල් වෙච්ච ආත්මයන් නිදහසට *
1769
02:03:35,208 --> 02:03:41,648
* ඇවිත් අවදි කරන්න, ශුද්ධාත්මයාණෙනි *
1770
02:03:41,748 --> 02:03:48,755
* ඇවිත් අද අපිව අවදි කරන්න *
1771
02:03:58,398 --> 02:04:04,771
* නිමක් නැති ආදරය,
නොසැලෙන කරුණාව *
1772
02:04:04,871 --> 02:04:11,444
* ඔබගේ සිංහාසනයෙන් එන
මෘදු දයාව *
1773
02:04:11,545 --> 02:04:17,951
* නැති වෙච්ච ආත්මය
පවුල්වලට ගේනවා *
1774
02:04:18,051 --> 02:04:23,990
* නොමඟ ගිය පව්කාරයාව
ගෙදරට කැඳවනවා *
1775
02:04:24,625 --> 02:04:31,064
* ගැලවීම ගේන්න,
ශ්‍රේෂ්ඨ මිදුම්කරුවාණෙනි *
1776
02:04:31,164 --> 02:04:37,671
* ශුද්ධ වූ ගින්න දැල්වෙන්න දෙන්න *
1777
02:04:37,771 --> 02:04:44,244
* ඇවිත් අපිව යථා තත්ත්වයට පත් කරන්න,
ඇවිත් අපිව ප්‍රාණවත් කරන්න *
1778
02:04:44,344 --> 02:04:50,951
* ඇවිත් අද අපිව අවදි කරන්න *
1779
02:05:00,961 --> 02:05:07,333
* මම ඔබට සේවය කරන්නම්,
අගනා ජේසුනි *
1780
02:05:07,433 --> 02:05:13,774
* මගේ හැමදේම මම ඔබට දෙනවා *
1781
02:05:13,874 --> 02:05:20,380
* මගේ අත්
ඔබගේ සේවයට තබනවා *
1782
02:05:20,480 --> 02:05:27,087
* ඒ වගේම මගේ හදවත ඔබගේ කැඳවීමට *
1783
02:05:27,187 --> 02:05:33,560
* හැම ආශාවක්ම විනාශ වෙලා යාවා *
1784
02:05:33,660 --> 02:05:40,233
* හැම ආත්මාර්ථකාමී ලාභයක්ම අත්හරින්න *
1785
02:05:40,333 --> 02:05:46,707
* ඔබගේ මහිමය වෙනුවෙන් ඔක්කොම අත්හරිනවා *
1786
02:05:46,807 --> 02:05:53,814
* ඇවිත් අද අපිව අවදි කරන්න *
1787
02:06:33,720 --> 02:06:40,661
* නිදාගන්න කෙනා,
ඔයාගේ නින්දෙන් අවදි වෙන්න *
1788
02:06:40,761 --> 02:06:47,768
* ශුද්ධවන්තයිනේ අවදි වෙන්න,
ජීවමාන වෙන්න *
1789
02:06:47,868 --> 02:06:55,175
* ක්‍රිස්තුස් වහන්සේ නැගිටලා
ඔයාලා වෙනුවෙන් බබළයි *
1790
02:06:55,275 --> 02:07:02,248
* උන්වහන්සේගේ දිව්‍යමය
ස්වර්ගික ආලෝකයෙන් *
1791
02:07:02,348 --> 02:07:08,855
* ඉර පායනවා වගේ *
1792
02:07:09,656 --> 02:07:16,663
* අලුත් එළියකින්
අඳුර බිඳගෙන *
1793
02:07:16,763 --> 02:07:23,737
* අප කෙරෙහි නැගී එන්න, මහිමයේ රජුනි *
1794
02:07:23,837 --> 02:07:30,143
* ඇවිත් අද අපිව අවදි කරන්න *
1795
02:07:34,514 --> 02:07:38,018
* ඔබගේ රාජ්‍යය වෙනුවෙන් *
1796
02:07:38,118 --> 02:07:43,623
* ඔබගේ මහිමය වෙනුවෙන් *
1797
02:07:45,458 --> 02:07:53,033
* ඇවිත් අපිව අවදි කරන්න *
1798
02:07:53,133 --> 02:07:58,138
* අද! *
1799
02:07:58,162 --> 02:08:10,162
SinhalaSub18.com උපසිරැසි ගැන්විමක්